බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    3,986
    3,213
    113
    මේක ඔබතුමාට සපෙක්ෂ්යිනේ ඉතිං ඔබතුමා කැමතිනම් එහෙම හිතන්න, නිදහස් චින්තනයනෙ

    ඔව්, හැබැයි මගෙ චින්තනෙත් නිදහස් නැහැ. ඒවා මම ගහගෙන තියෙන කූඤ්ඤ වලට සාපේක්ෂයි.

    දැන් තමයි හොඳම ටික එලියට ආවේ මේ තමයි ඔබතුමාගේ දැනුම් ප්‍රමානය. මේ අනුව ඔබතුමා දේව වාදී ආගම් අනුගාමිකයෙකුයි අතර කිසිම වෙනසක් නැහැනෙ. ඔබතුමාගේ මේ ප්‍රකාශයෙන් එය මනාව පේනවා "ශ්‍රද්ධාවක්. මේක හරි ඇතිවිය කියලා විශ්වාසයක්"
    දේව වාදී ආගම් පැත්තකින් තියන්නකෝ, විමුක්තිය හොයලා ගහකට හෝ ගලකට වැඳුම් පිදුම් කරන කෙනෙක්ගෙයි ඔබතුමගෙයි වෙනස මොකක්ද?

    සරලයි, දිටුදැමියෙම ලබපු අවබෝධයක් මත පදනම්වෙලා (කාලාමවරු වගේ) එහෙනම් ඉතිරි දේවලුත් සත්‍ය වෙන්න ඇති කියලා ඇති කරගන්නා වූ විශ්වාසය (ශ්‍රද්ධාව) මත පදනම්ව බුදුරදුන් කියූ ඉතිරි සත්‍යත් දිටුදැමියෙම අවබෝධ කරන්න උත්සහ කිරීම තමා මගේ තියෙන්නේ. ඒක මරණයට පෙර අත්විඳිය හැකි දෙයක්. මරණින් මතු ලැබෙන ස්වර්ගයක් වගේ දෙයක් නෙමෙයි. භක්තියක් මත පදනම් නැහැ.

    අනික අමතක උනාද ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය කියන්නෙත් චතුරාර්‍ය සත්‍යම කොටසක් කියල? ඇයි අහල නැද්ද මහත්තය මාර්ග සත්‍ය? දැන් ඔබතුමා කියනව මාර්ගය ප්‍රත්‍යක්ෂ නොවී මාර්ගයේ යන්නලු. ප්‍රත්‍යක්ෂයෙන් නොදැන වඩන මාර්ගයක් ගැන මම දන්නා ධර්මයේ නැහැ මහත්තය.

    ඔව් මාර්ගය ප්‍රත්‍යක්ෂ නොවී මාර්ගයේ යන්න පටන්ගන්න පුලුවන්. කවදාවත් ගිහින් නැති පාරක යන්න මගසලකුණු/සිතියමක් සකස් කලාම කවදාවත් ගිහින් නැති පාරෙ මංමුලා නොවී යනවා. එතනදි අර සිතියම් පිලිබඳ විශ්වාසයෙන් යනකොට මගසලකුණු ගැලපීම කියන දිටුදැමි අවබෝධය නිසාම තමා ඉස්සරහට යන්නෙ. සිතියම තියාගෙන සිතියමේ හැඩ හිත හිතා හිටියා (තර්ක කරා) කියලා පාරෙ යැවෙන්නෑ. පාරයි සිතියමයි සැසඳෙනවද කියලා දන්නෙත් නැහැ.

    ඔයා ඔතන ප්‍රත්‍යක්ෂය කියන්නෙ සිතියමේ හැඩතල බලන එකට.
    මම ඔතන ප්‍රත්‍යක්ෂය කියන්නෙ සිතියම හරි ඇති කියලා විශ්වාසයෙන් සිතියමේ තියන පාරෙ යනකොට පිලිවෙලින් ලැබෙන ප්‍රායෝගික අවබෝධයට.

    ඔතනයි ෆන්ඩමෙන්ටල් වෙනස.

    දැන් මේ ටිකත් ඔබතුමා කියන්නේ ඔය ඔබ තුමාගේ විශ්වාසය මූලික කරගෙනනේ, ඒ නිසා comment නොකර ඉන්නම් :D. නමුත් එක දෙයක් දැන් ඔබතුමා කියනවනෙ "ඒක තීරණය වෙන්නෙ ඔයා බුද්ධ වචනයයි කියලා පිලිගන්න දේ අනුව" දැන් මේ පිලිගන්නේ කොහොමද? විශ්වාසයෙන්ද? නැතනම් කෙස් පැලෙන තර්ක ගෙනල්ලද?😉

    හරියටම කිව්වොත් ශ්‍රද්ධාවෙන්. කාලාමවරු වගේ ප්‍රාථමික ප්‍රත්‍යක්ෂ වීමක් මුල්කරගෙන එහෙනම් ඉතිරි ඒවාත් සත්‍යවිය හැකියි ඒනිසා ඒ කියන මාර්ගයේ කියන විදිහට ගිහින් බලන්න ඕනෙ කියන ක්‍රියාත්මක වීම මත. එතකොට තමා තේරෙන්නෙ තමන් ශ්‍රද්ධාවොන් පිළිගත්ත බුද්ධ යැයි සම්මත වචනය බුද්ධ වචනයක්මද කියලා.

    ඔව් මල්හත, තමන්ම කරලා තමන්ම අත්විඳලා අවබෝධ කරන්නාක් කල් මේ ලෝකෙ තියෙන්නෙ විශ්වාස ගොඩක් පමණයි. අත්දැකීම් පැමිණියාට පසු විශ්වාසය අත්දැකීමෙන් තහවුරු වෙනවා හෝ ප්‍රතික්ෂේප වෙනවා. ඕක තමා බොටම් ලයින් එක.
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    810
    906
    93
    කිසිම වරදක් නැ වරදක් තියෙනව කියල කස්ටිය කියනඩ උස්සහ කරනව විද්යාවත් එක්ක පටලව ගෙන..විද්යාව ළදරුවො දවස ගානෙ තියරි වෙනස් වෙනව
    ------ Post added on Dec 24, 2022 at 10:05 AM

    Waradi one tharam thiyanawa. Onenam thripitakaya refer karalama pennanna puluwan. Eth oke refer karana eken wenne modayo owa dakkahama buddahagama boru boru kiya kiya ka gahanna gannawa. Ita hodai thama thama nana pamanin danaganna kiyala kata wahan inna eka.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,551
    868
    113
    ආයිත් වැරදියිනෙ. දැන් ඔබතුම කියනව ප්‍රත්‍යක්ෂ වෙන්න මාර්ගය වඩනවා කියල එතකොට කෙනෙක් මාර්ගය වඩන්නේ ඒ වඩන්නේ මොකක්ද කියල ප්‍රත්‍යක්ෂ නොවීද? මෙච්චර දේවල් දන්න ඔබතුමාට නිකමට හිතෙන්නේ නැද්ද මේක කොච්චර මෝඩද කියලා?

    අන්දයට ඇස් පෙනීම ලබගන්න ඉස්පිරිතාලයට යන පාර කිව්වාම මහත්ත්ය, ඕක අන්දය එලිවෙනකල් කල්පනා කරත් වැඩක් නැ. ඉස්පිරිතලෙට යන කල්ම කිව්ව පාර හරිද වැරදිද කියල හොයාගන්න බැ මහත්තය. එක තමයි ඇත්ත. කරන්න තියෙන්නෙ, කියපු කෙනා විස්වාසකරල ගිහිල්ල බලන එකම තමයි.
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Active member
  • Jan 16, 2019
    877
    227
    43
    ඔව්, හැබැයි මගෙ චින්තනෙත් නිදහස් නැහැ. ඒවා මම ගහගෙන තියෙන කූඤ්ඤ වලට සාපේක්ෂයි.
    ඔව් ඔබතුමාගේ දෘෂ්ටි කෝණයෙන් නිදහස් නැතුව ඇති.
    සරලයි, දිටුදැමියෙම ලබපු අවබෝධයක් මත පදනම්වෙලා (කාලාමවරු වගේ) එහෙනම් ඉතිරි දේවලුත් සත්‍ය වෙන්න ඇති කියලා ඇති කරගන්නා වූ විශ්වාසය (ශ්‍රද්ධාව) මත පදනම්ව බුදුරදුන් කියූ ඉතිරි සත්‍යත් දිටුදැමියෙම අවබෝධ කරන්න උත්සහ කිරීම තමා මගේ තියෙන්නේ. ඒක මරණයට පෙර අත්විඳිය හැකි දෙයක්. මරණින් මතු ලැබෙන ස්වර්ගයක් වගේ දෙයක් නෙමෙයි. භක්තියක් මත පදනම් නැහැ.
    ඔව්, දේව වාදී ආගම් අනුගාමිකයනුත් මෙහෙමනේ මහත්තය, එක දෙයක් දැක්කම අනෙක් දේවල් ඇත්ත කියලා උපකල්පනය කරනවා. ඒක ඔබතුමාගේ අයිතිය මම ඒක criticise කරන්නේ නැහැ

    ඔව් මාර්ගය ප්‍රත්‍යක්ෂ නොවී මාර්ගයේ යන්න පටන්ගන්න පුලුවන්. කවදාවත් ගිහින් නැති පාරක යන්න මගසලකුණු/සිතියමක් සකස් කලාම කවදාවත් ගිහින් නැති පාරෙ මංමුලා නොවී යනවා. එතනදි අර සිතියම් පිලිබඳ විශ්වාසයෙන් යනකොට මගසලකුණු ගැලපීම කියන දිටුදැමි අවබෝධය නිසාම තමා ඉස්සරහට යන්නෙ. සිතියම තියාගෙන සිතියමේ හැඩ හිත හිතා හිටියා (තර්ක කරා) කියලා පාරෙ යැවෙන්නෑ. පාරයි සිතියමයි සැසඳෙනවද කියලා දන්නෙත් නැහැ.
    දැන් මහත්තය ඔබතුමාට පෙනෙන්නේ නැද්ද මෙතන තියන ලොකුම ප්‍රශ්නය? ඔබතුමාට අපි හිතමු සිතියමක් හමු උනා කියලා, ඔබතුමා එකේ යනකන් දන්නේ නැහැ ඒක හරිද කියල, ඉතිං මෙහෙම පාරවල් කීයක යන්න ඕනිද හරි පාරේ යන්න? ඒ ගියත්, සලකුණු හමු උනත් ගමනාන්තය වරදින්නත් පුළුවන් නේද මහත්තය? එක වගේ පාරවල් තියෙන්න පුළුවන්නෙ වෙනස් වෙනස් තැන් වලට යන.
    ඔයා ඔතන ප්‍රත්‍යක්ෂය කියන්නෙ සිතියමේ හැඩතල බලන එකට.
    මම ඔතන ප්‍රත්‍යක්ෂය කියන්නෙ සිතියම හරි ඇති කියලා විශ්වාසයෙන් සිතියමේ තියන පාරෙ යනකොට පිලිවෙලින් ලැබෙන ප්‍රායෝගික අවබෝධයට.

    ඔතනයි ෆන්ඩමෙන්ටල් වෙනස.
    හැඩතල බලන එක නෙමෙයි මහත්තය මම ප්‍රත්‍යක්ෂ කියන්නේ යන තැන මොකක්ද, ඒක ඇත්තටම තියනවද කියලා විශ්වාසයෙන් ඔබ්බට ගිහිල්ල තර්කයෙන් මට සනාථ වීම.

    හරියටම කිව්වොත් ශ්‍රද්ධාවෙන්. කාලාමවරු වගේ ප්‍රාථමික ප්‍රත්‍යක්ෂ වීමක් මුල්කරගෙන එහෙනම් ඉතිරි ඒවාත් සත්‍යවිය හැකියි ඒනිසා ඒ කියන මාර්ගයේ කියන විදිහට ගිහින් බලන්න ඕනෙ කියන ක්‍රියාත්මක වීම මත. එතකොට තමා තේරෙන්නෙ තමන් ශ්‍රද්ධාවොන් පිළිගත්ත බුද්ධ යැයි සම්මත වචනය බුද්ධ වචනයක්මද කියලා.
    මේ ආයිත් විශ්වාසයනෙ, මෙහෙමම තමයි දේව වාදී ආගම් අනුගාමිකයනුත් පිළිගන්නේ, ඔය ඕනි තරම් දේව බලයෙන් ලෙඩ සුව කරන තැන් දැකල මිනිස්සු ඒ ඒ ආගම් වැළඳගන්නේ.
    ඔව් මල්හත, තමන්ම කරලා තමන්ම අත්විඳලා අවබෝධ කරන්නාක් කල් මේ ලෝකෙ තියෙන්නෙ විශ්වාස ගොඩක් පමණයි. අත්දැකීම් පැමිණියාට පසු විශ්වාසය අත්දැකීමෙන් තහවුරු වෙනවා හෝ ප්‍රතික්ෂේප වෙනවා. ඕක තමා බොටම් ලයින් එක.
    නැහැ greenthunder මහත්තය අපේ පෙරදිග විද්‍යාවේ ප්‍රත්‍යක්ෂ වීම කියල එකකුත් තියනව, එක විශ්වාසයෙන් ඔබ්බට ගිය දෙයක්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,551
    868
    113
    ලෝකයට අයිති නැති දෙයකට අපි කොහොමද ඒම් කරන්නෙ ? කලින් දැකපු නැති දන්නෙ නැති දෙයකට අපි කොහොමද ඒම් කරන්නෙ ? තුවක්කුව, උණ්ඩ සහ කොකා ගස්සන හැටි සහ ඒම් කලයුතු දිශාව සේරම බුදුහාමුදුරුවො තමා හදලා තියෙන්නෙ. අපිට තියෙන්නෙ ඒ කියන විදිහට කොකා ගස්සන එක විතරයි. හැබැයි ඉතින් ඒක තීරණය වෙන්නෙ ඔයා බුද්ධ වචනයයි කියලා පිලිගන්න දේ අනුව. පේනවනෙ තර්කයේ/චින්තනයේ තියන දුර්වල කම.

    මේක නම් පට්ට, ටක්කෙටම කියල තියෙනව...මල්හත මහත්තය මේක අවසානයෙ මොකක් ගත්තත්, මේ නුල බලන අයට ගන්න තිනෙන දේ බොහෝයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,986
    3,213
    113
    ඔව්, දේව වාදී ආගම් අනුගාමිකයනුත් මෙහෙමනේ මහත්තය, එක දෙයක් දැක්කම අනෙක් දේවල් ඇත්ත කියලා උපකල්පනය කරනවා. ඒක ඔබතුමාගේ අයිතිය මම ඒක criticise කරන්නේ නැහැ

    එහෙමත් ආගම් ඇති .සමහර දේව වාදී ආගම් මෙහෙමයි. එකල භාරතයේ තිබුන විවිධ ධ්‍යාන මට්ටම් වලින් ඒ ඒ බ්‍රහ්මයා හා සමවීමක්. මේ ජීවිතයෙහිම දිට්ඨදම්මව අවබෝධ කරන්න කෙලවරක් තියනවා ඒ ආගම්/දර්ශන වල. මේ ජීවිතයේදීම බ්‍රහ්මයා හෝ ඒ ධ්‍යාන මට්ටම් සමග සම වෙනවා. තථාගතයනුත් මෙය කලා. තථාගත ශ්‍රාවකයනුත් මෙය කරනවා. කරලා තමා එතන නිවන් නෙමෙයි කියලා ඉදිරියට යන්නෙ.

    සමහර දේවවාදී ආගම් එහෙම නැහැ. දෙවියන් වහන්සේ දෙන ස්වර්ගය ලැබෙන්නෙ මරණින් මතු. මේ ජීවිතයෙදි කරලා කෙලවර කරන්න බැහැ. භක්තියෙන් මළොත් ස්වර්ගය ලැබෙනවා. අපි වෙනුවෙන් කුරුසය මත පුජා වුනු යේසුස් වහන්සේ අපගේ ගැලවුම්කාරයා ලෙස පිලිගැනීමෙන් (කෘඩ් අදහසක්) මරණින් මතු ස්වර්ගය හිමි වෙනවා.

    තථාගත ධර්මය මරණින් මතු ලබන දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුදහම වඩාත් ලං වෙන්නේ ඒ භාරතයේ හටගත්ත අනෙකුත් ඒ දේවවාදී දර්ශන වලට එතකොට. ඒ මේ ජීවිතයේදීම කරලා ඉවරකරන්න, තමන්ටම ලඟාවිය හැකි කෙලවරක් සහ මාර්ගයක් පෙන්වන නිසා (දේව වාදී වීම නිසාහෙම නෙමෙයි) මූලික වශයෙන් මරණින් මතු නැතිව මේ ජීවිතයේදීම මූලික අරමුණ තම තම අත්දැකීමෙන්ම අවබෝධ කල හැකි නිසා.

    හැඩතල බලන එක නෙමෙයි මහත්තය මම ප්‍රත්‍යක්ෂ කියන්නේ යන තැන මොකක්ද, ඒක ඇත්තටම තියනවද කියලා විශ්වාසයෙන් ඔබ්බට ගිහිල්ල තර්කයෙන් මට සනාථ වීම.

    ඒ ඔයාලට. අපිට එහෙම සනාථවීමක් වෙන්නෙ නැහැ. අපි තර්කය දකින්නෙ සත්‍යානුබෝධයට දුර්වල මාධ්‍යක් විදිහට. යමක් ඉදිරිපත් කල හැකියි, නමුත් අපිට සනාථ වෙන්න නම් තම තමන්ම අත්දැකිය යුතුමයි. ඇයි ඉතින් මේ ෆන්ඩමෙන්ටල් වෙනස දකින්නෙ නැත්තෙ ?

    නැහැ greenthunder මහත්තය අපේ පෙරදිග විද්‍යාවේ ප්‍රත්‍යක්ෂ වීම කියල එකකුත් තියනව, එක විශ්වාසයෙන් ඔබ්බට ගිය දෙයක්.

    නැහැ කිව්වෙ නැහැනෙ. තමන්ම අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්නා තාක්කල් විශ්වාස පමණයි කියලනෙ කිව්වෙ.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,819
    4,849
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං
    මේ ත්‍රිපිටකයේ එහෙමත් නැහ්නං මල් සෙවන් මහත්තයා කියන "පොතේ" එන ධර්මකාරණාවක් ගැන තමයි සංවාදයට එන්නේ, මුලින්.

    පහලින් දක්වලා තියෙන්නේ ඒ ත්‍රිපිටකයේ එන ධර්ම පිලිබඳ බුද්ධ වචනය..
    අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”

    “මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”

    (මහාවග්ගපාලි)
    ඒ 'පොතේ" එන ධර්ම කාරණාව කතා කොරන්න ආඅපු මල් හතේ මහත්තැන්, ඊලඟට ඊ කේ රොශ් ගේ පොස්ට් එකකට රිප්ලයි එකේ මෙහෙමත් කියනව..

    ආයිත් ඔබතුමයි පොතයි, ඔබතුමාට ඔතනින් එහා දෙයක් නැහැ. ඔබතුමයි බයිබලය හෝ කුරානය reference කරන අපේ කතෝලික හෝ මුස්ලිම් මහත්මයෙකුයි අතර වෙනස මොකක්ද? ඔබතුමාට ඔතනින් එහා තර්කයට, නිදහස් චින්තනයට ඉඩක් නැහැ නේද? :rofl: :P
    "පොත" මග ඇරලා, "පොත" හමස් පෙට්ටියට දාලා, තර්කයෙන්, නිදහස් චින්තනයෙන් කොරගන්ඩ පුලුවන් නම් ඇයි මේ "පොතේ" තියෙන එක ගැන සංවාද කොරන්නේ? මේව තමයි එපික් පරස්පර විරොධතා කියන්නේ!

    ඔය "පොත" ඉතින් හුඟාක් තක්කඩින්ට ලොකු පුරස්නයක්, ඇනයක්. සිංහාසන හදන් ඒකේ රජ වෙන, ගොවියොන්ට ඇඳලා කාබනික වගා කොරන සමන්ත බඩ්ඩ, සිවුරේ ඉඳන් කට්ටඩිකම් කොරපු වහරක වගේ සිවුරු හොරුන්ට හෙන වාතයක් බව නම් අපි දන්නව..
     
    MalSeven

    Active member
  • Jan 16, 2019
    877
    227
    43
    මේක නම් පට්ට, ටක්කෙටම කියල තියෙනව...මල්හත මහත්තය මේක අවසානයෙ මොකක් ගත්තත්, මේ නුල බලන අයට ගන්න තිනෙන දේ බොහෝයි.
    හොඳමයි මහත්තය, ඔබතුමාත් විශ්වාසයෙන් කියන්නේ මගෙ හිතේ :D
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලුනෙ

    එහෙමත් ආගම් ඇති .සමහර දේව වාදී ආගම් මෙහෙමයි. එකල භාරතයේ තිබුන විවිධ ධ්‍යාන මට්ටම් වලින් ඒ ඒ බ්‍රහ්මයා හා සමවීමක්. මේ ජීවිතයෙහිම දිට්ඨදම්මව අවබෝධ කරන්න කෙලවරක් තියනවා ඒ ආගම්/දර්ශන වල. මේ ජීවිතයේදීම බ්‍රහ්මයා හෝ ඒ ධ්‍යාන මට්ටම් සමග සම වෙනවා. තථාගතයනුත් මෙය කලා. තථාගත ශ්‍රාවකයනුත් මෙය කරනවා. කරලා තමා එතන නිවන් නෙමෙයි කියලා ඉදිරියට යන්නෙ.

    සමහර දේවවාදී ආගම් එහෙම නැහැ. දෙවියන් වහන්සේ දෙන ස්වර්ගය ලැබෙන්නෙ මරණින් මතු. මේ ජීවිතයෙදි කරලා කෙලවර කරන්න බැහැ. භක්තියෙන් මළොත් ස්වර්ගය ලැබෙනවා. අපි වෙනුවෙන් කුරුසය මත පුජා වුනු යේසුස් වහන්සේ අපගේ ගැලවුම්කාරයා ලෙස පිලිගැනීමෙන් (කෘඩ් අදහසක්) මරණින් මතු ස්වර්ගය හිමි වෙනවා.

    තථාගත ධර්මය මරණින් මතු ලබන දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුදහම වඩාත් ලං වෙන්නේ ඒ භාරතයේ හටගත්ත අනෙකුත් ඒ දේවවාදී දර්ශන වලට එතකොට. ඒ මේ ජීවිතයේදීම කරලා ඉවරකරන්න, තමන්ටම ලඟාවිය හැකි කෙලවරක් සහ මාර්ගයක් පෙන්වන නිසා (දේව වාදී වීම නිසාහෙම නෙමෙයි) මූලික වශයෙන් මරණින් මතු නැතිව මේ ජීවිතයේදීම මූලික අරමුණ තම තම අත්දැකීමෙන්ම අවබෝධ කල හැකි නිසා.
    මහත්තය ලෙඩ සුව කරනවා කියන්නේ මරණින් මතු දේවල්ද? දැන් ඔබතුමා මේ ඔබතුමා විශ්වාසයෙන් ගන්න දේ හරි වෙනස් කියල පෙන්නන්න පුදුම try එකක් දෙනවා නමුත් මේ thread එක බලන සාධාරණ මතයක් දරන ඕනෑම කෙනෙකුට ඔබතුම හුදු ලබ්දිකයෙක් පමණයි කියල ඔප්පු කරලා ඉවරයිනෙ, දැන් beating around the bush ඵල රහිතයි.
    ඒ ඔයාලට. අපිට එහෙම සනාථවීමක් වෙන්නෙ නැහැ. අපි තර්කය දකින්නෙ සත්‍යානුබෝධයට දුර්වල මාධ්‍යක් විදිහට. යමක් ඉදිරිපත් කල හැකියි, නමුත් අපිට සනාථ වෙන්න නම් තම තමන්ම අත්දැකිය යුතුමයි. ඇයි ඉතින් මේ ෆන්ඩමෙන්ටල් වෙනස දකින්නෙ නැත්තෙ ?
    හොඳමයි, ඔබතුම ඒ මතයේ ඉන්න
    නැහැ කිව්වෙ නැහැනෙ. තමන්ම අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්නා තාක්කල් විශ්වාස පමණයි කියලනෙ කිව්වෙ.

    ඒ ඔබතුමටනේ 🙂
    ------ Post added on Dec 28, 2022 at 12:38 PM

    මේ ත්‍රිපිටකයේ එහෙමත් නැහ්නං මල් සෙවන් මහත්තයා කියන "පොතේ" එන ධර්මකාරණාවක් ගැන තමයි සංවාදයට එන්නේ, මුලින්.

    පහලින් දක්වලා තියෙන්නේ ඒ ත්‍රිපිටකයේ එන ධර්ම පිලිබඳ බුද්ධ වචනය..

    ඒ 'පොතේ" එන ධර්ම කාරණාව කතා කොරන්න ආඅපු මල් හතේ මහත්තැන්, ඊලඟට ඊ කේ රොශ් ගේ පොස්ට් එකකට රිප්ලයි එකේ මෙහෙමත් කියනව..

    "පොත" මග ඇරලා, "පොත" හමස් පෙට්ටියට දාලා, තර්කයෙන්, නිදහස් චින්තනයෙන් කොරගන්ඩ පුලුවන් නම් ඇයි මේ "පොතේ" තියෙන එක ගැන සංවාද කොරන්නේ? මේව තමයි එපික් පරස්පර විරොධතා කියන්නේ!

    ඔය "පොත" ඉතින් හුඟාක් තක්කඩින්ට ලොකු පුරස්නයක්, ඇනයක්. සිංහාසන හදන් ඒකේ රජ වෙන, ගොවියොන්ට ඇඳලා කාබනික වගා කොරන සමන්ත බඩ්ඩ, සිවුරේ ඉඳන් කට්ටඩිකම් කොරපු වහරක වගේ සිවුරු හොරුන්ට හෙන වාතයක් බව නම් අපි දන්නව..

    newly added:
    1. සංගතව කරුනු දක්වන්න බෑ
    2. ගෝල් පෝස්ට් වෙනස් වෙනව
    3. සද්භාවයක් නැහැ
    4. ඩිෆෙන්ඩ් කිරීමේ අඩුවක්
    5. පරස්පර කතා
    6. වහරක පිල්ලි
    7. එපික් පරස්පර විරොධතා
    ------ Post added on Dec 28, 2022 at 12:40 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,986
    3,213
    113
    ඒ ඔබතුමටනේ 🙂

    ඔව්, ඔයාට ඔතන තමා නවතින්න තියෙන තැන.

    අපි තර්කය දකින්නෙ සත්‍යානුබෝධයට දුර්වල මාධ්‍යක් විදිහට. යමක් ඉදිරිපත් කල හැකියි, නමුත් අපිට සනාථ වෙන්න නම් තම තමන්ම අත්දැකිය යුතුමයි.
     
    • Like
    Reactions: ek_rosh

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,986
    3,213
    113
    ඔව් ඉතිං ඔබතුමාට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි නැහැනේ පිලිපදින්න 🙂

    ඔව්, මුලික ප්‍රත්‍යක්ෂ වීම මත ඉහල දේවල් හරි ඇතියි කියලා ඇතිවෙන විශ්වාසය කියන ශ්‍රද්ධාව මත තමා අපි ඉහල ගැඹුරු ප්‍රත්‍යක්ෂ කරා ගමන් කරන්නෙ. අපි පිලිපදින්නෙ ශ්‍රද්ධාව මත පදනම්ව තමා. තමන් තුලින් තමන්ටම අවබෝධ වෙන්න හැරීම තම අපේ ක්‍රමය. මෙහෙම කියන එක හරි.
     
    MalSeven

    Active member
  • Jan 16, 2019
    877
    227
    43
    ඔව්, මුලික ප්‍රත්‍යක්ෂ වීම මත ඉහල දේවල් හරි ඇතියි කියලා ඇතිවෙන විශ්වාසය කියන ශ්‍රද්ධාව මත තමා අපි ඉහල ගැඹුරු ප්‍රත්‍යක්ෂ කරා ගමන් කරන්නෙ. අපි පිලිපදින්නෙ ශ්‍රද්ධාව මත පදනම්ව තමා. තමන් තුලින් තමන්ටම අවබෝධ වෙන්න හැරීම තම අපේ ක්‍රමය. මෙහෙම කියන එක හරි.
    හොඳමයි,
    මුලික ප්‍රත්‍යක්ෂ වීම මොකද්ද මහත්තය?
    කෙටියෙන් කියන්න පුළුවන් දෙයක් නම් කියන්න නැත්නම් කමක් නැහැ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,819
    4,849
    113
    Back Bay-Beacon Hill, Boston
    හරි විචල්‍යක් කියමුකෝ එහෙනම්. කොහොම වෙතත් ඔබතුමන්ලා චින්තනයක් ගැන කතා කරන්න ගියානේ චතුරාර්ය සත්‍ය තාර්කිකයි කියල පටන්ගත්ත discussion එකේ. ඒ conditions දෙකක් නෙමෙයිනෙ characteristics දෙකක් නෙ මහත්තය. හොඳට කියවන්න
    එකේ ප්‍රශනයක් නැහැ තමුන්ට කැමති දේ හිතන්න නිදහසක් තියනවනෙ.

    බොරු කියන එක හරි මදි නේද? තර්කයට,නිදහස් චින්තනේට ඉඩක් නැද්ද කියලා අහලා, නිදහස් චින්තනය සාකච්චාවට ගෙනැල්ලා අන්තිමේ ඉල්ලං කාපු හැටි පිටිපස්සට ගියාම ඕනෑම මහත්තැන් කෙනෙකුට බලගත්තෑකි..

    greenthunder, මම සහ රොශ් ඔබ්තුමාට පැහැදිලි කොරන්න උත්සාහ කොලා තර්කය එක එක අර්තකතන, භාශාව,සංස්කෘතිය සහ අනෙකුත් කරුනු මත යැපෙන බව. එහෙම වුනාම එන්සිනා, හරමානිස්, සහ මම ගොඩ නගාගන්න තර්ක විවිධ වෙන්ඩ පුලුවන් බව, ඒ තර්ක වැරදි වෙන්ඩ පුලුවන් බව සහ ඒ විවිධ තර්ක එකම විසඳුමක් කරා නො එන බවත් පෙන්වා දුන්නා

    එතොකොට නොවැ ඔබතුමා කිව්වේ බුද්ධි මට්ටම අනුව තර්ක වල නිවැරදි හෝ වැරදි වෙන්ට පුලුවන් කියලා. ඒක මට නම් පේන්නේ අති සරල ඉෆ් කන්ඩිශන් එකක්. (.මේව මොකේ ලක්ෂණදැයි මට පැහැදිලි නෑ)
    if intelligent-> tharkaya ok:
    If not (intelligent) -> tharkaya not ok.

    ඒ අනුව ඔබේ මතය/ ප්‍රකාශය නිවැරදි කොරගන්ට වෙනව නිවැරදි තර්ක ගොඩ නගාගත හැකි අයට, එනම් බුද්ධිමට්ටම (IQ?) ඉහල අයට පමනක් (if condition) චතුරාර්ය සත්‍ය තර්කයට ගෝචරවේ කියලා...

    පොඩ්ඩක් විතර අවුල් නේහ්.. මට නං පේන්නේ .. රින්සෝ දාල නෑවා වගේ... :ROFLMAO: :ROFLMAO:

    පරස්පර වෙන්නේ ඔබතුමාට එකදෙයක් ආකාර කීපයකින් දකින්න බැරි නිසා නෙමෙයිද?

    p.s:
    1. සංගතව කරුනු දක්වන්න බෑ
    2. ගෝල් පෝස්ට් වෙනස් වෙනව
    3. සද්භාවයක් නැහැ
    4. ඩිෆෙන්ඩ් කිරීමේ අඩුවක්
    5. පරස්පර කතා
    6. වහරක පිල්ලි
    List is growing....

    වැඩේ දෙල් - personal attacks කරමු? :D :D :D
    ------ Post added on Dec 28, 2022 at 3:29 AM
    මං හිතන්නේ කාටත් පැහැදිලියි වැඩේ දෙල් වුනේ කාටද කියලා..😂
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!, (ප්‍රඥාව... නෑ ඒක ඕනේ නෑ,), සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
     
    • Haha
    Reactions: greenthunder

    MalSeven

    Active member
  • Jan 16, 2019
    877
    227
    43
    බොරු කියන එක හරි මදි නේද? තර්කයට,නිදහස් චින්තනේට ඉඩක් නැද්ද කියලා අහලා, නිදහස් චින්තනය සාකච්චාවට ගෙනැල්ලා අන්තිමේ ඉල්ලං කාපු හැටි පිටිපස්සට ගියාම ඕනෑම මහත්තැන් කෙනෙකුට බලගත්තෑකි..

    greenthunder, මම සහ රොශ් ඔබ්තුමාට පැහැදිලි කොරන්න උත්සාහ කොලා තර්කය එක එක අර්තකතන, භාශාව,සංස්කෘතිය සහ අනෙකුත් කරුනු මත යැපෙන බව. එහෙම වුනාම එන්සිනා, හරමානිස්, සහ මම ගොඩ නගාගන්න තර්ක විවිධ වෙන්ඩ පුලුවන් බව, ඒ තර්ක වැරදි වෙන්ඩ පුලුවන් බව සහ ඒ විවිධ තර්ක එකම විසඳුමක් කරා නො එන බවත් පෙන්වා දුන්නා

    එතොකොට නොවැ ඔබතුමා කිව්වේ බුද්ධි මට්ටම අනුව තර්ක වල නිවැරදි හෝ වැරදි වෙන්ට පුලුවන් කියලා. ඒක මට නම් පේන්නේ අති සරල ඉෆ් කන්ඩිශන් එකක්. (.මේව මොකේ ලක්ෂණදැයි මට පැහැදිලි නෑ)
    if intelligent-> tharkaya ok:
    If not (intelligent) -> tharkaya not ok.

    ඒ අනුව ඔබේ මතය/ ප්‍රකාශය නිවැරදි කොරගන්ට වෙනව නිවැරදි තර්ක ගොඩ නගාගත හැකි අයට, එනම් බුද්ධිමට්ටම (IQ?) ඉහල අයට පමනක් (if condition) චතුරාර්ය සත්‍ය තර්කයට ගෝචරවේ කියලා...

    පොඩ්ඩක් විතර අවුල් නේහ්.. මට නං පේන්නේ .. රින්සෝ දාල නෑවා වගේ... :ROFLMAO: :ROFLMAO:
    ඔබතුමා සියල්ල සරලව මෙතන පැහැදිලිකරල, නිගමන වලට ඇවිල්ල, if condition දාල, ඒ අතරට ඔබතුමාගේ IQ theory එක දාල බොහොම වර්ණවත්, කියවන අයට ඉල්ලං කෑම කෙසේ වෙතත් ඔබතුමා නිතර රින්සෝ දාල නාන බව නම් හොඳට පේනව :rofl: :rofl: :rofl:

    ah almost forgot: :D

    1. සංගතව කරුනු දක්වන්න බෑ
    2. ගෝල් පෝස්ට් වෙනස් වෙනව
    3. සද්භාවයක් නැහැ
    4. ඩිෆෙන්ඩ් කිරීමේ අඩුවක්
    5. පරස්පර කතා
    6. වහරක පිල්ලි
    7. එපික් පරස්පර විරොධතා
    8. ඉල්ලං කනවා
    මං හිතන්නේ කාටත් පැහැදිලියි වැඩේ දෙල් වුනේ කාටද කියලා..😂
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!, (ප්‍රඥාව... නෑ ඒක ඕනේ නෑ,), සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

    හෝව් හෝව් මහත්තය... ප්‍රඥාව?? නෑ නෑ ශ්‍රද්ධාව සහ විශ්වාසය පමණයි ප්‍රඥාව පස්සේ තැපෑලෙන් එන්නේ :rofl::rofl::rofl::rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,551
    868
    113
    හොඳමයි මහත්තය, ඔබතුමාත් විශ්වාසයෙන් කියන්නේ මගෙ හිතේ :D

    ඔව් ඔව් මහත්තය, ඔබතුමා නිතරම කියන "ඔබතුමාට සාපේක්ශය්නෙ", කියන්නෙ, අන්න ඒ විස්වාසයෙන් තමයි කියන්නෙ...

    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලුනෙ

    බලල්ලු මොකොටද මහත්තය.....ත්‍රිරිපිටකයෙන් පටන් ගෙන, තමන්ගේ තර්ක සෙට් වෙන්නෙ නැති වෙනකොට, ත්‍රිපිටකයෙ හරේ වැරදි, මෙහේ වැරදි, ත්‍රිපිටකය පොතක් විතරයිනෙ කියන්නෙ නැති, මේ කතාව තෙරෙන අය ඕන තරම් ඉන්නව...

    මහත්තය ලෙඩ සුව කරනවා කියන්නේ මරණින් මතු දේවල්ද? දැන් ඔබතුමා මේ ඔබතුමා විශ්වාසයෙන් ගන්න දේ හරි වෙනස් කියල පෙන්නන්න පුදුම try එකක් දෙනවා නමුත් මේ thread එක බලන සාධාරණ මතයක් දරන ඕනෑම කෙනෙකුට ඔබතුම හුදු ලබ්දිකයෙක් පමණයි කියල ඔප්පු කරලා ඉවරයිනෙ, දැන් beating around the bush ඵල රහිතයි.

    අපරාදේ ලෙඩක් වගෙ දෙයකට බොරුවට ආගමක් අල්ලගෙන දගලන්නෙ...ලෙඩේ කිව්වනම් මේකෙ ඉන්න අය හොද දොස්තර කෙනෙක් රෙකමොන්ඩ් කරයි විනාඩියෙන්.
     
    MalSeven

    Active member
  • Jan 16, 2019
    877
    227
    43
    ඔව් ඔව් මහත්තය, ඔබතුමා නිතරම කියන "ඔබතුමාට සාපේක්ශය්නෙ", කියන්නෙ, අන්න ඒ විස්වාසයෙන් තමයි කියන්නෙ...
    රෝෂ් මහත්තය දැන් සාපේක්ශ අර පේක්ෂ මේ පේක්ෂ කියන්න එපා ඔබතුමන්ලා කෙලින්ම කියන්න අපි බුද්ධ ධර්මය විශ්වාස කරනවා කියල එකේ කිසිම වරදක් හෝ ප්‍රශ්නයක් නැහැ ඔය ඕනි තරම් අය ඉන්නේ එක එක දේවල් විමුක්තිය කියල විශ්වාස කරන. ඔබතුමන්ලත් මෙහෙම මොකකටවත් ගෝචර නැති ප්‍රඥාවට විතරක් ගෝචර වෙන නිවනක් විශ්වාස කරගෙන ඒකට යන පාරවල් try කර කර ඉන්නවා, කිසිම වෙනසක් නැහැ.
    බලල්ලු මොකොටද මහත්තය.....ත්‍රිරිපිටකයෙන් පටන් ගෙන, තමන්ගේ තර්ක සෙට් වෙන්නෙ නැති වෙනකොට, ත්‍රිපිටකයෙ හරේ වැරදි, මෙහේ වැරදි, ත්‍රිපිටකය පොතක් විතරයිනෙ කියන්නෙ නැති, මේ කතාව තෙරෙන අය ඕන තරම් ඉන්නව...

    තර්ක ත්‍රිපිටකයට සෙට් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ, මම දන්නා බුදු දහම තාර්කිකයි. නමුත් ඔබතුමාට දෙයක් පොතට සෙට් වෙන්න ඕනි බව මම දන්නව මොකද ඔබතුමාට තියෙන්නෙ විශ්වාසයක්නේ. දේව වාදී ආගම් අනුගාමිකයනුත් මෙහෙමම තමයි, පොතේ තිබුනොත් හැරි :)

    අපරාදේ ලෙඩක් වගෙ දෙයකට බොරුවට ආගමක් අල්ලගෙන දගලන්නෙ...ලෙඩේ කිව්වනම් මේකෙ ඉන්න අය හොද දොස්තර කෙනෙක් රෙකමොන්ඩ් කරයි විනාඩියෙන්.

    මේ මොකක්ද මහත්තය, කොහෙද යන්නේ මල්ලේ පොල්? ඔලුව කොහේ හරි වැදුනද? හැටිද? නැත්නම් ඔබතුමා පොත් කියවන විදියට thread එක කියෙව්වද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,551
    868
    113
    රෝෂ් මහත්තය දැන් සාපේක්ශ අර පේක්ෂ මේ පේක්ෂ කියන්න එපා ඔබතුමන්ලා කෙලින්ම කියන්න අපි බුද්ධ ධර්මය විශ්වාස කරනවා කියල එකේ කිසිම වරදක් හෝ ප්‍රශ්නයක් නැහැ ඔය ඕනි තරම් අය ඉන්නේ එක එක දේවල් විමුක්තිය කියල විශ්වාස කරන. ඔබතුමන්ලත් මෙහෙම මොකකටවත් ගෝචර නැති ප්‍රඥාවට විතරක් ගෝචර වෙන නිවනක් විශ්වාස කරගෙන ඒකට යන පාරවල් try කර කර ඉන්නවා, කිසිම වෙනසක් නැහැ.

    අපෝ නැ මහත්තය...ඔබතුමානේ හිරවෙනකොට, ලිස්සල යන ඒ මෙතොඩ් එක එක යූස් කරන්න පටන් ග්ත්තෙ. ඔබ තුමා එක්කම කතා කරල මටත් ඒක බෝවෙලාද මන්ද.

    තර්ක ත්‍රිපිටකයට සෙට් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ, මම දන්නා බුදු දහම තාර්කිකයි. නමුත් ඔබතුමාට දෙයක් පොතට සෙට් වෙන්න ඕනි බව මම දන්නව මොකද ඔබතුමාට තියෙන්නෙ විශ්වාසයක්නේ. දේව වාදී ආගම් අනුගාමිකයනුත් මෙහෙමම තමයි, පොතේ තිබුනොත් හැරි :)

    අනේ මහත්තය මගේ පුතක්ජන මනසට නම් ඔය බුදුන් පුතක්ජන මනසට හිතන්නව්ත් බැ කිව්ව දේ වල් පේන්නෙ නැ මහත්තය...මට තේරෙන විදිහටනම්, ඔබතුමාට පුතක්ජන මනසට අහුවෙන්නෙ නැති දේවල් ඉතාමත් හොදින් අහුවෙනව වගේ..එකනෙ අහු වෙනව මදිවට ලොජිකලි වෙරිෆියි කිරීමෙ හැකියාවත් ලබිල තියෙන්නෙ...අනේ සාදු...ඔබ තුමා ඉන්නෙ මට වැඩිය හිතාගන්නවත් බැරි උඩින්. මගෙ මේ පුතක්ජන මනසින් ඔබතුමාට මොනව කියල පැහදිලි කරල දෙන්නද ඉතින් නේද?

    මේ මොකක්ද මහත්තය, කොහෙද යන්නේ මල්ලේ පොල්? ඔලුව කොහේ හරි වැදුනද? හැටිද? නැත්නම් ඔබතුමා පොත් කියවන විදියට thread එක කියෙව්වද?

    මටත් එහෙම වෙලාවකට හිතෙනව මහත්තය..ඔලුව කොහෙ හරි වදුනවත් ද කියල...මොකද ඔබතුමා කියන ඔය ලොජික් එක පේන්නෙ නැනෙ.
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Active member
  • Jan 16, 2019
    877
    227
    43
    අපෝ නැ මහත්තය...ඔබතුමානේ හිරවෙනකොට, ලිස්සල යන ඒ මෙතොඩ් එක එක යූස් කරන්න පටන් ග්ත්තෙ. ඔබ තුමා එක්කම කතා කරල මටත් ඒක බෝවෙලාද මන්ද.
    මහත්තය, මේ ලිස්සල යාමක් නෙමෙයි මම point out කලේ ඔබතුමන්ලා කලින් කිව්ව දේ. ඔබතුමාලා පැහැදිලිව කිව්වනේ අපිට මාර්ගය ප්‍රත්‍යක්ෂ නැහැ නමුත් මාර්ගය විශ්වාස කරනව කියල. මම ඒකයි කිව්වෙ. ඔබතුමාගේ අදහස ඒක නෙමෙයි නම් සමාවෙන්න.

    අනේ මහත්තය මගේ පුතක්ජන මනසට නම් ඔය බුදුන් පුතක්ජන මනසට හිතන්නව්ත් බැ කිව්ව දේ වල් පේන්නෙ නැ මහත්තය...මට තේරෙන විදිහටනම්, ඔබතුමාට පුතක්ජන මනසට අහුවෙන්නෙ නැති දේවල් ඉතාමත් හොදින් අහුවෙනව වගේ..එකනෙ අහු වෙනව මදිවට ලොජිකලි වෙරිෆියි කිරීමෙ හැකියාවත් ලබිල තියෙන්නෙ...අනේ සාදු...ඔබ තුමා ඉන්නෙ මට වැඩිය හිතාගන්නවත් බැරි උඩින්. මගෙ මේ පුතක්ජන මනසින් ඔබතුමාට මොනව කියල පැහදිලි කරල දෙන්නද ඉතින් නේද?
    නෑ මහත්තය මට චතුරාර්‍ය සත්‍ය අවබෝධයක් නැහැ මට තියෙන්නේ ඒක නියත වශයෙන්ම විමුක්ති මාර්ගය කියන ප්‍රත්‍යක්ෂය විතරයි, ඒක හරියට 1 + 1 = 2 වගෙ.
    මම කියන්නේ මෙන්න මේටික:
    • චතුරාර්‍ය සත්‍ය පිලිබඳ දැනුම: අසා දැනගත් දේ, දුක කියන්නේ මෙයයි... මම කියල ගන්න දෙයක් නැහැ... යනාදී වශයෙන්
    • චතුරාර්‍ය සත්‍ය පිලිබඳ ප්‍රත්‍යක්ෂය: එකම මාර්ගය බව තමුන්ට සනාථ වීම - මෙහෙම උනාට පස්සේ තමයි කෙනෙක් අවබෝධය සඳහා මාර්ගය වඩන්නේ, එහෙම නොවෙන්නේ බුදු බව පතන බෝධිසත්වයන් වහසේලාට. උන්වහන්සේලා නෙයෙකුත් පාරවල් try කරල අන්තිමට තමන් වහන්සේලා විසින්ම මාර්ගය අවබෝධ කරගන්නවා. සමහරවිට ඔබතුමන්ලා බෝධිසත්වයන් වහසේලා වෙන්න ඇති. :-)මෙහෙම නැතිව, එක එක පාරවල් විශ්වාස කරල, නිවන ලැබෙයි කියල try කරල බලන method එකක් ශ්‍රාවක පාරමිතවේ තියෙන්න විදියක් නැහැ කියල මම කියන්නෙ.
    • චතුරාර්‍ය සත්‍ය පිලිබඳ අවබෝධය: මාර්ග ඵල - මේ තමයි ඔය ඔබතුමන්ල කියන වචනයට නගන්නට බැරි ඉන්ද්‍රිය ගෝචර නොවන, තර්කයට ගෝචර නොවන දෙය
    නැතිව මම කිව්වේ මම පෘතක්ජන භාවය ඉක්ම ගියා කියලා නෙමෙයි, මට චතුරාර්‍ය සත්‍ය සුළු හරි අවබෝධයක් තිබුනානම් මම මෙහෙම ඔබතුමන්ල එක්ක මේකේ comments කොටන්න එන්නේ නැහැනෙ.

    මටත් එහෙම වෙලාවකට හිතෙනව මහත්තය..ඔලුව කොහෙ හරි වදුනවත් ද කියල...මොකද ඔබතුමා කියන ඔය ලොජික් එක පේන්නෙ නැනෙ.
    මම එහෙම කිව්වේ ඔබතුම ඇහුවේ ඇයි මම ලෙඩකට බෙහෙත් හොයන්නෙ කියල. නමුත් මම එහෙම දෙයක් ඇහුවේ නැහැනේ මහත්තය. කොහොම උනත් සමාවෙන්න ඔබතුමාට, personal attack කිරීම මගෙ අරමුණ නෙමෙයි
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,551
    868
    113
    • චතුරාර්‍ය සත්‍ය පිලිබඳ දැනුම: අසා දැනගත් දේ, දුක කියන්නේ මෙයයි... මම කියල ගන්න දෙයක් නැහැ... යනාදී වශයෙන්
    • චතුරාර්‍ය සත්‍ය පිලිබඳ ප්‍රත්‍යක්ෂය: එකම මාර්ගය බව තමුන්ට සනාථ වීම - මෙහෙම උනාට පස්සේ තමයි කෙනෙක් අවබෝධය සඳහා මාර්ගය වඩන්නේ, එහෙම නොවෙන්නේ බුදු බව පතන බෝධිසත්වයන් වහසේලාට. උන්වහන්සේලා නෙයෙකුත් පාරවල් try කරල අන්තිමට තමන් වහන්සේලා විසින්ම මාර්ගය අවබෝධ කරගන්නවා. සමහරවිට ඔබතුමන්ලා බෝධිසත්වයන් වහසේලා වෙන්න ඇති. :-)මෙහෙම නැතිව, එක එක පාරවල් විශ්වාස කරල, නිවන ලැබෙයි කියල try කරල බලන method එකක් ශ්‍රාවක පාරමිතවේ තියෙන්න විදියක් නැහැ කියල මම කියන්නෙ.
    • චතුරාර්‍ය සත්‍ය පිලිබඳ අවබෝධය: මාර්ග ඵල - මේ තමයි ඔය ඔබතුමන්ල කියන වචනයට නගන්නට බැරි ඉන්ද්‍රිය ගෝචර නොවන, තර්කයට ගෝචර නොවන දෙය

    ඔබතුමාට මේක කොච්චර කිව්වත් වැඩක් නැ මහත්තය....කෙනෙකුට ප්‍රත්යක්ශය එන්නෙ අවබොදයට පස්සෙ කියල. දර්මය පැත්තකට දාල පොඩි උදාහරනයක් ගන්න්කො.

    අන්දයට පාරේ එහා පැත්තෙ තියන ඉස්පිරිතාලෙට යන්න පාර කිව්වාම, අන්දයට කොච්චර කල්පනා කලත් ඒ පාර හරිද කියල ප්‍රත්යක්ශ කර ගන්න පුලුවන්ද? බැ.. අන්දයට පාර හරිද කියල බලන්න තියෙන එකම විදිහ තමයි, පාර කියපු මනුස්සය විශ්වාස කරල ගිහිල්ල බලන එක...වෙන විදිහක් තියෙනවද?

    අන්දය කියපු විදිහට ගියාට පස්සෙ තමයි, අව්බෝදය සමග ප්‍රත්යක්ශ වෙන්නෙ අර මනුස්සය කිව්ව දේ හරි කියල..

    දර්මයෙත් මේ ටිකමනෙ වෙන්නෙ...දැන් ඔබතුමා පෙනවන්න අන්දයට කියප්පු මාර්ගයේ යන්නෙ නැතුව මාර්ගය හරි කියල ප්‍රත්යක්ශ කර ගන්න විදිහ, ඔබතුමා ඔය කියන විදිහට?
     
    මහත්තය මේ analogy එක ගැළපෙන්නේ නැහැ, ඒ මොකද කියනවනම් චතුරාර්‍ය සත්‍ය කියන මූලධර්මය ත්‍රිහේතුක උපතන්ක් ඇති ඕනෑම කෙනෙකුට ගොචර්යි. ඒ කියන්නේ ජීවිතයට apply කරල prove කරන්න පුළුවන් බුද්ධිය ඒ අයට තියනව. නමුත් අන්ධයට පාර කිව්වහම ඔහුට ඒක තමන්ගේ අන්ධ බව තුලින් prove කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මෙවැනි රේඛීය analogy එකක් චතුරාර්‍ය සත්‍ය වැනි බහුමාණික ආකෘතියකට ගැලපෙන්නේ නැහැ.
    මම ඉස්සෙල්ල කිව්ව වගේ ඔබතුමා මේ ගලපන්න හදන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් එන ගතිය (හෙවත් මාර්ග ඵල) චතුරාර්‍ය සත්‍ය කියන මූලධර්මයමයි කියන වැරදි වැටහීම මත ඉඳගෙන. අවබෝධයට පස්සේ ප්‍රත්‍යක්ෂයෙන් ඇති ඵලයක් නැහැ මොකද අවබෝධයෙන් පස්සේ ප්‍රත්‍යක්ෂයෙන් prove කරන්න දෙයක් නැති නිසා.

    කොහොම නමුත් මමත් හිතන්නේ නැහැ අපි කොච්චර කතා කලත් ඔබතුමාට මගෙ point එක දෙන්න පුළුවන් වෙයි කියල.