පුද්ගල ජීවිත 50ක් අහිමි කරමින් දුම්රිය අනතුරක් 😳

lasankandy

Well-known member
  • Jul 18, 2009
    20,062
    9,380
    113
    KY
    මාස 6ක් පාරට ගලක් පෙරලිලා ගල අයින් නොකරපු නිසා සිදුවු පස්සර බස් අනතුරට වගකිව යුතු මාර්ග සංවර්ධන අදිකාරියේ නිලදාරින්ට මොකද දන්නෙ නෑ උනේ 🤬🤬🤬




    නැගෙනහිර තායිවානයේ හුආලියන් ප්‍රාන්තයේ පුද්ගල ජීවිත 50ක් අහිමි කරමින් දුම්රියක් පීලිපැනීමෙන් සිදුවූ අනතුරට වගකිව යුතු යැයි විශ්වාස කෙරෙන ඉදිකිරීම් සමාගමක කළමනාකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    උමං මාර්ගයක් තතුළ සිදු වූ මෙම අනතුරින් මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබෙන අතර තවත් 100කට වැඩි පිරිසකට තුවාලයි.

    සැකකාර කළමනාකාරවරයාගේ මෝටර් රථය කඳු බෑවුමක සිට උමං මාර්ගය අඩක් පසු කරමින් සිටි දුම්රිය වෙතට පෙරළීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    4,922
    7,511
    113
    Sri Lanka
    150 ක වේගයෙන් එන කෝච්චියක්ලු.. ඉතින් වැදුනොත් සොරි තමා..
    අනික තවම උමග ඇතුලේ ගොඩක් අය සිරවෙලා ඉන්නවලු.. මැරුන තුවාල ගනන ඉහල යයිලු :baffled:
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    2,724
    10,335
    113
    Polonnaruwa
    ඉදිකිරීමෙ දෝසයක් හින්ද නෙමේනෙ අත්අඩංගුවට ගන්න යන්නෙ උගෙ වාහනේ කෝච්චි පාරට වැටිල
    ඔව් එහෙම කියලා දාලා තියෙනවා මමත් දැක්කා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,245
    1,657
    113
    NWP
    ලංකාවේ හා ජපානයේ මිනිස් ජීවිතයක වටිනාකම..!

    දැනට අවුරුදු 5කට කලින් 2016 ජනවාරි මාසයේ 15 වෙනිදා පාන්දර 1:55ට ජපානයේ නගනො ප්‍රාන්තයේ කදු සහිත පාරක skii tour එකක් ගිය බස් එකක් පාරෙන් එලියට පැනලා හෙලකට පෙරලෙනවා. බස් එකේ ගිය 41 දෙනා විශ්ව විද්‍යාල ලමයි. ඩ්‍රයිවර්ල දෙන්නත් ඇතුලුව 15ක් එතනම මිය යනවා. මේක රටම කතා වෙන සිද්ධියක් වෙනවා. පරීක්ෂණය වලින් එලි වෙනවා මේ අනතුරට හේතුව අදික වේගය කියලා. ඒ වගේම මේ ගමන යන්න plan කරල තිබිලා තියන්නෙ highway වල විතරයි. නමුත් highway ගාස්තු ඉතුරු කරගන්න highway දෙකක් අතරෙ තියන කෙටි පාරක් පාවිච්චි කරලා තියනවා highway දෙකක් අතරේ මාරු වෙන්න. මේ කදු සහිත කෙටි පාරෙදි තමයි මේ අනතුර වෙන්නෙ. මේ වගේ නීති ගොඩක් කඩ වෙලා කියලා පරීක්ෂණයෙන් හොයාගන්නවා. ප්‍රතිඵලයක් විදියට බස් සමාගමෙයි travel Agency එකෙයි බලපත්‍ර තහනම් කරනවා. මේ දෙකම පොඩි සමාගම් නෙවෙයි නමුත් සමාගම් දෙකටම වානිජ බලපත්‍ර අහෝසි වෙනව.
    මියගිය එක් පිරිමියෙක් සදහා ජපන් යෙන් මිලියන 80ක්ද (රු ලක්ශ 1440) එක් කාන්තාවන් සදහා ජපන් යෙන් මිලියන 62ක් (රු ලක්ශ 1116) ද ගෙවන ලෙස අධිකරණය නියෝග කරනවා. ඒ වගේම මේ වගේ අනතුරක් නැවත සිදු නොවෙන්න වග බලාගන්න ගොඩක් පියවර රජය ගන්නවා. සියලුම බස් වලට drive recorders නැත්නම් කැමරා අනිවාර්ය කරනවා. වේගය වගේම බස් රතයක අනෙක් සියලු තොරතුරු පටිගත කරන එක අනිවාර්ය වෙනවා. මේ අනතුර වෙලා අවුරුදු 5ක් ගෙවිලත් බස් සමාගමේ එවකට නිලධාරීන් සංවත්සරය දවසට ඇවිල්ල මල් තියලා සමාව ගන්නවා එදා උන වරදට.
    අවසානයේ කියන්න තියන්නෙ ඉතින් ජපානෙ එහෙම උනාට අසිරිමත් සිරිලක එහෙම වෙන්නෙ නෑ මිත්‍රවරුනි
    🙏

    උපුටනයකි.. video ඒක YT බලන්න පුලුවන්...
    162610723_3018202755077001_4326988667263830074_n.jpg
    160576544_3018202848410325_1452929382465066228_n.jpg