ඵයාර්පෝර්ට් වහන්න බෑ..ඉන්දියන් සංචාරකයො ඕනමයි-ප්‍රසන්න රණතුංග

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    5,887
    2,315
    113
    Lyon
    ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා. ඔහු පවසන්නේ ඉන්දීය සංචාරකයින් මේ වන විට ශ්‍රී ලංකාව වෙත පැමිණීමේදී කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැති බවයි.

    “ඉන්දියාවෙන් එන සංචාරකයින්ට දැනටමත් විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ තත්ත්වය සැලකිල්ලට අරගෙන ලංකාවට එන ඉන්දීය සංචාරකයන් වෙනම ම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කරන්න අපි පියවර ගත්තා.

    එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වහලා දාන්න අපට බැහැ. සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන් තමයි වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට එන්නේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට එන්න අපි අවසර දුන්නා. දැන් ගුවන්තොටුපොළට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ.

    ගුවන්තොටුපලට ඇතුල් වෙන්න පුළුවන් මගීන්ට විතරයි” යනුවෙන් ඇමතිවරයා පවසනවා.
    ගුවන්තොටුපොළ වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා.

     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,764
    3,792
    113
    “ඉන්දියාවෙන් එන සංචාරකයින්ට දැනටමත් විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ තත්ත්වය සැලකිල්ලට අරගෙන ලංකාවට එන ඉන්දීය සංචාරකයන් වෙනම ම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කරන්න අපි පියවර ගත්තා"

    ඉන්දියන් සංචාරකයො ඕනමයි කියලා උබේ ටොපික් එකේ තිබ්බට කොහෙද බං මහ ඇමතිතුමා එහෙම එකක් කියලා තියෙන්නේ?​

     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,477
    2,133
    113
    අඩේ අර නකමුරා කාරය හිතන් ඉන්නෙ ඉන්දියන් උන් රෑට එකා එකා පැරශුට් වලින් මෙහෙට බහිනව කියල
    ඇමෙරිකන්කාරයෙක් එහෙම ආවනම්, (ජනදිපතිකමට නෙමෙයි සංචාරකයෙක් හැටියට ) එදාට තමා බයියෝන්ට කිචිය හැදෙන්නේ..
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    560
    464
    63
    අඩේ අර නකමුරා කාරය හිතන් ඉන්නෙ ඉන්දියන් උන් රෑට එකා එකා පැරශුට් වලින් මෙහෙට බහිනව කියල
    Boats walin northern province ekata enna echchara amaruth na habayi. Kohomath relativeslane inne a paththe
     
    • Like
    Reactions: SLBlackKnight