පොහොට්ටුවන් කැළඹූ ගම්මන්පිලගේ කොරෝනා, ඩොලර්, ආර්ථික කතාව මෙන්න..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    31,151
    31,447
    113
    රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ඒම සදහා පස්වැදැරුම් වැඩපිළිවෙලක් තමන් යෝජනා කරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය

    ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පසුගිය දා (06) පැවති කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දින සමාරම්භක උළෙල අමතමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

    මේ අර්බුදය කොවිඩ් නිසා ද?

    මෙවර කර්මාන්ත ප්‍රදර්ශනයේ තේමාව වෙලා තියෙන්නේ තිරසර සංවර්ධනය සහ කාර්මීකරණය. මම දීර්ඝ කාලයක් පරිසරවේදියෙක් විදිහට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විදිහට පරිසර අමාත්‍යවරයා විදිහට කර්මාන්ත සහ තිරසර සංවර්ධනය අතර තියන ගැටුම ප්‍රායෝගිකව අත් වින්ද කෙනෙක්. හැබැයි අද මම හිතුවා ඒ ගැන නෙමෙයි ආර්ථිකය තිරසර බව sustainability of our economy පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා අපේ කර්මාන්තකරුවන් ඉදිරියේ .

    අද රට මූණ දීලා තියෙන දැවැන්ත ආර්ථික අර්බුදය ඇත්තටම තේරුම් අරන් තිබෙනවා ද කියන ප්‍රශ්නය පුද්ගලිකව මට තිබෙනවා . මේ ප්‍රශ්නේ ගැන බොහෝ දෙනෙක් කතා කරද්දි මේ ප්‍රශ්නය විග්‍රහ කරන්නේ කෝවිඩ් නිසා ඇතිවුන ප්‍රශ්නයක් කියලා. මං ඒක පිළිගන්නේ නෑ . මොකක්ද අපේ රටේ තියෙන ප්‍රශ්නේ ? ඉතාම සරලව ඉතාම කෙටියෙන් කිව්වොත් ආණ්ඩුවට රුපියල් නෑ. රටට ඩොලර් නෑ. ඩොලර් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ විදේශ විනිමය නෑ කියන එක. ඕක තමා රටේ ප්‍රශ්නෙ. මේ ප්‍රශ්නය කොවිඩ් නිසා ඇතිවුණු ප්‍රශ්නයක් නම් අපේ මතුවෙලා තියෙන ආදායම සහ වියදම අතර තියෙන පරතරය ට කෙටි කාලීන ණය ගත්තම ආයෙ පරණ තත්ත්වයට ගියහම මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් . හැබැයි ඒක කොවිඩ් නිසා ඇතිවුණු තත්වයක් නෙමෙයි . මේ ප්‍රශ්නෙ කොවිඩ් ඉවර උනහම ඉවර වෙන්නෙත් නෑ .

    මොකක්ද මේ ඇත්ත ප්‍රශ්නය ?

    මොකක්ද අපේ ඇත්ත ප්‍රශ්නේ. අපි දිර්ඝ කාළයක් 1955 ඉඳන්ම ආදායමට වඩා වැඩියෙන් වියදම් කරල තියනව . ආදායම් වගේ දෙතුන් ගුණයක් ආන්ඩුව වියදම් කරනවා. ආදායම උපයල නෙමෙයි මේ පරතරය පියවා ගත්තේ ණය අරගෙන. ණය ගත්තහම සරල සිද්ධාන්තය පොලියත් සමග ආපහු ගෙවන්න වෙනවා . මාත් කාලයක් සමූහ ව්‍යාපාරයක ප්‍රධාන විධායක නිලධාරියා විදියට කටයුතු කළා. අපි විශ්ලේෂණය කරල බලනවා මේ පොලි අනුපාතයට මෙච්චර කෙටි කාලෙකට ණයක් අරගත්තම අපේ ව්‍යාපාරයට ණය සහ පොලිය ආපහු ගෙවන්න පුලුවන්ද. financial sustainability .

    ආණ්ඩුව ණය අරන් තියෙන්නෙ ආපසු ගෙවීමේ හැකියාව දිහා බලලා නෙවෙයි . දිගින් දිගටම ණය අරගෙනත් තවදුරටත් රුපියල් ණය ගන්න බැරි තත්වෙකට ආණ්ඩුව හිර වෙලා තියෙන්නේ . 1978 ඉඳන්ම අපි අපනයනය වලට වඩා වැඩියෙන් ආනයනය කරලා තියෙනවා . අපනයන ආනයන අතර පරතරය ඩොලර් බිලියන අටක් . අපි මේ පරතරය පියවගන්න උත්සාහ කරල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් විදේශීය ණය අරගෙන . ණය අරගෙන ණය අරගෙන අද අපේ ජාතික ආදායමෙන් 115% රටේ ණය බර .ඒ නිසා තවදුරටත් ණය ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා .රුපියල් ණය ගන්නත් බෑ ඩොලර් ණය ගන්නත් බෑ. ගත්ත ණය ගෙවා ගන්නත් බෑ. ඒ නිසා තමයි මේ රට හිර වෙලා තියෙන්නේ. අපේ සැබෑ අර්බුදය ණය අර්බුදය මිස කොවිඩ් වසංගතය නෙමෙයි.

    කොවිඩ් වසංගතයෙන් ඇතිවෙච්ච ප්‍රශ්ණයනම් අපිට තව අවුරුද්දකින් විසදගන්න පුළුවන්. නමුත් මේ ණය අර්බුදය කියන්නේ දසක ගණනාවක් මෝදුවෙලා ඇවිල්ලා තව වසර පහකින් විතර පුපුරන්න තිබුණු බෝම්බෙ කෝවිඩ් ආපු නිසා ඉක්මන් වුන එක විතරයි වුණේ. එහෙමනම් අද අපිට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න තියෙනවා .මේ ප්‍රශ්න කෝවිඩ් නිසා ඇති වුණ අර්බුදයක් කියලා විග්‍රහ කරන අය කියනවා බයවෙන්න එපා සංචාරක ව්‍යාපාරය නැගිටිනවා. ගිය අවුරුද්දේ වගේ නෙවෙයි ලක්ෂ ගණනින් පිටරට යනවා මේ අවුරුද්දේ රස්සා වලට. මේ ප්‍රේෂණ ලැබුණාම සංචාරක ව්‍යාපාරය ලැබීම් ලැබුණම අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ එනවා කියලා .

    සාමාන්‍යයෙන් වසරක අපේ අපනයන ආදායමයි ආනයන වියදමයි අතර තියෙනවා ඩොලර් බිලියන 8 ක පරතරයක් . ඒකට වසරේ ගෙවන්න තියෙන ණය ඩොලර් බිලියන හතත් එකතු කළහම ඩොලර් බිලියන පහළොවයි . දැන් මේ ඩොලර් බිලියන 15 ගෙවන්න හදන්නෙ සංචාරක ව්‍යාපාරය නැගිටීම අපි උපරිම තත්ත්වය දි හම්බ කළා ඩොලර් බිලියන හතරක් . විදේශ රැකියා කරන අයගේ ප්‍රේෂණ උපරිම තත්ත්වයෙන් අපි ඩොලර් බිලියන හතයි . ඩොලර් බිලියන 11ක් තමයි මේකෙන් උපරිම තත්වයට ගියත් ගන්න පුළුවන් . තව ඩොලර් බිලියන 4ක පරතරයක් තියෙනවා. ඊට අමතරව පිටරට අධ්‍යාපනය , පිටරට සංචාරවලට ,පිටරට සෞඛ්‍ය සේවා ලබාගන්න මේවට වියදම් කරන ඩොලර් ගන්නෙ නැතුව ලොකු කෑලි ටික අරන් තමයි මේ බැලුවේ . වියදම මීටත් වඩා වැඩියි . එහෙමනම් අපිට ඉන්දියාවෙන් චීනෙන් imf එකෙන් කෙටිකාලීන ණය අරගෙන මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බෑ .මේ ණය ඔක්කොම පොලී සමග ගෙවන්න වෙනකොට අපේ මේ තියෙන අර්බුදය වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නෑ .

    මොකද්ද උත්තරේ ?

    එහෙම නම් මොකද්ද උත්තරේ . ඩොලර් උපයන මාර්ග වැඩි කරගන්න ඕන . ඩොලර් වියදම් වෙන මාර්ග අඩු කරගන්න ඕනේ . අන්න එතෙන්ට රට තල්ලු කරන්න ඕනේ . අපි 1977 ඉඳන් හිතුවා නිදහසේ ගලන ආර්ථිකයත් බවට රට පත් කරන්න ඕනේ කියලා . අපිට හදන්න පුළුවන් දේ පිටරට හදලා යවනවා . ගේන්න පුළුවන් ඕන දෙයක් ගේනවා . නිදහසේ මේක කළ යුතුයි කියලා . හැබැයි ඒවායේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර ඩොලර් බිලියන 8 ක පරතරය ඇවිල්ලා තියෙන්නෙ . අපිට අපි බලාපොරොත්තු වූ වේගයෙන් අපනයනය වර්ධනය වුණේ නැහැ . ඇයි අපේ ශ්‍රමය මිලෙන් ඉහළයි . අපේ තරගකාරී බංගලිදේශය එක්ක වියට්නාමය එක්ක චීනය එක බලද්දි පවා අපේ ශ්‍රමය මිලෙන් අධිකයි . බලශක්තියත් හරිම මිලයි ලංකාවෙ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බලද්දී . විශේෂයෙන් විදුලිය . අපේ රටේ මිලෙන් ඉහළයි . මේ නිසා අපේ කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළේ තරග කිරීමේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා . අපේ අපනයන බලාපොරොත්තු උන මට්ටමට වර්ධනය වුණේ නෑ . මේ අර්බුදයෙන් ගොඩ යන්න නම් අපි වහාම වවන්න පුළුවන් හැම දේම මේ රටේ වවන්න ඕනෙ. හදන්න පුළුවන් හැමදේම මේ රටේ හදන්න ඕනේ .ඒක වගා සංග්‍රාමයක් නිපැයුම් සංග්‍රාමයට ආණ්ඩුව නෙමේ නිශ්පාදකයා නෙමේ සමස්ත ජාතියම එක මිටියට එකතු වෙන තැනකට මේ රට ගෙන යා යුතුයි .

    මට මේ ලඟදි මහ බැංකු අධිපති තුමාව හම්බ උනාම එතුමා දුන්න ලයිස්තුවක්, 2021 පලතුරු ආනයනය කරල තියෙනවා ඩොලර් මිලියන 68ක් . කුළුබඩු වලට ඩොලර් මිලියන 127ක් ,ධාන්‍ය එළවළු ඩොලර් මිලියන 384 . කව්දෝ කිව්වා ඒ ගෙනල්ල තියෙන්නෙ මයිසූර් පරිප්පු නේ ඒක අත්‍යවශ්‍යයි කියලා අමාත්‍ය මණ්ඩලයේදී . එතකොට චමල් රාජපක්ෂ ඇමතිතුමා කිව්වා මුං ඇට විකුණගන්න බැරුව ඉන්නවා හම්බන්තොට ඕගොල්ලෝ ඩොලර් මිලියන තුන්සිය අසූ හතරක් දීලා පරිප්පු ගෙනල්ලා තියෙනවා . මී පැණි ඕස්ට්‍රේලියාවෙන් කැනඩාවෙන් සහ තුර්කියෙන්. මී පැණි ගේන්න ඩොලර් 850,000 වියදම් කරල තියනවා . අපි දන්නවා අපේ රටේ ජෛව විවිධත්වය ඉහළයි අපේ රට ඝර්ම කලාපයේ තියෙන රටක් . අපේ මීපැණිවල ගුණය වැඩියි ඔය ඕස්ට්‍රේලියාවෙ කැනඩාවේ මී පැණි වලට වඩා. අපේ රටේ ඇතිවෙන්න වතුර තියෙනවා. ගලායනවා. යටත්වෙනවා. පානීය ජලය ගේන්න ඩොලර් 450,000 වියදම් කරල තියෙනවා. කිරි ආහාර වලට ඩොලර් මිලියන 318 . චොක්ලට් අයිස්ක්‍රීම් වගේ ඒවට ඩොලර් මිලියන 48ක් . ඉතින් අර්බුදය ඇති නොවී තිබේද . අපි හිතන විදිය වෙනස් කරගන්න වෙලා තියනවා .අතීතයේ අපි කිව්වා වගේ සිරිලක දේ සිරි සැප දේ කියලා සමස්ත ජාතියම ,ආණ්ඩුවට තනියෙන් කරන්න බෑ අපේ මාධ්‍ය සහෘදයන්ගේ සහයෝගය අරගෙන සමස්ත ජාතියේම සිරිලක දේ සිරි සැප දේ කියලා හිතුවොත් අපේ රටේ හදන දේ ගැනීම තමයි අපි සැබෑ ශ්‍රී ලාංකිකයෙක් කරන්න කියලා හිතුවොත් පමනමයි අපිට මේ අර්බුදය ගොඩ යන්න පුළුවන් වෙන්නේ .

    මුලින්ම අපි රණවිරුවන් ගැන කතා කළා ,යුද්ධය ඉවරඋනාට පස්සේ රට හදන්න ඩොලර් ගෙන රට විරුවන් ගැන කතා කළා. ඊළඟට වසංගත ආවම සුව විරුවන් ගැන කතා කළා . මේ උදාවෙලා තියෙන්නේ නිෂ්පාදනයෙන් රට රැක ගන්න කර්මාන්තකරුවන් අගයන නිම විරුවන් නැත්තං නිපැයුම් විරුවන් ගැන කතා කළ යුතු යුගය යි . අපි අපේ රටේ දේ හදන්න අපේ රටේ දෙයට රට තුළ වෙළඳපල හදන්න කටයුතු කළොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් .

    අර්බුදයෙන් ගොඩ එන්න පියවර 5ක්

    මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මම යෝජනා කරන පියවර 5ක් තියෙනවා .

    1. ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්න ඕන . සමහරු අපිට කියනවා ඇහෙනවා ඇතිවෙන්න සල්ලි තියෙනවා ඇතිවෙන්න ඩොලර් තියෙනවා බයවෙන්න එපා . ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් කවදාවත් ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් වෙන්නේ නෑ .
    2. ප්‍රශ්නය අපි අඳුන ගන්න ඕනේ . දොස්තර ලෙඩේ හරියට අඳුරගත්තේ නැත්තං දෙන බේත වරදිනවා. මේ ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇතිවුණු ප්‍රශ්නයක් නෙවෙයි ණය ගැනීමෙන් ඇතිවෙච්ච ණය උගුල නිසා ඇති කරන ලද්දක් කියන එක ඒ තිත්ත ඇත්ත අපි පිළිගන්න ඕන .
    3. ප්‍රශ්නයේ දිග පළල හරියට අඳුරගෙන ප්‍රශ්නය රටේ ජනතාවට කියන්න ඕන. ජනතාවට අයිතියක් තියෙනවා මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න. බොරු කියනවා වෙනුවට තිත්ත ඇත්ත ජනතාවට කියන්න ඕන .
    4.කාල වකවානු සහිතව මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ රට ඉදිරියේ තබන්න ඕන.
    5. ඒ වැඩපිළිවෙළ මහා පොළොවේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අද අපි ගත කරන ජීවන මට්ටම වෙනස් කරගන්න වෙනවා නම් අපට කැපකිරීම් කරන්න වෙනවා නම් කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් අවවාදයෙන් නෙමේ ආදර්ශයෙන් , රටේ නායකයන් ජනතාවට කැපකිරීම් කරල පෙන්නන්න ඕන .

    මෙන්න මේ පංච පියවර ගත්තොත් පමණක් මේ අර්බුදයෙන් ගොඩ යන්න අපිට පුළුවන් වේවි .ඒ අර්බුදයෙන් ගොඩ යෑමේ නියමුවන් බවට පත් වෙන්නේ මේ රටේ නිමැයුම් කරන කර්මාන්ත හිමියන් කර්මාන්තකරුවන් ,මගේම වචනයෙන් කියනවානම් නිම විරුවන් . ඒ නිසා අපේ ආදරණීය මව්බිම නොසිතූ විරූ මොහොතක ඇද වැටිලා තියෙන මේ මහා අර්බුදයෙන් ගොඩගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමුන්නාන්සේලා සියලු දෙනාට මම ආයාචනා කරනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    14,517
    22,233
    113
    කෑගල්ල

    ලොල් දොඩන් ගෙඩි දේකට 380 යි. දොඩන් දේකයි ඇපල් දේකයි මිදි පොඩ්ඩකුයි ගත්තා රැ 1000. ලෙඩෙකුට. .​

    මුන්ගේ සීමා වලින් වැඩකුත් නෑ මිල පාලනේ කුත් නෑ. අසරන මිනිස්සු තවත් තලා පේලා දාන එක විතරයි වේන්නේ.​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,191
    113
    Malabe
    ඔය වගේ සාධනිය විවේචනයක් කරන්ඩ එකම එකෙක්වත් විපක්ශෙ නැනෙ නේද, ඒක නිසා ඔය කතාවක්වත් අහපන් ..🤭🤭🤭🤭
     
    • Like
    Reactions: SMG70

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    10,204
    21,456
    113

    ලොල් දොඩන් ගෙඩි දේකට 380 යි. දොඩන් දේකයි ඇපල් දේකයි මිදි පොඩ්ඩකුයි ගත්තා රැ 1000. ලෙඩෙකුට. .​

    මුන්ගේ සීමා වලින් වැඩකුත් නෑ මිල පාලනේ කුත් නෑ. අසරන මිනිස්සු තවත් තලා පේලා දාන එක විතරයි වේන්නේ.​

    දේශීය කාබනික ගුණ පලතුරු ගනින් 😄
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    14,517
    22,233
    113
    කෑගල්ල
    ඔය වගේ සාධනිය විවේචනයක් කරන්ඩ එකම එකෙක්වත් විපක්ශෙ නැනෙ නේද, ඒක නිසා ඔය කතාවක්වත් අහපන් ..🤭🤭🤭🤭

    ඔය කියලා තියේන්නේ උබලගේ මහ හරකට ඒක ගිහින් උට කියපන්. ඊට කලින් කියපන් තොට මේකවත් කියවගන්න බෑනේද :lol: :lol:


    දේශීය කාබනික ගුණ පලතුරු ගනින් 😄
    ගෙදර හදපු කෙහෙල් තමා තියේන්නේ. :lol::lol:.
    ------ Post added on Feb 9, 2022 at 9:30 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    17,254
    9,674
    113
    Auckland
    264271419_122832290203173_8869134575226751372_n.jpg