සාකච්ඡා, වාද විවාද, මති මතාන්තර, කවුද හරි කවුද වැරදි, විද්‍යාව, අවිද්‍යාව, විශ්වාසය, අවිශ්වාසය, භක්තිය, පොත පත දැනුම සහ අවබෝධය මේ සියලු දේ අතරේ දෝලනය වෙනවා වර්තමානයේ ගොඩ දෙනෙක්.
බුදුරජාණන්වහන්සේ විසින් මේ ලෝකයේ මායාව පරදවා සැඟවී ගත් පරම සත්‍යය ගැන අවබෝධ කරගත් සියළුම දේ, සියලු "බුද්ධිමත්" ලෝ වැසියන්ගේ සුවය පිණිසම දේශනා කරලා අවසානයි. දැන් වර්ෂ දෙදහස් හයසිය ගණනකුත් ගත වෙලා අවසන්.
හැමකෙනෙක්ම මතක තබා ගත යුතු වැදගත් කරුණක් තියෙනව....
ඒ බුදුන් වහන්සේ අරමුණු කරන ලද එකම කාරණය කුමක්ද කියන එක. ඒ තමයි "චතුරාර්ය සත්‍ය අවබෝධය" නැතිනම් නිවන සාක්ෂාත් කර ගැනීම. ඒ හැර අන් කිසිවක් අරමුණු කරන්නෙ නැහැ. යමක් පවසන ලද්දේ නම්... එහිද අවසාන අරමුණ "නිවන් අවබෝධය" උදෙසාමයි.
එහෙම නම්... වර්තමානය වන විට.. ඒ අරමුණ පැත්තක තියල... අපි කාටත් සමාජය තුළ අහන්න දකින්න ලැබෙන බුදුන් වහන්සේ දෙසූ දහමේ නිරවද්‍යතාවය ගැන සැක පහල කර ගැනීම සහ දෙසූ කරුණු වල හරි වැරදි බව පිළිබඳ වාද විවාද කිරීම තරම් අනුවන ක්‍රියාවක් තවත් නැහැ.
ඒ මන්ද... පිළිතුර ඉතාම සරලයි.
මේ සියල්ල තුළ ඔබ අරමුණු කරන්නේ තව දුරටත් අතරමන් වී වාද විවාද අතර සිරවී සිටීම පමණද, නැත්නම් වීර්ය උපදවාගෙන සත්‍ය අවබෝධ කිරීමට තමා තුලින් ගමන ආරම්භ කරන කටයුත්තට පිවිසෙනවාද යන්නයි. ඔබේ සියළු ක්‍රියාවන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ... ඔබේම සිත දමනය කර මේ සසර ගමන කෙටි කරගන්න අවශ්‍ය කුසලය වැඩි දියුණු කරගැනීම විනා අන් කිසිවක් නොවේ. (නමුත් ලෝක ස්වභාවය එය එසේ නොවෙන්නට සැකසී ඇති බව ද දකින්න. ඒ නිසයි තාමත් මේ තරම් විවාද විනා අවබෝධය උදෙසා කටයුතු නොවෙන්නෙ.)
ඔබ ජීවිතේ එදිනෙදා වැඩ කටයුතු එලෙසින්ම කරමින්, සමාජයේ සිදුවෙන පුවත් දෙස බලමින්, කැමති කැමති ආකාරයට පවුල් කටයුතුවලට තැන දෙමෙන් ඉඳහිට ධර්ම කරුණු විමසා බැලීම පමණක් කරනවා නම්.... තමන්ට ඇති යම් පමණක හෝ දහම් දැනුම පාවිච්චි කර එකිනෙකාව නිවැරදි කරවන්න පමණක් දඟලනවා නම්... ඒ කිසිවකින් ඔබ සැබැවින් අරමුණු කල යුතු දේ තව තවත් ඔබෙන් දුරස් වීම පමණක් වන බව අවබෝධයෙන් පළමුව දැකිය යුතුයි.
මඩ ගොඩක සිට ඒ මඩ හෝදා හරින්න කොතරම් දැඟලුවත්... ඒ මඩ හරියට සෝදා හරින්න නම් මඩ ගොඩින් එලියට එන්නම ඕනෙ.
තමන්ගේ සිතෙන් විමසා බලන්න... සිතේ කොහේ හෝ තැනක ඔබවත් නොදැන "තණ්හාව" ඔබේම සිත ඔබව රූකඩයක් කරමින් ඔබව කොතරම් කාලයක් අල්ලේ නටවනවද කියන එක. ඒ සිත ගැන ඔබ අල්ප මාත්‍රයක හෝ අවධානයක් නොදෙන තරමට සිත ඔබව පාලනය කරන්න ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරාවි. ඔබ සිහිනෙන්වත් සිතන එකක් නැහැ. ඒ මන්ද, සිත ඒ තරම් මායාකාරයෙක් බව ඔබට අමතක වී යන නිසාවෙනි.
ඔබගේ සිතේ පහළවන සිතිවිලි ගැන ඔබ කෙතරම් අවබෝධයෙන් යක්තද? ඔබට තරහවක්, රාගයක්, සැකයක්, මෝහයක් ආපසු එය දිහා බලන්න තරම් ඔබ සිත ප්‍රගුණ කර ඇත්ද? නැතිනම් ඒ සිතිවිලි ඔස්සේ ඔබ ඔබටත් නොදැනී... විවිධ හේතු කාරණා වලට ඔබ සිතින් ම ප්‍රමුඛත්වයක් වටිනාකමක් දී කටයුතු කර ඇද්ද? ඔබ සැබැවින්ම ගැටෙන්න ඕනේ ඒවා එක්කයි. ඔබේ සැබෑ විරුද්ධවාදියා වන්නේ ඔබමයි.
ඔබේ දැනුමෙන් පමණක් පමණක් පලක් නැත.... ඔබෙ කෙතරම් සිල්වත් වුවද එය ඔබට සැමවිටම උදව් නොවනු ඇත, ඔබ ඔබේ සිත කොතරම් හඳුනාගෙන ඇද්ද යන්න ඔබ ඔබෙන් විමසා බලන්න... ඔබ කෙතරම් සත්‍ය අවබෝධයෙන් දුරස්ද කියා ඔබට වැටහෙනවා නම්... තව මොහොතක් හෝ අනවශ්‍ය වාද විවාද වල පැටලී අතරමන් නොවෙන්න. නිර්වාණ අවබෝධය ඔබේ පරම ඒකායන අරමුණ පමණක් කරගන්න. අන් සියලු දේ ඔබට ගැටලුවක් නොවනු ඇත.
මතක තබා ගන්න. කවුරු හිටියත්... ඔබ කෙතරම් දැනුම් සම්භාරයක් ඇති අයෙක් වුවත්... ඔබ යම් කරුණක හරි වැරැද්ද සොයා ගන්න දක්ෂ වුවත් නැතත්.... "තමාට පිහිට තමාමය" යන්න සිහි කරන්න. ධර්මය පහුරක් කරගන්න. එය දේශනා කර ඇත්තේ පරිස්සම් කර කරමත තබාගෙන යාමට නොවන බව නැවතත් සිහි කරන්න.