බොහෝ දෙනාට සුදුසුවූ භාවනා ක්‍රම සතරක්

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,282
    197
    63
    බොහෝ දෙනාට සුදුසුවූ භාවනා ක්‍රම සතරක්

    බොහෝ දෙනාට සුදුසුවූ භාවනා ක්‍රම සතරක්

    1) බුද්ධානුස්මෘති භාවනාව - බුදුන් වහන්සේගේ ගුණයන් අතරින් යම්කිසි ගුණයක් නැවත නැවත සිතමින් එයින් සිත සමාධි ගත කරවීම


    2) මෛත්‍රී භාවනාව - තම සිතෙන් අන්‍යයන්ට සෙත් පැතීම


    3) පිළිකුල් භාවනාව - ශරීරයේ කෙස්, ලොම්, නිය, දත් හා අනෙකුත් ඉන්ද්‍රියයන් ගේ ඇති පිළිකුල් ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීමය


    4) මරණාස්මෘති භාවනාව - සත්ත්වයන්ට ඒකාන්තයෙන්ම පැමිණෙන මරණය පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීමය


    1) බුද්ධානුස්මෘති භාවනාව

    අ) පළමුව තමා ප්‍රියකරන බුදුරුවක් දෙස බලා එය හොඳින් සිතට ගත යුතුය. (මුල් කාලයේදී බුදුරුවක් ඉදිරියේ තබාගෙන භාවනාව කල හැකි නම් වඩා හොඳය.)



    ආ) විවේක ස්ථානයක් තෝරාගෙන කය ඍජුව තබාගෙන තමාට පහසු අයුරින් වාඩිවිය යුතුය.



    ඇ) පළමුව, පහත දැක්වෙන බුදුගුණ අඩංගු වගන්ති 9 එකිනෙක පවසමින් බුද්ධ වන්දනාව කල යුතුය. අවසානයේ, "මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් සම්බුදුරජානන්වහන්සේට මගේ සිත, කය, වචනය නමැති තිදොරින් නමස්කාර කරමි" යනුවෙන් කියා බුද්ධ වන්දනාව අවසන් කලයුතුය.



    (1) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නූපනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.


    (2) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයට අයත් වූද කාලමුක්තවූද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිතව තමන්වහන්සේ විසින්ම නොවරදවා දැන වදාළ සේක.


    (3) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ අතිශයින් සමෘද්ධ වූ විදර්ශනා ඥානාදී විද්‍යාවෙන් හා ශීලාදී චරනයෙන්ද සම්පූර්ණ වූ සේක.


    (4) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ දාන ශීලාදී සම්‍යක් ප්‍රතිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.


    (5) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකත්‍රය නිරවශේෂයෙන් දැන වදාළ සේක.


    (6) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ ජාතිමාන, පුන්‍යමාන, බලමාන, ප්‍රඥාමාන, සෘද්ධි මාන ආදී අනේකවිධි මානයෙන් උඩඟු වූද, දමනය කිරීමට දුෂ්කරවූද, මනුෂ්‍ය, දිව්‍ය, යක්ෂ, රාක්ෂස, රාජාදීන් දමනය කරන හෙයින්, සත්ත්වයන් දමනය කරන්නවුන් අතරින් අග්‍ර වූ සේක.


    (7) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ දෙව් මිනිසුන්ට මෙලොව පරලොව යහපත හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසද අනුශාසනය කරන සේක.


    (8) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ පරම ගම්භීර චතුස් සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ටද අවබෝධ කරවන සේක.


    (9) මාගේ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ අනන්ත පුණ්‍ය, අනන්ත සෘද්ධි, අනන්ත ඥාන, අනන්ත තේජෝබල පරාක්‍රමයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.



    ඈ) ඉන්පසු දෑස් පියාගෙන, සිතින් බුදුරුව මවාගෙන, උන්වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතාගෙන, බුදුන්වහන්සේ අරමුණු කොටගෙන, ඉහත සඳහන් වූ වගන්ති නවයෙන් තමාගේ සිතට හොඳින් වැටහෙන, තමා වඩා ප්‍රිය කරන වගන්තියක් තෝරාගෙන එය මෙනෙහි කරමින් භාවනා කල යුතුය.



    ඉ) අවම වශයෙන් පැය කාලක්වත් දිනකට මෙම භාවනාව කල යුතුය.



    සිත අන් අරමුණු කරා යොමු වීම උත්සාහයෙන් වළක්වාගෙන සිහියෙන් යුතුව භාවනා කල යුතුය.

    එකවරම බොහෝ වෙලාවක් භාවනා කිරීමට නොගොස් ක්‍රමක්‍රමයෙන් කාලය වැඩිකරමින් භාවනාව කල යුතුය.

    ආබාධ ඇති විට ඒවා සුව වන තුරු භාවනාව නැවැත්විය යුතුය.

    Source http://www.thebuddhism.net/2012/10/29/four-types-of-meditation-suitable-to-the-majority/

    Find us on facebook► Buddhism

    Worldwide Buddhist Information and
    Education Network► www.TheBuddhism.net

    .
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    keethsam

    Active member
  • Dec 14, 2006
    818
    33
    28
    Colombo Sri Lanka
    තම නැන පමණින් ධර්මය කියාදීමට ගත් වෙහෙස වෙනුවෙන් ඔබට බොහෝ පින්...
     

    luxmen

    Member
    Jul 17, 2012
    16,054
    543
    0
    Lokotthara Bavana

    Mea Bavana krama 4 rama Lokotthara patthata barai . Ath loakika patthata godak useful Bavanavak ------Chithanu passana Bavanava