මම ඔය පාරේ යන බස් වල ගාල්ලට වෙනකන් ගිහින් තියෙනවා... දැනටත් යනවා... අරු කිව්ව එක ඇත්ත... උබට පෙන්නේ නෑ... පස්සේ නේ හිටියා කිව්වේ.. පාරේ යන එවුන් අයින් කරන් යන්නේ ... ගොඩක් වෙලේට ඉස්සරහා දොරේ තව එකෙක් ඉන්නවා... ඌ කොයි වෙලෙත් පාරට අත දා ගත්ත ගමන්... අනික් වාහන අයින් කරනවා... අයින් කරන්නේ නැති උන්ගේ කන ගාව ඉදන් එක දිගට හොන් එක ගහනවා....ඉස්සර කරපු ගමන් අරුගේ ඇගට කපා ගෙන යන්නේ...
මම මේ ලගකදී හිටන් ගිහින් මගේ උරහිස් දෙක රිදෙන්න ගත්තා මාර විදියට.... බස් එක අබරන ඇබරිල්ල ට...
අනික තමයි උබට ඔච්චර ඉකමනින් එන්න පුළුවන් උනේ දැන් පාරේ වාහන අඩු කමක් නිසා....
ඒ කොහොම උනත් මමත් නගින්නේ නම් කතරගම, තංගල්ල වගේ බස් වල තමයි හදිසියට ගාලු යන්න... ලොකුම හදිස්සියක් නැති නම් ඕවගේ යන්න එපා... මාරු විකාරෙන් යන්නේ ඉතින්....
මම නම් දැන් කලෙක ඉදන් යන්නේ කෝච්චියේ බන්.... කොච්චිහ් නැති වෙලේට හදිසියට තමයි ඔකේ යන්නේ...