මෙරට බස් මගීන්ට “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්පත් ක්‍රමය හඳුන්වාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම කාඩ්පත් හරහා ගෙවීම් සිදු කළ හැකි අතර බස්රථ ධාවනය වන්නේ බස්රථ රිය සහායක නොමැතිවයි.
.
මෙහිදී කාඩ්පත බස් රථයේ ඉදිරිපස දොරටුවේ සවිකර තිබෙන යන්ත්‍රයට බස් රථයට ඇතුළත් වීමේදී ඇතුළත් කළ යුතු බවත්, ඉන් පසුව බස් රථයෙන් බැස යාමට පෙර යන්ත්‍රයට ඇතුළත් කළ යුතු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.අදාළ යන්ත්‍ර සවිකර තිබෙන රථවල කොන්දොස්තරවරුන් නොමැති බවත්, මීට අමතරව බස් රථයේ පසුපස දොරටුව වසා තැබෙනඅතර බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මඟින් රැගෙන යන බවත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.
මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම මස 29 වැනිදා දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ගමන් කරන බස් රථයකට මෙම යන්ත්‍රය සවිකර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය. අදාළ කාඩ්පත ඉදිරියේදී වෙළෙඳ පොළ තුළින් මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවත්, මෙම කාඩ්පත රීලෝඩ් කර ගැනීම තුළින් කාඩ්පතේ අගය වැඩි කර ගත හැකි බව ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.
මීට අමතරව මුල් අදියරේදී කාඩ්පත නොමැති කෙනෙකුට මෙම බස් රථවල ගමන් කරනවා නම් ඔවුන්ට ගමන් ගාස්තුව රියැදුරු ආසන්නයේ සවිකර තිබෙන පෙට්ටියට දැමීමට පහසුකම් ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය.
කොන්දොස්තරවරුන්ගේ පවතින හිඟ කම නිසා බස් රථ ධාවනයේදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, මීට අමතරව ඇතැම් කොන්දොස්තරවරුන් බස් රථයේ ආදායම් නිසි ලෙස ලබා නොදීම නිසා බස් හිමියන් පත්ව සිටින දුෂ්කරතාවන්ටත් මෙමගින් විසඳුම් ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.මේ ආකාරයේ ක්‍රමවේදයන් දියුණු රටවල බස් රථවල ක්‍රියාත්මක කරන බවත්,
මෙම කාඩ්පත් ක්‍රමය හරහා ඇතැම් අවස්ථාවල කාසි නොමැති වීම නිසා මගීන්ට නිසි ලෙස ඉතිරි මුදල් නොලැබීමේ ගැටලුවටද විසදුම් ලැබෙන බවත් ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.