පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,603
    113
    කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ තම පුත්‍රයාගේ නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් වෙනත් පුද්ගලයෙකුට සකස් කර දී බැංකු දෙකකින් රුපියල් තිස් හතර ලක්ෂයක ණය මුදලක් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.


    තමාගේ නමින් වෙනත් පුද්ගලයෙකු බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවට එම විශ්‍රාමික පොලිස් නිලධාරියගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්‍ෂණ මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.