පොලිසියට එරෙහිව නඩු තොගයක් !

bravehearts

Well-known member
  • Sep 5, 2014
    3,334
    3,852
    113
    අරගලකරුවන්ට එරෙහිව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තා පරස්පර බවත්, ජාතික මංමාවත් පනත තිබියදී හිතාමතා ඇප නොදී හිර කිරීම වෙනුවෙන් පොදු දේපොළ පනත යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවත් අද (24) අධිකරණයේදී අනාවරණය විය. ඒ කියන්නේ ඔය චෝදනා ගොනු කළ, පහළ මට්ටමේ පොලිස් නිලධාරීන්ගේ තනි අවශ්‍යතාවට මේවා කළේ ද? ඉහළ නිලධාරීන් කියන-කරන සියල්ල අදහන මෙවැනි නිලධාරීන්ට එවැනි දේකට කොන්දක් නැති බව පැහැදිලි ය. ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වන්නේ නියෝග සෑමවිටම සාධාරණ සහ යුක්තිගරුක විය යුතු බවත්, අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් බැඳී නැති බවත් ය. එසේම, පොලිස් ආඥා පනතේ වගන්ති මගින් ද පැහැදිලි කර ඇත්තේ අනීතික නියෝග ඉටුකිරීමේ බරපතළ බවත්, අකටයුතුකම් වැළැක්වීමට මැදිහත් නොවීමත් සම්බන්ධයෙන් ය. මැයි 09 ප්‍රහාරයට අදාළ ව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පෞද්ගලික නඩුවක් ගොනුකරන ලද්දේ පොලිස් ආඥා පනතේ මෙම 83 / 84 වගන්ති අනුව වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් ය. ඒ කියන්නේ අද අධිකරණ වාර්තා අනුව, අදාළ පහළ පොලිස් නිලධාරීන් විසින් ඉහළ නිලධාරීන් පිනවීම සහ පෞද්ගලික වාසි වෙනුවෙන් නීතිය අවභාවිත කොට තිබේ. ඔවුන්ට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ හැකිය. ඕවගෙන් වැඩක් තියෙනවද යනුවෙන් අහන ප්‍රශ්නය සාධාරණ ය. එහෙත් පැමිණිලි සිය ගණනක් ඉදිරිපත් වුවහොත්... ඊළඟට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ සිවිල් නඩුවක්... තව එවැනි කීයක් ද... අපරාධ නඩු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික අයිතිවාසිකම් නඩු... එක පාරක් - දෙපාරක් කතා කළාට, මුදලක් - වාසියක් අත මිට මෙලෙව්වාට, නියෝග දුන් ඉහළ නිලධාරීන් කවදාවත් මේවගෙන් පහළ නිලධාරීන් බේරාගන්නට පස්සෙන් එන්නේ නැත. අහිමි වන ප්‍රොමෝෂන් දෙන්නටත්, ඩිමෝෂන් ගැන බලන්නටත් එන්නේ නැත. අනෙක් අතට, පදික මාරුවට හානි කළා කියමින් අරගලකරුවන්ට එරෙහිව පොදු දේපොළ පනත යටතේ දාන නඩු, ගෝඨා - රනිල්ලා ගලවාගන්නට පාරවල් හාරමින් බටවලින් බාධක හදන පොලිසියට වලංගු නොවන්නේ කෙසේද ? පොලිසියේ පහළ නිලධාරීන්ට අත් දෙකෙන් වෙනුවට, දැන් ඔළුවෙන් වැඩ කරන්නට සිදු වනු ඇත ! මේ සියල්ල කනපිට ගසන කාලයයි !
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    27,239
    14,785

    CJ yatathe judge la inne, CJ diurum denne president yatathe?
    ethakota judgment?
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    876
    113

    පොලිසිය එක්ක අතින් පයින් හැප්පෙනවාට වඩා හොඳ මානව හිමිකම් නඩු දාන එක පොලිස් කරයෝ 20,30 මානව හිමිකම් නඩු දැම්මා නම් අනිත් උනුත් බල්ලෝ වගේ ඉදිවී.එකේ හොදම දේ තමා මානව හිමිකම් නඩුවකට නීතිපතිට පෙනී ඉන්න බෑ.පොලිස් කරයට අතින් වියදම් කරන් නඩු කියන්න වෙන්නේ​

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,334
    3,852
    113

    පොලිසිය එක්ක අතින් පයින් හැප්පෙනවාට වඩා හොඳ මානව හිමිකම් නඩු දාන එක පොලිස් කරයෝ 20,30 මානව හිමිකම් නඩු දැම්මා නම් අනිත් උනුත් බල්ලෝ වගේ ඉදිවී.එකේ හොදම දේ තමා මානව හිමිකම් නඩුවකට නීතිපතිට පෙනී ඉන්න බෑ.පොලිස් කරයට අතින් වියදම් කරන් නඩු කියන්න වෙන්නේ​

    හරියටම කියවගෙන තියෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    27,239
    14,785
    113

    පොලිසිය එක්ක අතින් පයින් හැප්පෙනවාට වඩා හොඳ මානව හිමිකම් නඩු දාන එක පොලිස් කරයෝ 20,30 මානව හිමිකම් නඩු දැම්මා නම් අනිත් උනුත් බල්ලෝ වගේ ඉදිවී.එකේ හොදම දේ තමා මානව හිමිකම් නඩුවකට නීතිපතිට පෙනී ඉන්න බෑ.පොලිස් කරයට අතින් වියදම් කරන් නඩු කියන්න වෙන්නේ​

    Lankawe human rights eke inneth retired wechcha judge kenek neda?

    පොලිසිය එක්ක අතින් පයින් හැප්පෙනවාට වඩා හොඳ මානව හිමිකම් නඩු දාන එක පොලිස් කරයෝ 20,30 මානව හිමිකම් නඩු දැම්මා නම් අනිත් උනුත් බල්ලෝ වගේ ඉදිවී.එකේ හොදම දේ තමා මානව හිමිකම් නඩුවකට නීතිපතිට පෙනී ඉන්න බෑ.පොලිස් කරයට අතින් වියදම් කරන් නඩු කියන්න වෙන්නේ​

    "මානව හිමිකම් නඩු දාන එක"
    kalu kaba set eka nikan dala denawanam aulak naha,
    meken hodda bora karaganna enne nathuwa.......