මහජන බැංකුව පෞද්ගලික අංශයේ විවිධ සමාගම් රැසකට දුන් රුපියල් කෝටි 5400 කට ආසන්න ණය මුදලක් ගෙවීම එම සමාගම් විසින් පැහැර හරිනු ලැබ ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මෙම ණය ලබාගෙන ඇති ආයතන ඔවුන්ට ණය ලබාදීම සඳහා ඇගැයීම් කළ ආකාරය සහ අනුමැතිය ලබාදීම සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් ඇතුළු කරුණු පිළිබඳ සවිස්තරාත්මක වාර්තතාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට පෙරේදා (04) නිර්දේශ කළේය.
එසේම මෙම තොරතුරු ඉදිරි කෝප් වාර්තාවේ ප්‍රකාශයට පත් කරන බවද කෝප් සභාපතිවරයා පැවැසීය.
කෝප් සභාපතිවරයා මෙම නිර්දේශ දුන්නේ මහජන බැංකුවට අදාළව නිකුත් කර ඇති 2018, 2019 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරික්ෂා කිරීම සඳහා එම බැංකුවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) පෙරේදා (04) කැඳවූ අවස්ථාවේදීය. මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඇතැම් අවස්ථාවලදී බැංකු ණයක් ලබා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන පසුබිමක ගෙවීමට ශක්‍යතාවක් නොමැති සමාගම්වලට ප්‍රමාණවත් පරිදි දේපළ ඇපයට තබා ගැනීමකින් තොරව රුපියල් බිලියන 2, 3, 4 බැගින් විශාල ණය ලබාදී ඇති බව නිරික්ෂණය වන බැවින් මේවාට අනුමැතිය කුමන ආකාරයකින් ලැබුණිද යන වග හෙළි කළ යුතු බව කමිටුවේ මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ. එසේම ඉදිරියේදී ණය ලබා දෙන විට වඩාත් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එය සිදුවිය යුතු බවත් ජාතික ධනය සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
මහජන බැංකුවේ හිටපු සාමාන්‍ය අධිකාරිවරයකු භාවිත කළ වාහනය 2019 වසරේදී විශ්‍රාම ගත්නා විට ඉතා අඩු වටිනාකමකට පවරාදීම පිළිබඳව ද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය. රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට මිලදී ගෙන ඇති මෙම මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2019 වසරේදී රුපියල් 113,698 ක මුදලකට හිටපු සාමාන්‍යාධිකාරිවරයාට පවරා ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය. බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා වසරකට වඩා කාලයක් භාවිත කළ වාහනය මෙලෙස පවරා දීම සාමාන්‍යයෙන් සිදුවන බවත් භාවිත කළ කාලය අනුව ක්ෂය වීම සලකා වෙළෙඳ පොළ වටිනාකම අනුව මෙම මිල තීරණය කර ඇති බවත් බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පැවැසුවේය.
මෙහිදී කමිටුව විමසා සිටියේ රු. මිලියන 16 කට ආසන්න මුදලකට මිලදී ගත් වාහනය රු. එක් ලක්ෂ දහතුන් දහසකට ආසන්න මුදලකට පවරාදීම සිදුවූයේ කෙසේද යන්නයි. බැංකුවේ වාහන පවරා දීමේ මෙම ප්‍රතිපත්තිය වෙනස් කර ඇති බවත් සාමාන්‍යධිකාරි හෝ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ධුරයේ වසර 25 කට වැඩි සේවා කාලයක් ඇති අය සඳහා පමණක් මෙම අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයා මෙහිදී පැවැසුවේය. මෙලෙස ජාතික ධනය වැය කිරීම පිළිබඳ නැවත සිතා බැලිය යුතු බවත් අධ්යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් දැනට සිදු කරන මෙම ක්‍රියාවලිය විශේෂ අවසරයක් යටතේ පමණක් සිදු කළ යුතු බවත් පෙන්වා දුන් කෝප් කමිටු සභාපතිවරයා මෙම තත්වය සඳහා වහා මැදිහත්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය. ඒ අනුව ලේකම්වරයා යටතේ ඇති බැංකු පද්ධතිය සඳහා අධ්යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් සිදු කරන මෙවැනි ක්‍රියා සම්බන්ධව මාගෝපදේශයන් සකස්කරන ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා ලෙසත් නිර්දේශ කළේය. මේ අතර දත්ත ගබඩා කිරීම සඳහා 2015 වසරේ හඳුන්වා දුන් ව්‍යාපෘතියකට රු. මිලියන 402 කට ආසන්න මුදලක් වැයකළ ද එය අපේක්ෂා කළ පරිදි භාවිත කළ නොහැකිව ඇති බවත් මෙහිදී අනාවරණය විය.
මෙම ව්‍යාපෘතිය හඳුන්වා දුන් එවකට මහජන බැංකුවේ සභාපතිවරයා විසින් පත් කෙරුණු තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ව්‍යාපෘතිය සිදු කළ සමාගමේ ඊට පෙර සේවය කළ අයකු බවද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් කිසිදු ශක්‍ය අධ්‍යයනයක්ද සිදු කර නැති බව අනාවරණය වූ අතර කිසිදු ප්‍රතිඵලයක් නොමැති ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටි 40 කට වැඩි මුදලක් වැය කිරීම බරපතළ තත්වයක් බැවින් අමාත්‍යාංශ මට්ටමින් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් විශේෂ විගණනයක්ම කර වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාට නිර්දේශ කළේය. අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකුට අයත් සමාගමක් සහ එහි පරිපාලිත සමාගම් සඳහා ණය ලබාදීම එම ණය අක්‍රිය ණය කාණ්ඩයට මාරු කිරීමක් පිළිබඳවද මෙහිදී අනාවරණය විය. මේ සාකච්ඡාවට අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, රෝහිත අබේගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ඉරාන් වික්‍රමරත්න, ජයන්ත සමරවීර, එස්.එම්. මරික්කාර්, එස්. රාසමානික්කම්, මදුර විතානගේ සහ ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන් මහජන බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.