පොලිස් රාළහාමිනේට රහසඟ පෙන්වූ මැනේජර් ම

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    28,504
    3,356
    113
    ලුණුවිල.
    පොලිස් රාළහාමිනේට රහසඟ පෙන්වූ මැනේජර් ම




    police-women.jpg

    සිවිල් ඇඳුමකින් සැරසී මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් වරියකට තවත් මෝටර් සයිකලයක ගමන් කරමින් සිටියදීම නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයෙකු ඉමදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
    පසුව තොරතුරු අනාවරණවූ අන්දමට ඔහු පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකි. මීට පෙරද ඔහු මෙම පොලිස් නිළධාරිනියට තම නිරුවත පෙන්වා ඇති අතර මේ අයුරින් ඔහු තවත් කාන්තාවන් විශාල පිරිසක් ඉදිරියේ මෙලෙස අසභ්‍ය ලෙස හැසිරෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
    මෙලෙස කාන්තාවන් හමුවේ තම නිරුවත ප්‍රදර්ශනය කරන පුද්ගලයන් පිළිබඳව ඉඳහිට අසන්නට ලැබේ. එහෙත් මෙය බොහෝ විට 'ප්‍රදර්ශන කාමුකත්වය' නම් වන මානසික රෝගී ලක්ෂණයක් බව බොහෝ දෙනෙක් නොදනිති. මෙම ප්‍රදර්ශන කාමුකත්වය නම් මානසික රෝගී තත්වයට නතුවනුයේ රස්තියාදු කාරයන් වශයෙන් සළකන සමාජයේ පහළ පැලැන්තියේ අයැයි බොහෝ දෙනෙක් සිතති.
    එහෙත් එහි සැලකිය යුතු සත්‍යතාවයක් නැත. සමාජීය වශයෙන් ඉහළ තත්වයන්හි පසුවන්නවුන් තුළින් පවා මෙම රෝගී තත්වය ඉස්මතු වීමට පුළුවන. ලිංගික අවවර්ථන ගණනයට අයත් වන මෙවන් අස්වාභාවික ලිංගික අශාවන් අැතිවීමට නිශ්චිත හේතුවක් අනාවරණයවී නැත. එමෙන්ම මෙම මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් කාන්තාවන් හමුවේ තම ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කරවනුයේ ඔවුන් ලිංගිකව පොළඹවා ගැනීමට යැයි අදත් සමාජයේ බොහෝ දෙනෙක් සිතති.
    එහෙත් ඔවුන් එසේ කරනුයේ එය දකින කාන්තාවන් බිය වැද්දීමටය. එම පුද්ගලයන් සතුටු වනුයේ එසේ කතුන් තම ක්‍රියාවෙන් බිය වැද්දෙනු දැකීමෙනි. එහෙත් එවන් දර්ශනයක් දකින කාන්තාවක් බැරි වේලාවත් ඉන් සතුටට පත්වී තමන් සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට එම පුද්ගලයන්ට ඇරයුම් කළා යැයි සිතමු. (නමුත් එවැනි දර්ශනයකින් කාන්තාවෝ ලිංගික උද්දීපණයක් නොලඹති)
    එවිට එම පුද්ගලයෝ බොහෝ විට එම ඇරයුම පිළිනොගනිති. ඊට හේතුව එම රෝගීයකුගේ අරමුණ එම කාන්තාව සමඟ යහන්ගත වීමක් නොවන බැවිනි. ඒ කෙසේ හෝ මෙවන් පුද්ගලයකු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ හොත් ඔහු මෙම පුරුද්දෙන් ඉවත් කිරීමේ යම් හැකියාවක් පවතී. නමුත් ඒ සඳහා දිගුකාලීනව මනෝ චිකිත්සක ක්‍රම වලට ඔහු යොමු කළ යුතුය.
    දමයන්ති ගමගේ lakbima
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,118
    4,758
    113
    එහෙත් ඔවුන් එසේ කරනුයේ එය දකින කාන්තාවන් බිය වැද්දීමටය
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,743
    3,875
    113
    28
    Crynet Solutions
    bit.ly
    exhibitionism වෙන රටවල නම් බීච් වල තමයි ගොඩක් ම සීන් යන්නෙ..
    උන් උන් දිහා බලනවට ආසයි.. උන් දිහා බලන් වෙන උන් ආතල් ගන්නව නම් තමයි උන් කැමති..
    පිරිමි ඉන්නව.. ගෑනිගෙ හෙළුව වෙන උන්ට පෙන්නන්න ආස..
    ලෙඩක් ඒක..
     
    Last edited: