පොම්පියෝ හා පිරිස නිරෝධායනය කරන්න උවමනා නෑ.. ඔවුන්ගෙන් කොරෝනා පැතිරෙන්නේ නෑ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    8,667
    2,629
    113
    ලොවෙත් නැති තැනක
    පොම්පියෝ හා පිරිස නිරෝධායනය කරන්න උවමනා නෑ.. ඔවුන්ගෙන් කොරෝනා පැතිරෙන්නේ නෑ..

    ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දින 14ක් නිරෝධායනය වීමේ අවශ්‍යතාවයක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.


    එම පිරිස මෙරටට පැමිණ සිටින්නේ පැය 24ක කාලයකට පමණක් බවත් මුණ ගැසෙන්නේ සීමිත පිරිසක් පමණක් එනිසා ඔවුන් නිරෝධායන වීම අවශ්‍ය නොවන බවත් ඔහු පවසයි.


    එමෙන්ම ඔවුන් ඇමරිකාවෙන් පිටත්වීමට ප්‍රථම කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති බවත් මෙහි පැමිණි පසුවද සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු පැවසීය.


    ආසන්න දිනවල නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා කටයුතු කරද්දීද රාජතාන්ත්‍රික පිරිස් එක් වූ බවත් ඔවුන්ටද මේ ආකාරයෙන් කටයුතු කළ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.



    එකම රටක් එකම නිතියක්....
     
    • Love
    Reactions: Voltage

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    31,396
    2,862
    113
    There is no place like 127.0.0.1
    අපෝ අවුලක් නෑ බං උන් ඕක කරේ නෑ කියලා. වැඩිම වුනොත් උන්ට අපෙන් යයි, අපි වාසනාවන්ත නම් ඌ අපේ දේශපාලනඥයන්ට බෝ කරලා යයි. ඕකෙන් ලොකුවට මහජනයාට බලපාන්නෙ නැහැ lol
     
    • Like
    Reactions: $Gangster$

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    57,527
    9,346
    113
    5
    කටුකරෝලගම
    වෙන රටවල උන්ගෙන් නං ප්‍රශ්නයක් නෑ ඇමරිකන් උන් ෂුවර් නෑ ට්‍රම්ප් කාරයටත් කොරෝනා තිබ්බ නෙ :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    59,779
    24,334
    113
    Kandy ♕
    නීතිය හැමෝටම සමාන වෙන්ඩ ඕනි ඒත් ඔය වගේ පැය ගානකට හොට දාල යන්ඩ එන පොම්පියො දවස් 14ක් කොහේ හරි නවත්තල තියන්ඩ බෑනෙ..ලංකාවෙ කවුරු ජනාධිපති අගමැති උනත් පොම්පියට එන්ඩ එපා කියන්ඩත් බෑනෙ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,263
    757
    113
    ඇමරිකාවෙ රාජ්ය ලේකම්, රටවල් ගානක ගිහින් එනව. එහෙ වැදගත්ම කෙනෙක් රටවල් වල යද්දි කොරෝන චෙක් නොකර ඇවිදිනව කියල හිතන්ඩ පුලුවන්ද? එන්නෙ පැය 12කටද කොහෙද. ඇවිල්ල හම්බෙන්නෙ ජනාදිපති අගමැති සෙට් එක. සාමාන්ය මිනිස්සු හම්බවෙන්ඩ යන්නෙ නෑ නිවුස් වල කියපු විදිහට. :lol: ඒ හින්ද අපිට අවුලක් නෑ උගෙන්. වටේ පිටේ ඇවිදින්ඩ නොයා ගෙදෙට්ට වෙලා හිටියනම් ඇති පරෙස්සමට
     
    • Like
    Reactions: kinkon and Voltage