පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,136
    1,421
    113
    elakiri pot එක - කාමරේ
    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

    ඔන්න යාලුවනෙ ඔයාලා හැමොම වාගෙ උදවු කරපු එලකිරි.කොම් පොත් බෙදා දිමෙ වැඩ පිලිවෙලෙ 6 වෙනි දැක්ම එහෙමත් නැත්නම් 2020 අදියර මෙසෙ කරලියට පැමිණෙන වගයි.


    මෙකට මූලික වෙන්නෙ අපෙම එලකිරියෙ සමාජිකයන් කියලා හැමොම දන්නවනෙ. එ වගෙම අපෙ අනෙකුත් යහලු යෙහෙලියනුත් අපිට ගොඩක් උදවු කරනවා. ඉතින් ඔය කියන්න වු හැම දෙනාගෙම සහයොගයෙන් අපිට පුලුවන් උනා 6 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.


    ඉතින්, කලින් පස් වතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.

    කලින් වගෙම අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි පාසල් කිහිපයක් බලන්නත් ගියා. සමහර පාසල් වලට කතා කරලා විස්තර දැන ගත්තා. කොහොම හරි ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ අම්පාර දිස්ත්‍රික්කයෙ කහටගස්යාය ගමෙ පිහිටි කහටගස්යාය පාසලයි. මෙ පාසල ගැන අපෙ තාල් සහොදරයා විස්තර හොයලා දුන්නා.



    1.jpg


    3.png


    2.jpg


    1.jpg





    අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. පසුව මම විදුහල්පතිතුමා සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා.


    ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. සංගීත ගුරුවරයෙක් නැති අඩුව මෙ පොඩි ලමයින්ට ගොඩක් දැනෙනවා. මොකද එයාලට හොදට සින්දු කියන්නත් පුලුවන් නිසා.



    ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න.



    පොත් බෙදන වැඩෙ වෙන දවස වෙනකම්ම විදුහල්පතිතුමා සමග සම්බන්ද වෙමින් විස්තර කතා කරා. වෙනදා වගෙම පාසලට සිග්නල් නොමැති ගැටලුවක් තිබෙන නිසා මට ලොකු ප්‍රශ්නයක් උනා. සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්ය විස්තර ලැබෙන්නෙ. අන්තර්ජාල පහසුකම් අඩු නිසා ඔක්කොම විස්තර ටික ලියාගන්න උනා. එ වගෙම විදුහල්පතිතුමා අම්පාර ටවුම කිට්ටුවට ගිහින් මට විස්තර එවපු වෙලාවලුත් තිබුනා. එතුම මෙම පාසල දියුනු කරන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක්.


    ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.


    මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.


    http://www.elakiri.com/forum/showthread.php?t=1915458



    ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්‍රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා.

    IMG-20200111-210728.jpg


    IMG-20200111-205819.jpg





    මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.




    පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.


    අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.


    කලින් වතාවෙ වගෙම පොත් වැඩෙ වෙද්දි මට ඩෙංගු හැදුනා. දවසක් හිටියා මාලබෙ නෙවිල් හොස්පිටල් එකෙ. ඊලග දවස් 6ක් හිටියෙ ලංකා හොස්පිටල් එකෙ. කොහොම හරි හොස්පිටල් එකෙන් ගෙදර ආවට පස්සෙ මුලු ඇගම පන නැහැ වගෙ. කිසි වැඩක් ඉක්මනට කර ගන්න බැහැ. මම හොස්පිටල් ඉන්න දවස් ටිකෙ අපෙ අනෙක් යාලුවො පොත් ත්‍රෙඩ් එක අප්ඩෙට් කරා. කොහොම කොහොම හරි කාලා බිලා ආපහු වැඩ කරන්න ගත්තා. මීට කලින් ඩෙංගු හැදිලා නැති නිසා ටිකක් අමාරුයි.

    ඉතින් වෙනදා මමම ගිහින් පොත් එකතු කරන් එන වැඩෙ මෙ පාර කරෙ මගෙ යහලුවන් පිරිසක්. මම එ අයව පිටත් කරලා බොහොමයක් පොත් ගෙදරට ගෙන්න ගත්තා. අනෙක් පොත් ටික වෙනදා වගෙම මමම අරගෙන ආවා.


    ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා. පට්ට මහන්සියක් එනවා වැඩ කරද්දි එ වෙලාවෙ. එතකොට කරන්නෙ ටිකක් හාන්සි වෙලා ඉදලා ආපහු තව ටිකක් පෙට්ටි වලට දාපු එක.



    අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා. සමහර අපෙ කිරියෙ අය මට කොල් කර කර තව අඩුපාඩ් මොනවද අහනවා. එයලත් හරිම උනන්දුවෙන් තමයි මෙක කරෙ.


    අපි මෙ වතාවෙ ට් ශිර්ට් එකක් මහන්න දුන්නා. ගිය වතාවෙ අපිට එකට කල් මදි උනා. අපෙ ලොකු අයියගෙ අවසරය මත තමයි මෙක සිද්ද උනෙ.


    received-631645384314294.jpg



    අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා. අපිට හැමදාම වගෙ නවතින්න පහසුකම් සලසා දෙන තාල් යහලුවවත් මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්න ඔනෙ. එ වගෙම අපෙ සාගරය සුරකින නාවික හමුදාවත් මතක් කරන්න ඔනෙ.


    (හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)

     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,136
    1,421
    113
    elakiri pot එක - කාමරේ



    10 වෙනිදා රැ අපෙ ගෙදර නවතින්න යාලුවො සෙට් එකම ආවා. ඉතින් එදා රැ කට්ටිය නින්දක් නැති තරම්. මොකද අපෙ අය එකතු වෙන්නෙ මෙහෙම දවසක නිසා.
    ඔන්න ඉතින් 11 වෙනිදා උදෙ 4 ට වගෙ බස් එක ආවා. කොහොම හරි ඔක්කොම ටික පැක් කරල අපි 6 ට වගෙ පිට උනා.

    IMG-20200110-WA0008.jpg



    අපෙ 11 වෙනිදා ගමනාන්තය උනෙ අරුගම්බෙ නාවික හමුදා නිවාඩු නිකෙතනය. එතන ඉදන් තමයි අපෙ පොත් බෙදා දීමට අවශ්‍ය සියලුම දෙවල් සිද්ද වෙන්නෙ. අපිට කන්න බඩු මුට්ටු ටිකත් කඩෙන් අරගෙන ගියෙ.

    උදේට අපි කන්න ලැස්ති කරන් ආවෙ සිනි සම්බල් සමග පාන්. සිනි සම්බල් නම් අපෙ අම්ම හදලා දුන්නා. පාන් ඉතින් කඩෙන් ගත්තෙ. ඉට පස්සෙ ප්ලෙන් ටී, කිරි, කොපි වගෙ දෙවල් බිලා ආපහු පිටත් උනා.
    දවල්ට නම් කඩෙන් කන්න උනෙ. කට්ටිය රහට කැවා. කාපු පින්තුර දාන්න බැරි තරම් සුන්දරයි.

    IMG-20200111-085913.jpg



    IMG-20200111-085323.jpg


    අපෙ රාත්‍රි නවාතැන්පල උනෙ කලින් කිවා වගෙ නාවික හමුදා නිවාඩු නිකෙතනය. ඔන්න ඉතින් කට්ටිය පොත් ටික බස් එකෙන් අස් කරලා රැට උයන්න හිතපු දෙවල් අපි වෙනුවෙන් හිටපු coockට කිව්වා.

    IMG-20200111-165236.jpg


    අපි මහන්සි නිසා පොඩ්ඩක් අරුගම්බෙ වෙරලට ගියා. අරුගම්බෙ වෙරල තිබ්බෙ අපි නැවතිල හිටිය ස්තානයට පිටුපසින්. ගිහින් ටිකක් කට්ටිය එක්ක විනොද උනා. ක්‍රිකට් ගැහුවා. සමහරු වැලි සෙල්ලම් කරා. සමහරු බල්ලො එක්ක පොටො ගැහුවා.

    IMG-20200111-175608.jpg



    ඉක්මනට අපහු ඇවිල්ල වොශ් එකක් දාලා රැට කාලා බිලා ඉවර වෙලා පොත් ටික පැක් කරන්න ගත්තා. වසරින් වසරට ලැබෙන්න ඔන දෙවල් ලිස්ට් කලින් වගෙම සූදානම් කරගෙන ආපු නිසා එක පහසු උනා. කට්ටියම මහන්සි නොබලා පොත් ටික පාර්සල් කරා. මැදියන් රැය වන තුරු මෙ වැඩෙ සිද්ද උනා. එ අතරෙ එක එක විහිලු කර ගැනිම් වගෙ සිදුවිම් උනා. එවා අපෙ කට්ටිය කොමෙන්ටු වලින් පවසයි.



    5.jpg


    IMG-20200111-205800.jpg


    IMG-20200111-210736.jpg


    IMG-20200111-210748.jpg


    IMG-20200111-210754.jpg


    received-155727879184933.jpg


    අපෙ කව් ද බොයි කොළබින් අපිත් එක්ක ආවෙ නැහැ. එයාගෙ ඔෆිස් එකෙ සංවත්සරය නිසා. එයා 11 රැ තමයි කොළබින්, අම්පාර බස් එකෙ නැගලා අපි ඉන්න තැනට ආවෙ. මුලින් බස් එක එන්න ප්ලැන් කරෙ පාන්දර 3ට වගෙ. හැබයි මිනිහා ආවෙ පාන්දර 6ට වගෙ. (නිවඩු නිකෙතනයෙ ආරක්ශාව භාරව සිටි නිලදාරින්ට අපි කිවෙ යහලුවෙක් පාන්දර 3ට එනවා කියල .එයගෙ NIC සහ නම මාර්ක් කරලා දුන්නා. මිනිහා එන්න පරක්කු වෙලා 6 වෙද්දි එනකොට අපෙ "කෞ ද බොයි" ගෙන් ප්‍ර්ශන වැලක් අහල තිබුනා. අහපු ප්‍රශ්න එයාම කියයි. මොකද අපි නතරවෙලා හිටිය තැනට කලින් අවසර ගත්ත අයට විතරයි ඇතුල් වෙන්න දෙන්නෙ.) අපෙ කොබ යහලුවටත් සිද්ද උනෙ මරු වැඩක්. මිනිහගෙ ගමෙ විස්තර ටිකවත් මිනිහ හරියට දන්නෙ නැහැ. විජෙ කියයි මොකද උනෙ කියලා.


    පොත් ටික ගෙනියන්න පහසු වෙන්න අපි වෙන වෙනම අසුරලා තිබ්බා.

    received-2443345515772154.jpg


    received-2666629246786174.jpg


    received-191232908736809.jpg


    received-838084333321948.jpg


    ඔන්න ඉතින් කට්ටිය නිදා ගන්න නම් හිතක් නැහැ වගෙ. කොහොම කොහොම හරි කට්ටිය පන්දර වෙනකන් ඉදලා නින්දට ගියා.


    ඔන්න උදෙ අපි නැගිටිනකොට අපිට උදෙටත් කැම හදලා ඉවරයි. කට්ටිය වොශ් එකක් දාගෙන උදෙටත් කැවා. කාලා අරුගම්බෙ වෙරලට ගියා නාන්න. කොහොම හරි කට්ටිය පැය ගානක් යනකන් නැවා.


    IMG-20200112-081912.jpg


    IMG-20200112-110553.jpg


    IMG-20200112-071510.jpg


    received-625747114874209.jpg


    received-627832191324857.jpg


    received-3607109822662936.jpg


    වැලි වලින් එක එක සෙල්ලමුත් කරා. කොහොම කොහොම හරි අපි දවල් වෙනකන් මුහුදෙ හිටියෙ. අපි නාවාතැන්පලට යද්දි දවල්ටත් කැම හදලා. එවා කාලා බිලා අපි මහන්සි නිසා පොඩ්ඩක් නිදා ගන්න ගියා.




    අපි රැම පොත් ටික බස් එකට පැක් කරා. මොකද එක පහසු නිසා.
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,136
    1,421
    113
    elakiri pot එක - කාමරේ




    ඔන්න ඉතින් කට්ටියම 13 උදෙ ලැස්ති උනා. උදෙ පාන්දර වෙද්දි බනිස් ටික ලැබුනා. එවා පට්ටම රස්නෙයි වගෙම සුවදයි. අපි උදෙ 6 වෙද්දි යන්න පිටත් උනා. මොකද අපි හිටිය තැන ඉදන් පාසලට 100Km වගෙ යන්න තිබුනා. අපි මුලින්ම ගියෙ අම්පාර රොහලට. එහෙදි අපෙ යහලුවෙක් භාර ගත්ත බඩු වගයක් ලභා ගන්න තිබුනා. අපෙ යහලුවා සහ පිරිවර විසින් අපිට උදෙ ආහාරය ලබා දුන්නා. ඔන්න අපෙ අය හොදට කැවා. අම්පරෙ යහලුවත් නිතරම වගෙ පොත් ත්‍රෙඩ් එක ගැන සෙවිල්ලෙන් හිටියෙ. එයත් එයගෙ යහලුවන් ටිකකුත් මෙකට සෙට් කරගෙන තිබුනා.




    අපි යනකොට ලමයින් අපිව පිලිගන්න සූදානම් කරලා හිටියෙ. අම්මලා තාත්තලත් ඇවිල්ලා හිටියා. ළමයි අපිට මල් දිලා පිළිගත්තා.






    received-482799979091257.jpg


    received-752059961949586.jpg


    IMG-20200113-103113.jpg


    received-2494779517407409.jpg




    IMG-20200113-103248.jpg


    received-2311380195629746.jpg


    IMG-20200113-103234.jpg


    එ අතරෙ අපෙ යාලුවො, අපි ගෙනාපු බඩු බස් එකෙන් එලියට ගන්නවා.

    received-1047458778947062.jpg


    received-3097881413573172.jpg




    අපි එ ටික පිලිවෙලට සකස් කරා.



    received-2276829435750432.jpg


    received-935970890151200.jpg


    received-644894196281992.jpg


    IMG-20200113-105508.jpg


    IMG-20200113-105515.jpg


    received-3626716710767051.jpg


    IMG-20200113-105804.jpg



    ලස්සන නැටුමකින් වැඩසටහන ආරම්බ උනා.

    received-516009005690631.jpg


    received-715992435595833.jpg


    received-1403862989775464.jpg


    received-2659541827664073.jpg



    විදුහල්පතිතුමා අපිව සදරයෙන් පිලිගනිමින් කතාවක් කරා. කහටගස්යාය පාසල ගැන සහ ගම ගැන එම කතාව තුල කරුණු අඩංගු උනා.


    received-189804128876737.jpg



    අපෙ සහොදරයෙක් පොඩි කතාවත් සිද්ද කරා. එහිදි එලකිරි.කොම් කියන්නෙ කුමක්ද?, එලකිරි පොත් බෙදාදිමෙ වැඩපිලිවෙල සහ එයට උපකාර කල සියලු දෙනාවම මතක් කරා.
    ඉගෙනිමෙ වැදගත්කම වගෙම අන්තර්ජාලය හරියාකාරව භාවිතා කිරිම ගැනත් පොඩි හැදින්විමක් සිදුකරා. හොදින් ඉගෙන ගෙන රටට සෙවය කරන්න කියලත් පොඩි ඉල්ලිමකුත් කරා.



    received-211884736513837.jpg



    පාසලෙ නංගි කෙනෙක් ලස්සනට සිංදුවක් ගායනා කරා. කලින් කිව්ව වගෙ සංගිත ගුරුවරයෙක් සහ සංගිත භාන්ඩ නැති නිසා මියුසික් එකක් ප්ලෙ වෙනකොට තමයි ගායනය සිදු කරෙ.



    received-195863718271512.jpg





    අපි පොත් කට්ටලය දිරාපත් වෙන කවරයක තමයි දැම්මෙ. පරිසර හිතකාමි නිසා. වසරින් වසර වෙන වෙනම අපි එවා පැක් කරගෙන අරන් ගියෙ.


    අපි යනකොටත් පුන්චි ළමයි ලස්සනට වාඩි වෙලා හිටියා.

    00000-IMG-00000-BURST20200113112039789-COVER.jpg


    IMG-20200113-105726.jpg


    IMG-20200113-112113.jpg


    IMG-20200113-105928.jpg


    IMG-20200113-112145.jpg


    2019 වසරෙ 5 වසරෙ ශිශ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් උන දරුවන් 3 දෙනෙකුට විශෙශ තැගි දුන්නා. ඔවුන් පිලිවෙලින් ලකුණු 167, 157, 157 ලෙස ලභා ගෙන තිබුනා.

    received-197587294703843.jpg



    අපි පුන්චි පැටවුන්ට බනිස් සහ කිරි පැකට් එකක් ලබා දුන්නා.

    received-610250373103572.jpg



    මුලින්ම 1 වසරෙ සිට අවසානයට 11 වසර දක්වා ළමයින්ට පොත් ලබා දුන්නා. 2019 වසරෙ 11 වසරෙ සිටි සියලුම දරුවන්ටද පොත් ලබා දුන්නා. එ අය 12 වසරට වෙනත් පාසලකට යන නිසා. මෙම පාසලෙ 11 වසර වෙනකන් තමයි පන්ති තියෙන්නෙ.



    IMG-20200113-114339.jpg


    IMG-20200113-114359.jpg


    IMG-20200113-114412.jpg


    IMG-20200113-114418.jpg


    IMG-20200113-114433.jpg


    IMG-20200113-114443.jpg


    IMG-20200113-115818.jpg


    IMG-20200113-115823.jpg


    IMG-20200113-115815.jpg


    received-172572310665068.jpg


    received-181801336533468.jpg


    received-193961725336680.jpg


    received-488252295212056.jpg


    received-511690689463262.jpg


    received-568341010690473.jpg


    received-585400255616998.jpg


    received-855142148277408.jpg


    received-2407901572855257.jpg


    received-2615173692105060.jpg


    received-3955525864464914.jpg




    පාසලට රැගෙන ගිය දෙවල් වලින් සංකෙතාත්මකව අපි විදුහල්පතිතුමාට පිලිගැන්වුවා. අපි රැගෙන ගිය බුදු පිළිමයහ් පාසලට බාර දුන්නා. ගොඩක් අය එම පිලිම වහන්සෙ දිහා බලගෙන හිටියා. මොකද එය එතරම ලස්සන නිසා. එය අපිට ලබා දුන් යහලුව සහ යෙහෙලියව මෙ අවස්තාවෙ ආදරෙයන් මතක් කරනවා. අපෙ නිවසට ඇවිල්ලා එය පරිස්සමෙන් ලබා දුන් නිසා.



    received-166219224666207.jpg


    received-170515700894943.jpg


    received-853799875092666.jpg


    received-2305924609698911.jpg


    IMG-20200113-120036.jpg


    received-483475709210115.jpg



    ගුරුවරුන්ට අවශ්‍ය දෙවල් ද අපි ලබා දුන්නා.

    received-181213226329002.jpg



    පාසලට වසර ගනනකින් ශිශ්‍ය නායක පදක්කම් පැලදවිමෙ උත්සවයක් තියන්න පුලුවන් වෙලා නැහැ. මොකද එ සදහා වියදමක් දරන්න බැරි විම නිසා. අපි එම අඩුව පුරවන්න වග බලා ගත්තා.

    ප්‍රධාන ශිශ්‍ය නායක/නායිකා දෙදෙනෙකුත්, උප ප්‍රධාන ශිශ්‍ය නායක/නායිකා දෙදෙනෙකුත් සමග මුළු ශිශ්‍ය නායක/නායිකාවන් 20ක් මෙහිදි පාසල වෙනුවෙන් සහ තමන්ගෙ රට වෙනුවෙන් කැපවන බවට පොරොන්දු උනා.

    IMG-20200107-WA0001.jpg


    IMG-20200107-WA0003.jpg


    received-514163482562507.jpg


    IMG-20200113-120300.jpg


    IMG-20200113-120407.jpg


    received-622448011925060.jpg


    received-628421027988227.jpg


    received-968403343560318.jpg


    received-2527075340866728.jpg


    received-556896994900642.jpg


    ඊට පස්සෙ අපිට පාසලෙන් සුදානම් කරලා තිබුන දිවා ආහාරය ගැනිමට ගියා. අපෙ පිරිසට ගමෙ කමට රහට කැම වෙලක් පාසලෙන් පිලියෙල කරලා තිබුනා.

    received-554044981868161.jpg



    පසුව අපි ඡායාරුපයකට පෙනි හිටියා.

    received-877884902666893.jpg


    වෙහෙසකර වැඩපිලිවෙලක එක් අවසානයක්, අපෙ සාමාජිකයන්ගෙ සිනහවක්, තවත් අදියරක ඇරබුමක් :

    received-1021722274875257.jpg


    received-1586978938119103.jpg


    received-575922422962028.jpg


    received-617460665682785.jpg


    ගුරුවරුන්, දෙමවුපියන් සමග කතා කොට අපි නැවත කොළඹ බලා ගමන් ආරම්භ කරා.


    මෙම වැඩසටහන පිලිබදව තොරතුරු අපෙ යහලුවෙකු දිනමින පුවත්පතටත් ලබා දි තිබුනා. එතුමටත් ගොඩක්ම ස්තුතියි.


    hrn7grO.jpg


    ඉතින් යාලුවනෙ..... ඔන්න ඔහොමයි වැඩෙ සිද්ද උනෙ. මම හොදට ලියන්න නම් දන්නෙ නැහැ. පුලුවන් විදිහට ලිව්වෙ. අපෙ අනෙක් අයත් තව පොටො දමයි. ගොඩාක් වෙලාව ගියා ලියන්න.



    පුංචි මල් කැකුළු පුබුදුවන්න, එයාලගෙ අනාගතයට රුකුලක් වෙන්න සහයොගය දිපු අපෙම කිරියෙ අයට කිරිය වෙනුවෙන් මම ගොඩක් ස්තුති වෙනවා.



    අපි පාර්සලෙ දුන්න ගමන්ම පොඩි පැටවු එක ලිහලා බලද්දි එයාලගෙ මුනට ආව සතුට දැක්කම අපිටත් කදුලු ආවා වගෙ උනා. එ වෙලාව එ තරම්ම මිහිරියි.

    IMG-20200113-114552.jpg


    IMG-20200113-114637-Copy.jpg


    IMG-20200113-114939-Copy.jpg


    IMG-20200113-114946-Copy.jpg


    IMG-20200113-115131.jpg


    IMG-20200113-115925.jpg


    IMG-20200113-115836.jpg


    received-180577533319003.jpg


    received-475421869788334.jpg


    received-481746629152932.jpg


    received-255941715375695.jpg


    received-523010091754927.jpg


    received-540394506563545.jpg


    received-861123381004737.jpg


    received-1362029593980102.jpg



    අපිට පහසුකම් දිලා අපිව බලා ගත්තු නාවික හමුදා විරුවන්ටත්, අපිට අහාර පාන උයලා දුන්න එම සොයුරටත් එම අවස්තාවන් උරුම කර දුන් තාල් යහලුවත්, මෙවැනි මිතුරන් පිරිසක් සමග මෙවැනි කාර්යයක් අදියර 6ක් නොකඩවා කිරිමත් ශක්තියක් උන ඇඩ්මින් ආයියා ඇතුලු අනෙකුත් කාර්ය මන්ඩලයටත්, මෙම කාර්යය කිරිමට වචනයකින් හො උපකාර කල හැම දෙනාටමත්, ගමනට සහභාගි උන අපෙ එලකිරි සාමජිකයන්ටත්, අපිව දවස් 3ක් තිස්සෙ පරිස්සමින් රැගෙන ගිය රියදුරු මල්ලිටත් බොහොම පින්.

    මෙ සියලුම ක්‍රියාවෙ ගෞරවය අපෙ කිරියෙ හැම දෙනාටම අයිතියි.

    නැවතත් ඔයාලා හැමොටම ගොඩක් පින්.

    අපි ආයෙමත් හමුවෙමු 7 වන අදියරෙන්.

    කිරියෙ හැමොටම ජය වෙවා...



    4.jpg



     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,702
    1,998
    113
    ඇස් වලට කඳුළු ආවා මචන්. බොහොම පින් මේ වැඩේට අපිවත් සහබාගි කරගත්තට.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    9,416
    4,175
    113
    Niyamai machan
    Loku pinak karagena thiyenne
    Me inna kello denna elakiri membersla da nattan membersla ge wife/gf lada?