බැඳුම්කර ගනුදෙනුවලට අදාල තවත් නඩුවකින් රවී කරුණානායකට ඇප

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    13,269
    10,812
    113
    මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් කෝටි 3698 ක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවෙන්ද රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් ඇපමත මුදා හැරීමට තීරණය කර තිබෙනවා. දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න, මොහමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

    ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 11 දෙනා ඇපමත මුදා හැරිණි.

    විනිසුරු මඩුල්ල වෙන් වෙන්ම සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සැකකරුවන්ට ඇප ලබාදීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව නඩු විභාගය අවසන් වනතුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළයුතු බව විනිසුරුවරයා තීන්දු කළේය.

    කෙසේ නමුත් දමිත් තොටවත්ත මහතා සහ මොහමඩ් ඉර්ෂඩීන් මහතා සැකකරුවන්ට ඇප ලබාදීමට මෙම අධිකරණයට බලය තිබෙන බවට තීන්දු කළ අතර ඒ අනුව පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් ඉදිරිපත් කොට ඇති කරුණු සුවිශේෂී කරුණු බව තීරණය කළ විනිසුරුවරුන් සැකකරුවන්ට ඇප දීමට තීරණය කළහ.

    එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් නිදහස් කෙරිණි. සැකකරුවන්ට විදෙස්ගතවීමද තහනම් කර තිබේ.
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,723
    5,592
    113
    Homagama

    ඕකට පුදුම වෙන්න එපා. ඔක්කොම පක්ෂ 3 ක නෙමේ එකක ඉන්නේ. අරයා මුන්ව රකිනවා. මුන් අරුන්ව රකිනවා.

    @erozan raviya sadahatama oken nidahas wena seen ekak tiyenne
    මහාචාර්ය තුමාගේ ගැජට් එකක් තියනවනේ බන්. වාසි ත්‍රෙඩ් විතරක් ඇදගෙන හරකෙක් වගේ ඉස්සරහට යන. මේ ත්‍රෙඩ් එක ඒ ගැජට් එකට අහු වෙන්නේ නැ .
    ------ Post added on Apr 2, 2021 at 11:27 PM
     
    • Haha
    Reactions: SLK_sri