බසයේදී හිතවත් වී නිවසට පැමිණි ආගන්තුක කත නිවැසියන් සිහිසුන් කර ලක්ෂ 6ක රන්බඩු උස්සලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    49,513
    49,738
    113
    කතරගම කොළඹ බස් රථයකදී හමුවී හිතවත් වු ආගන්තුක කාන්තාවක වාද්දුව මැලෑගම නිවසකට පැමිණ අඹු සැමි යුවළ සිහිසුන් කර රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා යාමේ සිදුවීමක් වාද්දුව පොලිසිය වාර්තා කර තිබේ.





    පැමිණිලිකාර යුවළ ඥාතීන් සමඟ ඉකුත් මස 17වැනි දින තිස්සමහාරාම ප්‍රදේශයේ ධර්ම දේශනාවක් සඳහා සහභාගී වී ඇති අතර එය අවසන් වී නැවත 18 වැනි දින කතරගම සිට කොළඹ බලා පැමිණෙන බස් රථයකින් වාද්දුව බලා පැමිණෙමින් සිට අතරදී අසුන ආසන්නයේම අසුන් ගන්නා ලද කාන්තාවක සමග පැමිණිලිකාරිය සමග හිතවත් වී ඇති අතර එම කාන්තාව ඇයගේ නම 'සඳමාලි' යනුවෙන් හඳුන්වා දී කතා කරමින් සිට ඇත.

    තම පවුලේ සියලු තොරතුරු මේ නාඳුනන කාන්තාවට පවසා ඇති පැමිණිලිකාරියට කාන්තාව තමන්ගේ විස්තරද කියා ඇති අතර කොළඹ මහනාම පාරේ තට්ටු හතකින් සමන්විත නිවසක කොළඹ මහ උසාවියේ නීතිඥවරියගේ නිවසේ තමා රැකියාව කරන බව පවසා ඇත.




    නීතිඥවරිය දුප්පත් පුද්ගලයන්ට උදව් උපකාර කරන බවද රැකියා දෙන බවද පවසා ඇති අතර එම අවස්ථාවේ පැමිණිලිකාර කාන්තාව තමන්ගේ පුතාට රැකියාවක් සොයමින් සිටි නිසා උදව්වක් ගන්න පුළුවන්දැයි විමසා ඇත. එය පහසුවෙන් කරදෙන්නට එම කාන්තාව එකඟවී ඇති අතර දුරකතන අංක හුවමාරු කරගෙන බස් රථයෙන් පිටව ගොස් තිබුණි.

    පසුව දින කීපයක් කතාබස් කර ඉකුත් මස 29 වැනි දින අවසන් වරට මේ කාන්තාව දුරකතන මගින් ඇමතුමක් පැමිණිලි කාරියට කතාකර නීතිඥවරියට විස්තර කියූ බවත් පැමිණිකාරියගේ නිවසට ඇයට පැමිණෙන්නට අවශ්‍ය බවත් පවසා ඇත.
    මෙම පැමිණිලි කාරිය ඇඟළුම් සේවිකාවක ලෙස සේවය කරන්නියක වන අතර වාද්දුව ප්‍රදේශයේ සාමාන්‍ය නිවසක ජීවත්වෙමින් සිටින්නියකි.
    පෙර කී කාන්තාව ඇමතීමෙන් පසුදින (30) වාද්දුව ප්‍රදේශයට පැමිණ නැවත ඇමතුමක් ලබාගෙන පවසා ඇත්තේ තමා දැන් තනිව ආ බවත් තමාව රැගෙන එන්නට ත්‍රිරෝද රථයකින් පැමිණෙන ලෙසත්ය.
    දැනුම්දීම අනුව පැමිණිලිකාරිය වාද්දුව නගරයට ගොස් සඳමාලි නමැති කාන්තාව නිවසට රැගෙනවිත් ඇති අතර නීතීඥවරිය තව ටිකකින් එන බව කියූ ඇය පැමිණිලිකාරිය හා ඇයගේ සැමියා සමඟ නිවසේ සුහදව කතාබස් කරමින් මද වේලාවක් රැඳී සිටි බව කියැවේ.



    එම අවස්ථාවේ කාන්තාව පවසා ඇත්තේ ටිකක් හොඳට ඉන්න ඕන ගෙදර අය එතකොට තමා නෝනා කැමතිවෙන්නෙ රත්තරන් බඩු එහෙම නැද්ද.. ඒවා තියනව නම් එළියට අරන් පැළඳගෙන ඉන්න. නැතිබැරිකං පෙන්නන්න යන්න එපා යුනවෙනි. එම අවස්ථාවේ නිවෙසේ සිටි සැමියා හා බිරිය දෙන්නාම රත්තරන් බඩු එළියට ගෙන හොඳින් පැළඳ සිටි අතර නිවසේ වටිනා කියන භාණ්ඩ එලියට ගෙන ඒවායින් සාලය සරසා තිබූ බව පැවසේ. සඳමාලි නැමැත්තියගේ කීමට අනුව එසේ වෙනස්කම් කර ටික වේලාවක් සිටියදී තේ එකක් ඉල්ලා ඇති ඇය නිවසේ ඒමේ අත ගමන් කරමින් සිටි බවද පැවසේ.
    අනතුරුව පිරිස තේ පානය කර ඇති අතර තේපානයත් සමග පැමිණිලිකාරියට හිසේ කැක්කුමක් හටගත් බව පැවසේ.
    ඇය සැකකරන්නේ කිසියම් ද්‍රව්‍යයක් කුස්සියේදී තේ කෝප්පයට දමන ලද බවයි.
    මේ සමග තමා සිහිසුන් ගතියෙන් සිටි බවත් එම අවස්ථාවේ තම සැමියාටද එවැනි තත්වයක් හටගත් බවත් පැමිණිලිකාරිය පවසා තිබේ,

    කාන්තාව නීතිඥවරිය රැගෙන ඒම සඳහා වාද්දුව නගරයට යාමට අවශ්‍ය බවට පවසා මාර්ගයට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක නැගී වාද්දුව නගරයට යනු තමාට යාංතමින් මතක බවද ඇය පවසා තිබේ,මෙයින් පසු පැමිණිලි කාරියට නින්ද ගොස් ඇති අතර එම අවස්ථාවේදී
    අසල්වාසීන් නිවසේ පදිංචි පුද්ගලයන් දකින්නට නොවීම සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පැමිණිලිකාරිය හා ඇයගේ සැමියා නිවසේ සාලයේ හා නිදන කාමරයේ සිහිසුන්ව සිටින බවට දැකගන්නට ලැබී ඇත.
    පොලිසියට දැනුම්දී දෙන්නාව වහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.
    රෝහල්ගතව දින තුනක් පමණ ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ බලන විට සිද්ධිය අවස්ථාවේ ආගන්තුක කාන්තාව නිවස කොල්ලකා ඇති බවත්
    සොරාගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 2 1/2ක රන් මාලයක් ,පවුම් 1/2 ක රන් මුදුවක් ,පවුම් 1/4 ක මුදුවක් හා කරාබු ජෝඩුවක් වන බව පැමිණිලි කර ඇත.
    වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.