බිලියන ගණනින් මුදල් අච්චු ගැසීම රටක් හැටියට අපිට දරාගන්න වෙන්නේ කොහොමද?

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    811
    1,261
    93
    පසුගිය ජූනි 28 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 208.45ක මුදල් අච්චු ගැසීමක් සිදුකලා. එය ලංකාවේ එතෙක් මෙතෙක් එක් දිනක් තුල සිදු කල විශාලම මුදල් අච්චු ගැසීම ලෙස සැලකුණා. ඉතින් මේ ක්‍රියාවේ ගුණ අගුණ ගැන විවිධ පුද්ගලයින් විවිධ මත ප්‍රකාශ කලා. මේ ලිපියෙන් මන්ත්‍රණ අපි ඔබට ගෙන එන්නේ මේ මුදල් අච්චු ගැසීම පිලිබඳ සරල විවරණයක්.

    මුදල් අච්චු ගැසීම කියන්නේමොකද්ද?

    යම්කිසි රජයක් ඒ රටේ මුදල් සැපයුම ඉහල නැංවීම අපි සරලව මුදල් අච්චු ගැසීම යනුවෙන් හඳුන්වන්න පුලුවන්.

    මුදල් සැපයුම යනු යම් රටක දිනකට මහජනයා අතර හුවමාරු වන මුදල් තොගයේ වටිනාකමයි.

    මුදල් අච්චු ගැසීම සිදුවෙන්නේකොහොමද?

    සාමාන්‍යයෙන් මුදල් අච්චු ගැසීම සිදුවෙන්නේ රජය විසින් රාජ්‍ය බැඳුම්කර මිලදී ගෙන ඊට සමාන මුදලක් ඒ රටේ වෙළඳ පලට මුදා හැරීමෙන්. මෙතනදි සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වෙන අච්චු ගැසීමේ ක්‍රියාවලියක් සිදුවෙන්නෙ නෑ. නමුත් වෙළඳපොලට අලුත් මුදල් ගලාඒම නිසා පොදුවේ මේ කාරණය මුදල් අච්චු ගැසීම යන නමින් හඳුන්වනවා.

    මුදල් අච්චු ගහන්නේ ඇයි?

    මූලිකවම රජයේ බදු ආදායම් අඩු නම්, ඒ රටේ වියදම් සිදුකරගන්න රජයට අපහසු නම් මුදල් අච්චු ගැසීම සිදුකරනවා.

    රටේ ආර්ථික වේගය අඩුනම්, රටේ ආර්ථික ක්‍රියාවලීන් අඩපණ වී ඇත්නම් ඒ ක්‍රියාවලීන් පණ ගන්වලා රටේ ආර්ථික වේගය වැඩි කරන්න මුදල් අච්චු ගැසීම් සිදුකරනවා. නව මුදල් වෙළඳපළට පැමිණීමත් එක්කම මිනිස්සුන්ගෙ අතේ මුදල් ගැවසීම වැඩි වෙනවා. ඔවුන් ආර්ථික ක්‍රියාවලියට දායක වීම වැඩිවෙනවා. මේ හේතුවෙන් ආර්ථිකය යම් විදියකින් බලගැන්වෙනවා.

    මහ බැංකුව මෙහෙම කරන්නහේතුව මොකක්ද?

    නව රජය බලයට පැමිණීමත් සමඟ ඔවුන් පොරොන්දූ වූ පරිදි විවිධ රාජ්‍ය බදු වල අඩු කිරීම් සිදු කලා. මේ හේතුව නිසා රජයට එකතුවන ආදායම් විශාල ලෙස අඩුවුනා. ඒත් එක්කම රාජ්‍ය අංශයේ පඩි වැඩිවීම් එක්කම රජයේ වියදම් වැඩිවුනා. ආදයම් සහ වියදම් අතර සිද්ධ වුන මේ වෙනස්වීම් නිසා ඔවුන්ට එදිනෙදා වැඩ රාජකාරි සිදු කරගැනීමේ අපහසුතා මතුවුනා. මේ නිසා වරින් වර මුදල් අච්චු ගැසීම් සිදු කරන්න රජයට සිදුවුනා.

    කොරොනා සමග ප්‍රශ්නය තවත්උග්‍ර වෙයි

    මේ අතරෙම අපේ රටේ කොරෝනා උවදුර වේගයෙන් පැතිරෙන්න ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස රටපුරා ආර්ථික කටයුතු අඩපණ වුනේ මාස කීපයක කාලයක් රට වසා තැබීමට සිදුවීම නිසා. අඩපණ වූ ආර්ථික ක්‍රියාවලිය නිසා 2020 වසර අවසානයේ අපේ රටේ ආර්ථික වර්ධන වේගය දැක්වුනේ -3.6% ක් ලෙසයි.

    ඒ සමගම 2021 වසරේ මේ වෙනකන් අපි කොරෝනා දෙවැනි හා තෙවැනි රැල්ලෙන් පීඩා විඳිනවා. 2020 ට සාපේක්ශව යම් ආකාරයකින් ආර්ථික වර්ධන වේගය ඉහල යෑමක් පෙන්නුම් කලත් මේ වසරේ අපේක්ෂිත ආර්ථික ඉලක්ක කරායෑමත් ඉතා දුෂ්කර බව කිවයුතුයි.

    image-1.png
    2020 වසර අවසානයේ අපේ රටේ ආර්ථික වර්ධන වේගය දැක්වුනේ -3.6% ක් ලෙසයි.
    කොරෝනා ව්‍යසනය නිසා රජයේ වියදම් වැඩි වෙන්න ගත්තා. අදාල එන්නත්, සහ අනෙක් සෞඛ්‍ය කටයුතු සඳහා විශාල ලෙස මුදල් වෙන් කරන්න වුනා. ඒත් එක්කම කොවිඩ් සම්බන්ධ කටයුතු සඳහා වෙන්කල මුදල රුපියල් බිලියන 200ක් දක්වා වැඩි කරගන්නත් රජය ට සිද්ධ වුනා.

    බදු ආදායම් අඩුවීමෙන් අඩුවුන රාජ්‍ය ආදායම ප්‍රතිපූරණය කරන්නත්, ඒ වගේම කොවිඩ් ව්‍යසනය නිසා රජයට දැරීමට සිදුවෙන අධික වියදම් සඳහා තමයි මහ බැංකුව වාර්තාගත ආකාරයෙන් මුදල් අච්චු ගැසීම සිදුකලේ.

    මේ ගැන සමාජ මාධ්‍යය තුලත් විශාල වශයෙන් කතිකාවතක් ආරම්භ වුනා.

    image-4.png
    මහ බැංකුව සතු රජයේ සුරැකුම් වල හැසිරීම (මේ සටහනෙන් කියවෙන්නේ කාලයත් සමග මහ බැංකුව මුදල් අච්චු ගැසීම ඉහල නැංවූ ආකාරයයි. ප්‍රස්ථාරය වැඩිවීමෙන් පෙන්නන්නේ මහ බැංකුව රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම් වැඩි කල බවයි. ඒ කියන්නෙ ඔවුන් මුදල් වෙළඳපළට මුදාහැරීම වැඩි කල බවයි
    සංවර්ධනය වන රටක් මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක

    බලවත් මුදල් ඒකක (Fiat Currencies) සහිත රටවල් ඒ කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය,චීනය වගේ රටවල් ඔවුන්ගේ රාජ්‍ය වියදම් වලට මුදල් එක්රැස් කිරීමේදී බදු මුදල් වෙනුවට මුදල් අච්චු ගැසීම් සිදුකරනවා. මේක ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ “නූතන මූල්‍යන්‍යාය“ (Modern Monetary Theory – MMT) යනුවෙනි. ඒ රටවල මුදල් ඒකක ලෝකයේ බලවත් මුදල් ඒකක. ඒ නිසා ඔවුන්ට එහි සැපයුම පාලනය කරන්න පුලුවන් කමක් තියනවා. මෙන්නෙ මේ හේතු දෙක නිසා ඔවුන්ට රිසිසේ මුදල් අච්චු ගැසීම සිදු කරන්න පුලුවන්.

    ඒත් අපේ රටේ මුදල් ඒකකය බලවත් මුදල් ඒකකයක් නොවේ. ඒ නිසා මහ බැංකුව මුදල් අච්චු ගැසීමෙන් සිදුවෙන්නෙ ලංකාවේම වෙළඳපළට ඒ මුදල් එකතුවීම විතරයි. මිනිස්සුන්ගෙ අතේ මුදල් ගැවසීම වැඩි වුනාම ඔවුන් ගේ භාණ්ඩ පරිභෝජනය ඉහල යනවා. එතකොට භාණ්ඩ වලට තියන ඉල්ලුම වැඩි වෙනවා. අවසානයේ භාණ්ඩ වල මිල ඉහල යෑම් සිදුවෙන්න පුලුවන්. කාලයක් තිස්සෙ මේ සිදුවීම් දාමයම නැවත නැවත සිදුවීම ආර්ථික පද්ධතියට හානි දායක වෙන්න පුලුවන්. දිගුකාලීන භාණ්ඩ මිල ඉහල යාම අතිඋද්දමන තත්වයක් (Hyper Inflation) ඇති කරනවා.(අතිඋද්දමනය ගැන මන්ත්‍රණ කරපු ලිපිය ගැන මෙතනින්). පසුගිය කාලයේ සිම්බාබ්වේ, වෙනිසියුලාව ඇතුලු බොහොමයක් ලතින් ඇමෙරිකානු රටවල භාණ්ඩ වල ඇදහිය නොහැකි මිල ඉහලයාම් ඔබත් දකින්න ඇති. පාන් රාත්තලකට මිලියන ගනන් මුදල් වියදම් කරන පාරිභෝගිකයන් ඔබ මාධ්‍ය තුලින් දකින්න ඇති. ඒ වගේම රුපියල තව තවත් අවප්‍රමාණය වීම නොනවත්වා මුදල් අච්චු ගැසීමෙන් සිදුවෙන්න පුලුවන් තවත් හානියක්.

    අපේ රට වර්තමානයේ ආරථිකමය අතින් ඉන්නෙ ඉතාම අවදානම් තත්වයක. විදේශ ණය වාරික, කොවිඩ් තුන්වන රැල්ල නිසා කඩා වැටුන විදෙස් විනිමය, විශාල වශයෙන් අඩුවුන රාජ්‍ය ආදායම අතරට අතිඋද්දමන තත්වයක් ඇතිවුනොත් රටේ ආර්ථිකයට එය දරාගැනීම අතිශය අපහසු කටයුත්තක්.

    විසඳුමක් ?

    මේ ප්‍රශ්න වලට ක්ෂණික උත්තර හොයාගන්න අමාරුයි. අනෙක් අතට ක්ෂණික උත්තර කෙටිකාලීනව ප්‍රශ්න විසඳුවත් දීර්ඝ කාලීනව ප්‍රශ්න තවත් උග්‍ර කරන්න හේතුවෙනවා. වැටිල ඉන්න වලෙන් ගොඩ එන්න නම් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ක්‍රම රජය විසින් සකස් කරන්න ඕන. රාජ්‍ය ආදායම කිව්වම ඍජුවම බලපාන්නේ රජය එකතු කරගන්න බදු ආදායම. වඩා ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්තියක අඩුව අන් කවරදාකටත් වඩා අපේ රටට දැනිල තියනවා. ඒ වගේම විදෙස් ආයෝජකයන් රටට ඇදගැනීමට ඒ සඳහා සුදුසු ප්‍රතිපත්ති සකස් කිරීමත් සිදුවිය යුතුයි. අපේ විදෙස් ණය ප්‍රමාණය ගැනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වගේ ආයතන එක්ක සාකච්ඡා කරල ඒ තුලින් වඩා සහනදායී විසඳුම් හොයාගන්න උනන්දු විය යුතුයි. ඒ වගේම පාඩු ලබන රජයේ ආයතන විධිමත් ආකාරයෙන් ලාභ ලබන ආයතන බවට පත් කරගැනීමත් රජය විසින් සිදුකල යුතුම දෙයක්.

    බංගලාදේශය වියට්නාමය වගේ අපිට පිටුපසින් හිටපු රටවල් ගොඩක් මේ වෙනකොට අපිට වඩා වේගයෙන් සංවර්ධනය කරා යනවා. ඒ නිසා රටක් හැටියට අපිට තියෙන්නෙ ඉතා සීමිත කාලයක්. මුදල් අච්චු ගහල මිනිස්සුන්ට මුදල් භාවිතය වැඩි කරන්න උනන්දු කරනවාට වඩා ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහල දැමීමේ දිගු කාලීන ආර්ථිකමය ප්‍රතිපත්ති තුලින් වඩා ස්ථාවර දියුණුවක් අපිට ලබා ගන්න පුලුවන්.

    ලංකාව තවත් සිම්බාබ්වේ දේශයක් හෝ වෙනිසියුලාවක් වෙයිද?


    Source-
    Central Bank of Sri Lanka

    A Child’s Guide to Modern Monetary Theory: Keynesianism in an old bottle? – Dr W A Wijewardana

    Investopedia – Modern Monetary Theory

    Advocata Institute

    Copied.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    11,057
    3
    66,332
    113
    Gampaha
    ජුනි 20 ඉඳන් ජූනි 29 වෙනකල්,
    එකම කම්පැණියෙන්
    යකඩ වලට ප්‍රයිස් අප්ඩේට් මේල් 3ක් ඇවිත් තියෙනව..

    දවස් අටට සාමාන්‍යයෙන් යකඩ කිලෝ එකක් රු10ත් 20ත් අතර ගණං වලින් වැඩිවෙලා තියෙනව.

    ඒ කියන්නෙ 10mm දඟර කම්බියක් දවස් 8ට තුන් වතාවකදි රු 65කින් විතර ගණං ගිහින්...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth
    චමුදීත දාල ප්‍රෝග්‍රෑම් එකක් කරමු.... වෙන මොනවා කරන්නද ? :lol: :lol: :lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    7,815
    5,982
    113
    ආශික්ලන්තෙ
    සල්ලි print කරන්න පුළුවන් හරිහමන් stable gdp එකක් තියනව නම්:lol: අපේ වගේ රටවල් සල්ලි print කලොත් අනාතයි..