Mekane bn scene eka, balla ape nemei bn, eha gedara eka. uta e gedara un salakanne naa. eka nisa ape gewal paththe enawa samahara dawasata badagini unama. uta kanna dunnata, uwa wadiya lagata yanne naa, purudu nathi nisa hapuwoth kiyala. ekai me garilla game ekak denna wela thiyenne.මචන් බල්ලට ආදරේනං මේක අහපං.
මැක්කො හැලෙන්න ලේසියට දාන සැර බෙහෙත් ජාති සහ ඉන්ජෙක්ෂන් උගේ ලේ වලට ගිහිං ඒ හරහා තමයි මැක්කොන්ට ඇටැක් කරන්නේ. එතකොට බල්ලාගේ ඇඟටත් කොච්චර විෂක් යනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
කාලයක් තිස්සේ ඕවා දානකොට බල්ලට හම්බානෙක විසයි. ඒකෙන් උගේ ආයුෂ කෙටි වෙනවා. කැන්සර්, ගෙඩි, පපුවේ අමාරු, වකුගඩු සහ අක්මාවේ ලෙඩ එනවා.
අපිට කිව්වෙත් අපේ කලින් vet. (පොර පේරේ veterinary ලෙක්චරර් ඉඳලා දැන් New Zealand වල university එකක ප්‍රොෆෙසර් කෙනෙක්.)
හොඳම වැඩේ මේකයි. පුළුවන් තරම් පිටින් වස විස නැතුව කරන්න පුළුවන් ප්‍රතිකර්ම කරන්න.
බල්ලව හැමදාම හොඳට බ්‍රෂ් කරන්න.
සුමානෙට දවස් දෙකක් වගේ නාවන්න. Asuntol කියලා සබන් ජාතියක් තියෙනවා. බල්ලව මද රස්නේ වතුරෙන් හෝදලා ඒ සබන් හොඳට ගාන්න. ඇස්වල, කන්වල යන්න දෙන්න එපා. ලෙවකන්න දෙන්නත් එපා. සබන් ගාලා විනාඩි පහළොවක් තියලා සාමාන්‍ය ඇල්වතුරෙන් නාවලා දාන්න.
ඒ වගේම මැක්කෝ අතින් අරන් දාන්න. පොඩි බාජනෙකට වතුර ටිකක් දාලා ඒකට දැම්මනං හරි.
විශේෂයෙන්ම කියන්න ඕන මචං මැක්කෝ අපි නොදැක්කට ගේ පුරාම බිත්තර දානවා. විශේෂයෙන් බලු කුඩුවේ අහු මුළු වල, බිත්ති වල තියෙන සිදුරු වල, ගෙදර කර්ට්න්, සෝෆා, කුෂන්, මෙට්ට අස්සේ වගේ තැන් වල හොඳට බලන්න.
ඒ තැන්වලට බේගෝන් ගහන්න. කර්ට්න් වගේ දේවල් උණුවතුරෙන් තම්බන්න.
හුගාක්ම මැක්කෝ ඉන්නවනං එක පාරක් අර වගේ ඉන්ජෙක්ෂන් එකක්, පිට දිගේ දාන බෙහෙතක් වගේ දෙයක් දාලා උන් හැලුනට පස්සේ මේ විදියට කන්ට්‍රෝල් කරන්න.![]()
