පොලිස් කොස්තාපල්ට තර්ජනය කළ පොලිස් ලොක්කන්ට වැඩ වරදියි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,601
    113
    මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙසට පොලිස් කොස්තාපල්වරයෙකුට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ලක්ෂ 20ක වන්දියක් අගතියට පත් නිලධාරියට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කර තිබේ.

    මෙම නියෝගය සිදුකර ඇත්තේ 2021 වසරේ නොවැම්බර් මස 02 වනදා අදාළ සිදුවීම වන අවස්ථාවේ අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ යූ.එම්.අමරසිරි, එවක කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එහි අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන් පිරිසකටය.

    ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් එම වන්දිය ඊයේ දින සිට මාස හයක කාල සීමාවක් තුළ ගෙවා අවසන් කරන ලෙසටය.

    එම අදාළ පොලිස් කොස්තාපල්වරයාට රජය විසින් රුපියල් 25000ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර තිබේ.

    එවකට කොස්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති පොලිස් කොස්තාපල් පී.ඩි.ඒ. පනාපිටිය මහතාට සැකකාර නිලධාරීන් විසින් අසත්‍ය චෝදනා ගොනුකර වැඩ තහනමට ලක්කර ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබේ.

    ජනක් ද සිල්වා සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,327
    28,272
    113
    කොහොමද බං දැං කොස්තාපල් රාජකාරි කරන්නේ. ලොක්කෝ ටික තරහට ඌව තවත් මඩවයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    9JYLolc.png

    මේක එක සිද්ධියක් විතරයි, තාම හරි තීන්දුවකට එන්න බැහැ...
    අර කුරුණෑගලදි සිවිල් ඇඳුමෙන් හඹා ගිහින් ඔලුවට වෙඩි තියලා මරපු ඝාතකයා ගැනත් තීන්දුව එනකන්..