පොලීසියේ සිව්දෙනෙකු ඝාතනය කළ සැරයන් ගැන මව කළ සංවේදනීය හෙළිදරව්ව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    25,568
    24,240
    113
    @N A K A M U R A ubata kiyanna monahari thiyada??????????



    පොලීසියේ සිව්දෙනෙකු ඝාතනය කළ සැරයන් ගැන මව කළ සංවේදනීය හෙළිදරව්ව


    පොලීසියේ සිව්දෙනෙකු ඝාතනය කළ සැරයන් ගැන මව කළ සංවේදනීය හෙළිදරව්ව​



    අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ඊයේ (24) රාත්‍රියේ වෙඩි තැබීම සිදුකළ පොලිස් සැරයන්වරයාගේ මව සංවේදී හෙළිදරව්වක් සිදු කළාය.

    ඇය සඳහන් කළේ සිය පුතා වසර 8ක් තිස්සේ දැඩි පීඩනයකින් සිටි බවය.

    පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර පොලීසිය තුළ ඊයේ (24) රාත්‍රියේ සිදුකර තිබූ එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පොලිස් සැරයන්වරයාගේ මව සඳහන් කළේ,

    "2012 ඉඳලා පුතාගේ පාදයේ අසනීපයක් තියෙනවා. එයාට මෙඩිකල් නිසා යුනිෆෝම් අඳින්න බෑ. එයාට මුල ඉඳලම එක එක කෙනෙහිලිකම් වුණා පොලීසිවලින්. ප්‍රශ්න ඇති කරලා ඇති කරලා පොලීසියේ පිටු 7ක් ලියලා දීලා ඒක විභාග කරකර ගියා. පස්සේ ඒක අතහැරලා දාලා හිටියා පුතා."

    "සමන්තුරේ වැඩකරපු කාලෙත් දින 100ක නිවාඩුවක් නොදී තියාගත්තා. එයා මෙඩිකල් නිසා එයාට වෛර කරනවා. 'උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාවට, නිකන් ඉඳන් කන්නේ' වගේ කතා පොලීසියේ අනෙක් අය කියලා තියෙනවා. මත්පැන් ගන්නෙත් නෑ. ඔය පීඩනයෙන් අවුරුදු 8ක් හිටියේ."

    "අපිටත් දුකයි.. වෙච්ච ප්‍රශ්නයටත් දුකයි. අවුරුදු 38ට කිසි මනුස්සයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. ඒත් දරුවා කෝල් එකක් අරන් කිව්වා නම් අම්මේ..මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං වැඳලා කියනවා මගේ පුතාට.. රස්සාව දාලා ගෙරද එන්න මගේ මැණික කියලා. මට කිව්වේ නෑ."

    "පුතා පොලීසියේ වෙඩි තියන්න පටන්ගෙන කියලා ගෙදරට ආරංචි වෙලා පැයක් ගියේ නෑ පුතා ගෙදර ආවා. ඒ ආවේ මොනරාගල පොලීසියට භාරවෙන්න. මෙයා එනකොට ලාහුගලදිත් වෙඩි තියලා තියෙනවා. වැදිලා තිබුණේ නෑ. ගෙදරට ඇවිත් මට වැඳලා ගියේ. මුකුත් කිව්වේ නෑ. අපි කිව්වා මොනරාගලට යන්න එපා තවත් බාධාවෙයි ඇතිමලේ පොලීසියට යන්න කියලා."


    පළමුව පොලිස්ථානයට පැමිණ ඇති ඔහු පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කළ පොලිස් නිළධාරියා සතු ටී. 56 ගිනි අවිය උදුරාගෙන තිබුණි.

    පසුව පොලිස් සැරයන්වරයා එම ගිනි අවියෙන් පොලිස් ස්ථානය තුළ සිටි නිලධාරින්ට වෙඩි තබා තිබුණි.

    එම අවස්ථාවේ චෝදනාගාරය භාරව කටයුතු කළ පොලිස් නිලධාරියාට ද වෙඩි තබා ඇත.

    ඔහු තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයාට වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ, රාජකාරි කටයුත්තක් සඳහා බැහැරට ගොස් ජීප් රථයෙන් යළි පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදීය.

    එහිදී ජීප් රථයේ රියදුරට වෙඩි වැදීමෙන් පසු ජීප් රථය, අසළ පිහිටි ගොඩනැගිල්ලක ගැටී තිබුණි.

    රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලැබීය.

    වෙඩි ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරින් දෙදෙනකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී තිබුණි.

    පොලිස් මූලස්ථානය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපති අරුණ ජගත් දෙහිගම මහතා ඇතුළු නිලධාරින් සිව්දෙනකු තිරුක්කෝවිල් සහ අක්කරේපත්තුව යන රෝහල් වෙත ඇතුළත් කළ බවය.

    රෝහල් ගතකිරීමෙන් පසු තවත් නිලධාරියෙකු මියගොස් තිබුණි.

    මිය ගිය නිලධාරින් අතර පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපල් රියදුරු ද වෙයි.

    වෙඩි තැබීම සිදුකළ පොලිස් සැරයන්වරයා තම පෞද්ගලික කැබ් රථයෙන් සිය ගම් ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට පළාගොස් තිබුණි.

    37 හැවිරිදි අවිවාහක පුද්ගලයකු වන සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර පසුව ඇතිමලේ පිහිටි තම නිවසට ගොස් සිය මවට වැඳ පසුව ඇතිමලේ පොලිස්ථානයට කැබ් රථයෙන්ම පැමිණ භාරවී තිබුණි.

    පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සිදුකළ ටී.56 ගිනි අවි දෙකක්, මැගසින් 19ක පුරවන ලද උණ්ඩ 562ක් මෙන්ම තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ යතුරු කැරැල්ලක් සැකකරු විසින් ඇතිමලේ පොලීසියට භාරදුන් බවය.

    එහිදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්පාර මුලස්ථාන පොලීසියට යොමුකර තිබුණි.

    වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැතත් නිවාඩු ලබානොදීමේ සිද්ධියක් මීට මුල්වී ඇත්දැයි පොලීසිය සැක පළ කරයි.

    මෙම පොලිස් සැරයන්වරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ සිට පොලීසියට එක්වු අයෙකි.

    වසර කිහිපයකට පෙර ඔහුට පාදයේ ශල්‍යකර්මයක් සිදුකර තිබූ බැවින් සැකකාර පොලිස් සැරයන්වරයා සිට තිබුණේ වෛද්‍ය අධීක්ෂණය යටතේය.

    සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද (25) පස්වරුවේ සිදුකෙරුණි.

    සැකකාර පොලිස් සැරයන්වරයා අද පස්වරුවේ අක්කරෙයිපත්තු මහෙස්ත්‍රාත් එම්.මොහොමඩ් හම්ෂා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    මෙම වෙඩි ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් සිව්දෙනකු මියගොස් තිබුණි.

    30 හැවිරිදි කොස්තාපල් අලකරත්නම් නවීන් කල්මු‍ණේ පදිංචිකරුවෙක් වන අතර, 54 හැවිරිදි පොලිස් සැරයන් අබ්දුල් කාදර් ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිද්ධියෙන් මියගිය සියඹලාන්ඩුවේ පදිංවි 32 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරු දිසානායක මුදියන්සේලාගේ තුෂාර, දෙදරු පියෙකි.

    35 හැවිරිදි පොලිස් කොස්තාපල් ඉෂාර ප්‍රබුද්ධ මහතා ද සිද්ධියෙන් මියගියේය.

    බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු විවාහ වී තිබුණේ මීට මාස 4කට පෙරය.