ඔන්න රොෂ් මහත්තය හරි තැනට ආවා, දැන් මෙතන මල රතු පාටයි කියල වර්න අන්ධ කෙනාට ප්‍රත්‍යක්ෂ කරන්න කිසිම විදියක් නැහැ. මොකද මලේ රතු පාට නිසා වර්න අන්ධ කෙනාගේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන කිසිම දෙයක වෙන්නේ නැහැ.
මෙතන ඔබතුමා පිලිගන්නව, මොන ලොජික් එකකින් වත් රතුපාට ගෝචර නැති කෙනාට මල රතුපාට කියල ප්‍රත්යක්ශ කරගන්න බැ කියල...මේක තමයි මුල ඉදන්ම අපි කිව්වෙ ඉන්ඩ්‍රියබද්ද ප්‍රත්යක්ශය..
ඔහුට මේ මල නිල් පාටයි. දැන් මෙහෙම හිතන්නකෝ, මේ වර්ණ අන්ධ කෙනාට වර්ණ අන්ධ නැති කෙනෙක් ඇවිල්ල කියනව, මේ මල ඇත්තටම නිල් නෙමෙයි මේක ඔබට පෙනෙන්නෙ නැති රතු කියල පාටක් කියල. තව මේ වර්ණ අන්ධ නැති කෙනා කියනව මේ මල, මේ රතු කියන පාට නිසා ඇඟේ ගෑවුනොත් කසනවා සහ මේ මල කෑවොත් තිත්ත රහයි කියලා දැන් මේ වර්න අන්ධයට කසනවා කියන එකයි තිත්ත කියන එකයි දෙකම මේ මල නිසා පමණක් නම් ලැබෙන්නෙ ඔහුට රතු කියන වර්ණය පිලිබඳ අවබෝධයක් නැති උනත් මේ නිල් පාටට පෙනෙන දේවල් ඇත්තටම රතු කියල වර්ණයක් කියලා ප්‍රත්‍යක්ෂයි නේද?
දැන් මහත්තය, මේ රතු පාට පේන්නෙ නැති මනුස්සයට මල රතුපාටයි කියන එක තනිකරම තීරනය වෙන්නෙ කියන කෙනා මත් තියෙන විස්වාසය මතනෙ. ඉතින් කොහොමද ඒක ප්‍රත්යක්ශයක් වෙන්නෙ?