එකල පුරාණ ශ්‍රී ලංකාවේ කැළණිතිස්ස මහ රජුන්ගේ කාලයයි. එකල මේ කැළණි තෙරුන් කැළණි විහාරය ආශ්‍රිතව විසූහ. මේ කැළණිතිස්ස රජුගේ බිසව හා උත්තිය නම් යුව රජු අතර නොමනා සම්බන්ධයක් තිබුණි. රජු මෙය දැනගත් විට උත්තිය යුව රජු මැරීමට සූදානම් වූ අතර ඔහු බියෙන් සැගවුනි. පසුව එම උත්තිය නැමැත්තා තරුණයෙකු හිතවත් කරගෙන ඔහුට සිවුරු පොරවා රජ බිසව වෙත පෙම් හසුනක් ඔහු අතේ ලියා එවීය. මෙම හොර පැවිද්දා මාලිගයේ දනට වැඩි අවස්ථාවේ කැළණි තෙරුන් ද එහි වැඩ සිටි අතර ලියා එවූ පෙම් හසුන බිසවට පෙනෙන සේ දැමූහ. එම හසුන දුටු රජු කැළණි තෙරුන් එය ලියා පොඩිනම(හොර පැවිද්දා) අතේ එවූ එකක් යයි සිතා දැඩි සේ කිපී ඒ උතුම් ශ්රමණයන් වහන්සේව තෙල් කටාරමක දමා පුලුස්සා මැරීමට නියෝග කලේය. රාජ නියෝගය අනුව කැකෑරෙන තෙල් කටාරමක දැමූ කැළණි තෙරුන් මහරහතන් වහන්සේ නමක් වූ බැවින් කිසිදු අපහසුවකින් තොරව එහි සමාපත්ති සුවයෙන් වැඩ සිටියහ. තමා මෙලෙස නොකල වරදකට අසු වීමට හේතුව කුමක්දැයි නුවණින් විමසූ උන්වහන්සේ මෙය පෙර අකුසල කර්මයක විපාකයක් බව දැන එය වළක්වාලිය නොහැකි නිසාවෙන් එහිදීම පිරිනිවන් පෑ සේක.
.
.
.
සියලු කෙලෙසුන් නසා උතුම් අරහත් ඵලයට පත්ව සිටි උන්වහන්සේට මෙලෙස අභාග්‍යසම්පන්න ලෙස මියයාමට හේතුවූ අතීත කර්මය මෙසේය. එක් ආත්ම භාවයක ගොපලු දරුවෙකුව සිටියදී කටාරමක කිරි උණු කරන විට මැස්සෙකු අල්ලා එහි දමා කකාරා මරණයට පත් කිරීමේ අකුසල කර්මය පිරිනිවන් පානා භවයේදී උන්වහන්සේට මෙසේ විපාක දුන්හ. තෙරුන් මරණයට පත් වූ බව දැනගත් රජු උන්වහන්සේගේ ශරීරයේ අත පය ආදී කෑලි කපා මුහුදට දැමූහ. අති උතුම රහතන් වහන්සේ නමක් සාහසික ලෙස ඝාතනය කොට මුහුදට දැමූ නිසා සමුද්‍රවාසී දෙවියන් කෝප වී ගම්මාන විනාශ කර දැමූ සුනාමියක් ඇති කල බව සදහන්ව ඇත. එම සුනාමිය නැවැත්වීමට රජුගේ දියණිය වූ විහාර මහා දේවිය මුහුදට බිලිවූ බවද සදහන්ය. නමුත් එතුමිය කිසිදු කරදරයකින් තොරව රුහුණට ගොඩ බැසූ බව ඉතිහාසයේ සදහන්ව ඇත.
.
.
.
ඉතින් මිතුරනි, මැස්සෙකු මැරීමේ විපාකය මෙතරම් දරුණු වුනි නම් අනෙකුත් අකුසල්වල විපාකය ගැන කතා කල යුතු නැත. "ඕක ඉතින් පොඩි පවක්නේ" කියා පවෙහි යෙදී සිටින මිනිසුන් ඕනෑ තරම් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ඒවායේ විපාකය නම් කුඩා නැත. එමනිසා කුඩා පාපයටද බිය වී හැකි උපරියෙන්ම කුසල් දහම් වඩා අනවරාග්ර වූ මේ ගෝර සංසාරයෙන් නිදහස් වීමට සැම විටම කටයුතු කල යුතුය. නැතහොත් සංසාරය විසින් අපව ඉතා දරුණු තැන්වලට ඇද දමනු ඇත.