සිතට සැනසීමක් නෑ කියා සිතෙනවාද.. ප්‍රීතිය සතුට සැනසීම ඈත් වෙමින් පවතිනවාද..
අවට පරිසරයේ කල කෝලාහල, අසමගිකම්, අඟහිඟකම් ඇසෙන්නට ඇසෙන්නට සිත දොම්නසින් පිරී යනවාද..
කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදී නොමැති සිත් අෂ්ඨ ලෝක ධර්මය ඉදිරියේ කම්පනය වීම ස්වභාවිකය. නමුත් අප යථාර්ථයට මුහුණ දි එය අවබෝධ කරගත යුතුය. මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කිරීමට වීර්යය කරන අයට පමණි මේ ලිපිය ගෝචර වන්නේ.
පළමුව අප අවබෝධ කරගත් යුත්තේ මේ සෑම දෙයක්ම අප සසරේ රැඳී සිටිනවානම් මුහුණ දිය යුතු දුක්ඛ සත්‍යයයි. ඇත්තෙන්ම සතර අපා දුක් සමඟ මෙවැනි දුක් සැසඳීමටවත් නොහැකි තරම් සුළු දුක්ය. කන්නට බොන්නට කිසිවක් නැතිව සා පිපාසාවෙන්ම කල්ප ගණන් ගෙවන්නට වන සතර අපායක් ඔබේ හුස්මක් දුරින් බව නිතර මෙනෙහි කරන්න. එවිට මේ ජීවත් වන්නේ සුගතියක බව ඔබට වැටහෙනු ඇත. අත පය හතර නීරෝගීව, ඇස් කන් අවයව හොඳින් ක්‍රියාත්මක වන මිනිස් කයක් ඔබට ඇත්නම්, ධර්මය ඇසේ නම්, නිවනට වීර්යය වඩන ඔබට ක්ෂණ සම්පත්තිය අහිමි වී නොමැති බව තේරුම් ගන්න. කුමන ලෞකික සැපය තිබුණද පලක් වේවිද ඔබට තිසරණය අහිමි නම්.. සියළු ලෞකික සැප සම්පත් තව අවුරුදු කීපයකින් නැත්තටම නැතිවී යන බව ස්ථිරය. නමුත් තිසරණයෙන් ඔබට ලැබෙන ශාන්තිය සැනසීම නිවන් දක්නා තෙක්ම ඔබ පසු පස අත් හැර නොයන සෙවණැල්ල ලෙස පැමිණෙයි.
අතීත සංසාරයේ පටන් අප රැස් කර ගත් කර්ම අප පසු පස ගොනා පසුපස එන කරත්තය සේ පැමිණෙයි. අෂ්ඨ ලෝක ධර්මතාවය කෙරෙහි සිත් අකම්පිතව පවත්වා ගැනීමට අප පුරුදු විය යුතුය. මහ පොළොවේ පස් පරදාලන තරම් ශරීර මාංශ දන් දුන්, අහසේ තරු පරදාලමින් ඇස් දන් දුන්, මහ සයුරේ ජලය පරදාලමින් ලේ දන් දුන්, මහ පොළොව කම්පා කරවමින් වස්තූන් දන් දුන් සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, මාස තුනක් දානය නොලැබී යව හාල් වලින් පමණක් යැපෙන්නට සිදු වුණි නම්... අප වැනි අයට නිරාහාරව සසරේ දුක් විඳින්නට වෙන වාර ගණන් කොපමණ විය හැකිද... මේ අප ගෙවා දමන්නේ අපම රැස් කරගත් කර්මයන්ය.. කවුරු කෙසෙ කීවත් ධර්මය අත්දකිනා ඔබ එය අවබෝධ කරගත යුතුය. අප පිළිගත යුත්තේ අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කළ ධර්මයයි. සසරක් නොදක්නා පෘථග්ජන මිනිසුන් විසින් ගෙන හැර දක්වන තර්ක විතර්ක සර්වඥතා ඥාණය ඉදිරියේ හිස් බොල් කැටය. ජීවිතයට දුක් කරදර එන විට ශාස්තෘන් වහන්සේ එයට මුහුණ දුන් ආකාරය, රහතන් වහන්සේල ඒවා කෙරෙහි මැදහත්ව මුහුණ දුන් ආකාරය තම ජීවිතයට ගලපා ගන්න.
ඔබට සසර දුක් නිමාකරලිය හැක්කේ සසරේ යන අය අනුගමනය කරමින් නොව, සසරෙන් නික්මුණ අය අනුගමනය කළොත්ය.
තමා ද ඇවිළී අන් අයවත් අවුලුවන්නට බොහෝ අය දක්ෂය. එක් වදනකින් හෝ සිතක් නිවා දමන්නට කෙනෙක් නොමැති තරම්ය. සියළු දෙනා බලන්නේ බාහිරින් විසදුම් පමණය. ඒවා ධර්මය හමුවේ ඉතාමත් ලාමක දේවල් ය.
අප සසරේ කඩු, කිණිසි අතට ගත්ත වාර අසීමිතය. සටන් බිමට වැඳි වාර ගණන් අසීමිතය. මිනිසුන්ගේ ද්වේෂය, ආවේගය, රාගය ඇවිස්සීමට ගත වන්නේ එක් නිමේෂයකි. එක් වචනයකි. "වරෙව්, නැඟිටිව්" කිවූ සැණින් දරුවන් , අඹුවන් , ප්‍රිය වස්තූන් අත් හැර දමා සටන් වදින්නට එන්නට ඔබට මට හැකිය. ඒ සසර අප වැඩූවේ ද්වේශය නිසාය. ගැටීම නිසාය. රාගය නිසාය. නමුත් නිවීම අප වැඩුවේ නැත.. මෛත්‍රී වඩන්න, උපේක්ෂා වන්න, ඉවසන්න කියූ විට කියන්නා කෙරෙහිද ගැටෙන්නේය.. නිවන වෙනුවෙන් සියල්ල අත හරින්න කියු කළ දරුවන්, අඹුවන්, වස්තූන් අත් හැර දැමීමට නොහැකිව ළතවෙයි. මන්ද.. අප සසරේ ඒවා පුරුදු කළේ ඉතාමත්ම ඉතාමත්ම අල්පවය. නැති තරම් ය.. ප්‍රඥාවෙන් දකින්න. ඔබේ අද ජීවිතය සසර පුරුද්දක්මය.. ඒ පුරුද්දෙන් මිදෙන්න..
දුක්ඛ සත්‍ය පිළිගැනීමට නොහැකිව මිනිසුන් ගැටෙන ආකාරය, විලාප නඟන ආකාරය, තව තවත් නිරයගාමි කර්ම රැස් කරගන්නා ආකාරය මොහොතකට නැවතී බලන්න. නිරයේ දුක් විඳිනා විටත් නිරි සතුන් කරන්නේ මෙයමය. විලාප දී කෑ ගසයි. නමුත් බේරා ගන්නට කෙනෙක් නොමැතිය. එහෙත් දැන් ඔබට බේරි යන්නට මාර්ගයක් ඇත. තවත් ප්‍රමාද වූවොත් ඔබට ඒ මාර්ගයත් වැසී ගොස් සසරේ කල්ප කෝටි ගණන් ප්‍රමාදයට වැටෙන්නට සිදු වේ. සසර ගමන භයානකය.
සසරක් නොදකින මේ අවුරුදු හැට හැත්තෑවක ජීවිතයක් වෙනුවෙන් යදිනා මෝහයෙන් මත් වූවන් ඉදිරියේ නිහඬ වන්න. හැකි තරම් ඇසුරෙන් මිදෙන්න. නිතර ධර්මය ශ්‍රවණය කරන්න..
ඔබට සිතෙනවානම් ලෝකය ගිනි අරන් කියා .., සම්මුති වශයෙන් එය ඇත්තක් තිබේ යම් පමණකින්.. නමුත් මේ පටන් ගත්තා පමණි..ඔබ කොතෙක් සටන් කරද ධර්මතාවය නවත්වාලිය නොහැක. ධර්මය ක්‍රමයෙන් වැළලී යන නිවන් මාර්ගය වැසී යන කාලය අත ළඟය.. ලෝකය ගිනි ගත්තද තවමත් මාර්ගඵල ලාභීන් බිහිවන බව සත්‍යකි.. සතර සතිපට්ඨානය පවත්නා තාක් කල් ලොව රහතුන්ගෙන් හිස් නොවෙනු ඇත.
ඔබ සතර සතිපට්ඨානය භාවිතා කරන්න.. ගෙවෙන මොහොතක් පාසා සතියෙන් වාසය කරන්න. දේශපාලන කතා වලින් නියත වශයෙන්ම ඈත් වන්න. නිවන අවශ්‍ය නම් ඔබ එය කළ යුතුම දෙයකි. ලෝකය හදන්නට ගොස් ඔබ නිරයගාමී නොවන්න. ඔබ නිවුනොත් එයින් තව දහසක් නිවා දැමිය හැක. ඔබේ චිත්ත ශක්තියෙන්, මෛත්‍රී ශක්තියෙන් , ශීල බලයෙන් දහසක් දෙනා සුවපත් වෙනු ඇත. දෙව් මිනිසුන්ට ශාන්තිය උදා වෙනු ඇත.
සුවපත් වන්න... සසරේ යන අයට යන්නට දෙන්න.. ඔබ නතර වන්න..
සතිය උපදවා ගන්න..
නිවී යන්න...
තෙරුවන් සරණයි...