බලයෙන් ඔළුව උදුම්මාගෙන වරාය දෙන්න ගියොත් ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳින්නත් වෙයි - ප්‍රේම්නාත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    9,532
    7,297
    113
    බලයෙන් හිස උදුම්මාගෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට උත්සාහ කළොත් වත්මන් රජයට එහි ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා අනතුරු හඟවයි.

    "අපි ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියලා ආපු ආණ්ඩුවක්. අපට එහෙම අයිතියක් නෑ මේවා කරන්න. ඒ නිසා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ජනතාවට කන්දෙන්න"



    ප්‍රශ්නය - ඒ වුණාට කට්ටියක් කියනවානෙ මේක දෙනවාමයි කියලා ?

    "ඒ ගොල්ලො ඉතිං කියයි. දෙනවාම කියලාත් කියයි. නමුත් ඉතිං ඒවාවල ප්‍රතිඵල අපට භුක්ති විඳින්න වෙයි. මොකද හේතුව, ජනතාව මෝඩ නෑ. ජනතාව මහින්ද රාජපක්ෂ කියන යුද්ධෙ දිනපු ඒ මහා නායකයාව 2015 පැරැද්දුවා. ඊට පස්සෙ අවුරුදු දෙකක් ගන්න ගියෙ නෑ, යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකෙන් පැරැද්දුවා. ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක හිටියෙත් නෑ. ඉතිං ඒක නිසා එහෙම බලයෙන් ඉදිමිලා, බලයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,371
    2,770
    113
    කහටගස්දිගිලිය
    Machan... oya PremnTh kiyana wesi 20 ta puka dik karala chande deela methana ranganawa..

    ekekwa trust karannepa aamduwe... okkoma Basil ge wada

    82696F37-7097-4204-A9A8-4977B5DE8A44.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,420
    7,653
    113
    ලොල් ලොල් ලොලේ ලොල් ලොල් ලොල්ල්ල්ල්ලල්ල් ල්ලොල්ල් ල්ල්ලොල්ල්ල්ල් ල්ලෝල්ලෝල්
     
    • Haha
    Reactions: Smartm