බිරිය කිමී 22 ක් ඔසවාගොස් දරුවා සමග තනිවූ සුරේෂ් කුමාර කතාවලට පිළිතුරු දෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    පසුගිය සතියේ සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ බිරියට දරුවා ලැබෙන්නට සිටියදී කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය සැමියෙකු ගැනයි. ඔහු අතැර බිරිය වෙනත් පුරුෂයෙකු වෙත යන්නේ ඔවුනගේ දරුවා සැමියා ළඟ දමාය.දකුණු පළාතේ හිනිදුම ප්‍රදේශයේ තනිවූ සැමියා සම්බන්ධ කතා පුවත මුලින් අසා බිරියට දොස් කියූ පුද්ගලයින්ම මෙම පුවතේ දෙවැනි කාරනාව ආරංචිවීමෙන් පසු වෙනස් විය. දෙවැනියට කියැවුනේ මෙම සැමියා වරින්වර බිරියන් මාරු කරන්නෙකු බවත් ඔවුනගේ ජීවිතයේ හැටි ඒ ආකර බවත්ය. එබැවින් ඔහු බිරිය නැති නිසා දුක් කරදරයකට වැටී ඇති බවට කියන කරුණු සියල්ල අනුකම්පාවෙන් තේරුම් ගැනීම වැරදි බව දෙවැනි පුවතින් කියැවිණි.
    මෙම කථා පුවතින් පසු මේ ගැන අතිශොක්තියෙන් පුවත් පළ කරන ලද මාධ්‍ය වෙතද දෝෂාරෝපණ එල්ල විය.
    මේ ගැන තොරතුරු පළවීමෙන් පසු මව්බිම පුවත් පතට පිළිතුර ලබාදීමට ඉදිරිපත් වූයේ සුරේෂ් කුමාරයි.

    ‘මම ගංවතුරේ මගේ බිරියව ඔසවාගෙන ගිය කතාව ෆේස්බුක් එකට දැම්මේ හිනිදුම ෂෙහාන් මහත්තයා, අද ඒ මහත්තයම් මගේ වැරැදි ෆේස්බුක් එකට දාලා තිබුණා. ඒකට මගේ අමනාපයක් නැහැ.
    ඇත්තටම මම ඕනෑම කෙනෙකුට කියනවා ඒ කියන කතා ඇත්ත නම් ඔප්පු කරන්න කියලා.

    මම මේ දේ කියන්නේ තරහකින් නෙමෙයි.
    මම මුලින්ම ආදරේ කළේ මම මුලින්ම රස්සාව කළ වත්තේ කෙනෙකුට. ඒත් නොගැළපීම් නිසා ඒක නවත්තලා මට ඒ වත්තෙන් යන්න සිද්ධ වුණා. කවුරුත් මාව යැව්වේ නැහැ. ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙන්න ගිය නිසා මම එතැනින් ආවා.
    ඊට පස්සේ තමයි මම චාන්දනීව හඳුනා ගන්නේ. එයාව හඳුනාගෙන දින තුනකින් තමයි චාන්දනීගේ බලකිරීම නිසාම අපි එකට ජීවත්වෙන්න හිතාගෙන වෙනත් පළාතකට ගියේ.
    එහෙම ගිහින් අපි ජීවත් වුණේ චාන්දනී කලින් විවාහ වී සිටි කෙනෙක් බව නොදැනයි. අනික ගෑනියකුට පිරිමියකුට පළමු විවාහය අසාර්ථකයි කියලා ආපසු කවදාවත් විවාහ වෙන්න බැරිකමක් නැහැනේ.
    මම කවදාවත් ගැහැනුන්ව රවට්ටලා නැහැ. ඒ අයගෙන්වත්, කාගෙන්වත් මිල මුදල් අරගෙන වංචා කරලා නැහැ. ඊළඟට මට තවත් චෝදනාවක් කරනවා මම පොඩි ගෑනු ළමයෙක් එක්කත් සම්බන්ධයක් තිබුණා කියලා.


    ඒ ගෑනු ළමයා මාව හොයාගෙන ආවේ මම ගත කරන තනිකඩ ජීවිතේ නිසා, චාන්දනී මාව දාලා ගියාට පස්සේ තමයි ඇය ආවේ.
    ඒත් මම කළේ මීගහතැන්න පොලිසියට ගිහින් මේ ගැන කිව්ව එකයි. ඊට පස්සේ පොලිසියට ඒ ළමයව භාර දුන්නා. ඒ අනුව එයාලාගේ මවුපියන් ඇවිත් පොලිසියෙන් ඒ ළමයව අරගෙන ගියා. මේක ගැන හරියට දන්නේ නැති අය මා ගැන වැරැදි විදිහට බැලුවා.
    ඇත්තටම මම කාගෙන්වත් කිසිම දෙයක් ඒ කාලේ බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් අපේ කතාව මාධ්‍යයෙන් කියැවෙන්න පටන් ගනිද්දි බොහෝ අය දරුවා වෙනුවෙන් උදවු කරන්න ඉදිරිපත් වුණා. මම ඒ උදවු ලබාගන්න අතරතුරේදී පොල් විකුණන ව්‍යාපාරයකුත් පටන් ගත්තා. අන්තිමට ඒ හැම දේම අවුල් වුණේ මගේ පවුල් ජීවිතේ අවුල් වෙන්න පටන් ගත්තහම,
    දැන් මම ආපහු රස්සාවක් කරනවා. ඒ දරුවගෙ හෙට දවස වෙනුවෙන්. මම චාන්දනීට වෛර කරන්නේ නැහැ.

    එයා මොනවා කළත් දරුවගේ අම්මානේ,
    අනික මට එක අවස්ථාවකදී ආගම වෙනස් කරලා ගිහින් ලොකු වරප්‍රසාදයක් ගන්නත් පුළුවන්කම තිබුණා. ඒ සඳහා කතා කළා. නමුත් මම අදහන බුදු දහම අත්හැර දාන්න මම කැමැති වුණේ නැහැ. ඒ නිසාම ඒ සම්බන්ධව කතා කරපු අයගෙන් මම ඈත් වුණා. දුරකථන ඇමැතුම්වලට උත්තර දෙන්න ගියෙත් නැහැ. මේ නිසාම යම් ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව මට දැන් තේරෙනවා."
    සුරේෂ් යළි යළිත් කියන්නේ ඔහුට විරුද්ධව ඇති චෝදනා පිළිගන්නේ නැති බවය.