පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    3,835
    2,139
    113
    Albuquerque, New Mexico, United States
    තමන් ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා බස් රථවල අංක සටහන් කර තබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

    යම් අවස්ථාවක දී කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කොට තිබුණහොත් එම පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කළ පුද්ගලයින් සොයා ගැනීම සහ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිවේදනය කිරිමට මෙය උපකාරී වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය හරහා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් රැසක් පොදු ප්‍රවාහන සේවා රැසක ගමන් කර ඇතිබවට තොරතුරු හෙළිවී තිබීම මිට ආසන්නතම සිදුවීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
    මේ හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන් සිය බස් රථයේ අංකය හොදින් පෙනෙන අයුරින් බස් රථය තුල ස්ථාන කිහිපයක ප්‍රදර්ශණය වන ලෙස සටහන් කොට තබන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් දැනුම් දී සිටියේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    14,844
    2,152
    113
    Bus wala unta liyanna bari nisa. Dan minissu liyanawa. Eka athakata eka hondai naththan un id numbers liyanawane.
     
    • Like
    Reactions: samsri

    tha123

    Well-known member
  • Mar 4, 2015
    3,488
    1,144
    113
    smart id system එකක් තිබ්බනම් කිසි කචල් එකක් නෑ...:( බස් එකටත් ස්කෑන් කරගෙනම නගිනවා.. අනිත් යන ඔෆිස්, කඩ එහෙම හැමතැනම ස්කැන් කරල ගන්න දුන්නනම්... මිනිස්සුන්ට හොර කරන්නත් බෑ.. අර මගුල් පොතේ a-z ලිය ලිය ඉන්න ඕනෙත් නැහැ...