පොහොට්ටුවේ හිටපු ප්‍රාස මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්ව තිබේ.

    ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ පැවති හමුවකින් අනතුරුවය.

    එහිදී එම නියෝජිතයන් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරුණි.

    එහිදී අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන්, ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරුන් ලිපි භාර ගත්තේය.

    එමෙන්ම කොළඹ දිස්ත්‍රික් එජාප සංවිධායක ධුරයක් හිමිවුණේ මීට පෙර ජාතික හෙළ උරුමය නියෝජනය කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට ය.

    මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පත්කෙරුණු අතර තවත් 295 දෙනෙකුට දිස්ත්‍රික් හා කලාප සංවිධායක ධුර පිරිනැමුණේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගිත්වයෙනි.