බස්නාහිර පලාතට ඇතුල්වන හා පිටවන අයට රැපිට් අන්ටිජන් පරීක්ෂණ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    4,692
    2
    4,420
    113
    Albuquerque, New Mexico, United States
    කොවිඩ් වෛරසය පළාත් අතර ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ගේ පරිෂණ, ස්ථාන 12කදී සිදු කිරීමට තීරණය කර ඇති බව පොලිසිය පවසනවා.

    ඒ අනුව එම ස්ථාන වන්නේ කොච්චිකඩේ තොප්පුව පාලම,කොටදෙනියාවේ බඩල්ගම පාලම,නිට්ටඹුව හැලගල හන්දිය,මීරිගම ගිරිවුල්ල පාලම,දොම්පේ සමන බැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම,අලුත්ගම බෙන්තර පාලම,තිනියාවල හන්දිය,ඉංගිරිය කැටකැදැල්ල පාලම,බදුරලිය කලවාන සමන්දේවාලය අසල,මීගහතැන්න පොලිස් වසමේ ගොකදුව අවිත්තාව පාලම,දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
    මෙම ස්ථානවලදී අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් රැපිට් අන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටද තීරණය කර තිබෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,425
    9,574
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1619670631644.png
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    208
    284
    63
    Next to you
    කොවිඩ් වෛරසය පළාත් අතර ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ගේ පරිෂණ, ස්ථාන 12කදී සිදු කිරීමට තීරණය කර ඇති බව පොලිසිය පවසනවා.

    ඒ අනුව එම ස්ථාන වන්නේ කොච්චිකඩේ තොප්පුව පාලම,කොටදෙනියාවේ බඩල්ගම පාලම,නිට්ටඹුව හැලගල හන්දිය,මීරිගම ගිරිවුල්ල පාලම,දොම්පේ සමන බැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම,අලුත්ගම බෙන්තර පාලම,තිනියාවල හන්දිය,ඉංගිරිය කැටකැදැල්ල පාලම,බදුරලිය කලවාන සමන්දේවාලය අසල,මීගහතැන්න පොලිස් වසමේ ගොකදුව අවිත්තාව පාලම,දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
    මෙම ස්ථානවලදී අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් රැපිට් අන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටද තීරණය කර තිබෙනවා.
    අලුත් varient එක antigen test එකට අහු වෙන්නේ නෑ කිව්ව නේද ?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,870
    9,557
    113
    මොන අන්ටිජන් පරීක්ෂණද? පොලිසියෙන් හට් ගහගෙන උදේ ඉදන් බලං හිටියා. සෞඛ්‍ය අංශේ මොකෙක්වත් ආවේ නැහැ ටෙස්ට් කරන්න. මොකද බීලා යන උන් අල්ලනවා වගේ පොලිසියෙන් කෝවිඩ් චෙක් කරන්නද? නිකං දෙන්න ගිහිං පොලිසිය නොන්ඩි උනා.

    ආන්න දැන් හට් ටික අකුලන් යනවා. .
    ..

    ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත්: සෞඛ්‍ය අංශ නෑ​

    (
    (රන්ජන් කස්තුරි සහ ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

    බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළුවන්නන් ස්ථාන 12කදී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවනට ලක් කරන බවට ප්‍රකාශ වුව ද අද ස්ථන කීපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වෙයි.

    මීගමුව කොච්චිකඩේ තෝප්පුව පාලම අසල නිට්ටඹුව හැලගල හන්දිය සහ හංවැල්ල වනහගොඩ පාලම අසල එවැනි අහඹු පරීක්ෂණ සිදු කිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊට එකඟ නොවීම නිසා අහඹු පරීක්ෂණ සිදු නොවු බව වාර්තා විය.

    මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයෙක් සඳහන් කළේ එවැනි අහඹු පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී නොමැති බවයි. එවැනි පරික්ෂාවකදී ආසාදිතයකු හමුවුවහොත් ඔහු සම්බන්ධයෙන් කුමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ද යන්න නොදන්නා බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවැසීය.
    image-f56970fa1f.jpg


    ලංකාදීප
     
    • Sad
    Reactions: Solo Rider