භාවනා කරලා මාර්ග පල හම්බවෙලා කියල හිතන් ඉන්න උන්

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    1,999
    442
    83
    Colombo
    mama mage early 20s buuddhism walin ath wela hitapu kenek. ita passe thama hoyanna gaththe. kenek marga phala laba genayi kiyala nitharama kiyanawanam, ohu ho aya godak duruta MOHAYAKA, MAMATHWAYAKA inne.
    Bhawa karala mama marga phala laba gaththath, loketa kiyanna awashya wenne na
     
    • Like
    Reactions: animation

    Emios

    Well-known member
  • Dec 10, 2009
    37,148
    17,774
    113
    mama mage early 20s buuddhism walin ath wela hitapu kenek. ita passe thama hoyanna gaththe. kenek marga phala laba genayi kiyala nitharama kiyanawanam, ohu ho aya godak duruta MOHAYAKA, MAMATHWAYAKA inne.
    Bhawa karala mama marga phala laba gaththath, loketa kiyanna awashya wenne na
    This is wrong because there are 3 types of buddhas.some who stay silent and some who teaches the world.The one who teach need to announce to the world otherwise how the world knows
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    700
    977
    93
    මුකුත් දාන්න බැ තොපි වැලලෙන්න හදනවනෙ අරක දාපන් කියලා
    උබ මේ වෙන ත්‍රෙඩ් බල බල යන්න එපා. පල පල්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,391
    215
    63
    බලමු..

    මට හැඟෙන විදිහට සතිපට්ඨාන සූත්‍රයෙන් නම් ඔය අන්තදෙකයි මැදයි කතාවට හොඳ ප්‍රවේශයක් ගන්න අමාරුයි. ඒ වගෙම "මැද නැති කරනවා" කියන්නෙ මොකද්ද කියලා හරියට විග්‍රහ නොකරගෙන පිලිගන්න එකනම් සුදුසු නෑ. මැද නැති කරනවා කිව්වම උච්ඡේදවාදයකට උනත් වැටෙන්න පුළුවන්.

    ඔය මැදයි අන්ත දෙකයි ගැන පැහැදිලිව සඳහන් වෙන තැනක් තමා පාරායන වග්ගයේ තිස්ස මනවක ප්‍රශ්ණය.

    “මේ ලෝකයෙහි කවරෙක් සතුටුවූයේද, කවරෙකුට තෘෂ්ණා දෘෂ්ටි ආදී කම්පාවීම් නොවෙද්ද අන්ත දෙක දැන මැද නුවණින් නොගෑවේද, මහා පුරුෂයායයි කවරෙකුට කියයිද මේ ලෝකයෙහි කවරෙක් මැසීම ඉක්ම වූයේදැයි” ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍යතෙම ඇසීය.

    භාග්‍යවතුන් වහන්සේ, “මෙත්තෙය්‍යය, කාමයන්හි දොස් දැක මාර්ග බ්‍රහ්මචර්යයන් යුක්තවූ පහවූ තෘෂ්ණා ඇති හැම කල්හි සිහියෙන් යුත් අනිත්‍යාදී වශයෙන් සිත නිවුනාවූ මහණෙක් වේද” ඔහුට කම්පාවීම් නැත්තාහ.

    “හෙතෙම අන්ත දෙක දැන මැද ප්‍රඥාවෙන් නොගෑවෙයි ඒ මහා පුරුෂයා යයි කියනු ලැබේ. හෙතෙම මේ ලෝකයෙහි මැසීම ඉක්ම වූයේයයි” වදාළසේක.

    https://pitaka.lk/main/?n=41140

    තථාගතයන් ඉන්පසු ඔය කාරණයම මජ්ජේ සූත්‍රයේදි තවත් පැහැදිලි කරනවා.

    මජ්ජේ සූත්‍රය

    බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අතර මේ අතුරු කථාවක් පහළ විය. “භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන සූත්‍රයෙහි මෙත්තෙය්‍ය ප්‍රශ්නයෙහි යමෙක් තෙම ස්පර්‍ශය හා ස්පර්‍ශ නිරෝධයද යන අන්ත දෙක මනා නුවණින් දැන, නිර්‍වාණයෙහි තෘෂ්ණා ඇලීමෙන් නොඇලේද, හෙතෙම මේ ශාසනයෙහි සිබ්බනි නම් තෘෂ්ණාව ඉක්මෙව්වේ වෙයි. ඔහු මහා පුරුෂයයි කියමි.” යනුවෙන් මෙය වදාළ සේක.
    “ඇවැත්නි, එක් අන්තයක් කවරේද? දෙවන අන්තය කවරේද? මධ්‍යය කුමක්ද? “සිබ්බනි” නම් තෘෂ්ණාව කවරීද?.........

    https://pitaka.lk/main?n=31157

    උබල දන්න එවුන් ඉන්නවද බන්, භාවනා කල්ලි වලට සෙට් වෙලා මර්ග පල හම්බ වෙලා කියල හිතන් ඉන්න උන්.
    මන් දන්න සෙට් එකක් ඉන්නවා, වැඩි හරිය ගෑනූ.
    සෙට් එකේ සීනියර් කෙනෙකුට පුලුවන්ලු භවනා කරන ගමන් අනිත් අය මර්ග පල වලට ආවද කියල බලලා කියන්න.
    මේක මානසික අවුලක්ද ?

    ඔහෙම හිතාගෙන ඉන්න අය ඉන්නවා කියලා පිලිගන්නවා.

    ගැහැනු වගේම පිරිමිත් ඉන්නවා. මට වැඩිපුරම හමුවෙලා තියෙන්නෙ පිරිමි. සමහරු හොඳින් කලක් භාවනා කරපු අය. භාවනා කරන්න හැකියාව තියන අය.

    මානසික අවුල්මද, වෙනත් අරමුණු ද, නොදැනුවත්කම ද, හෝ වෙනයම්ම කාරණයක්ද කියන්න වෙන්නෙ ඉතිං ඒ ඒ සිදුවීම අරං බැලුවොත් තමා නේ...
    ------ Post added on Jun 11, 2021 at 5:36 PM
     
    Last edited:
    • Like
    Reactions: Gunther and Gaash

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    883
    558
    93
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පොරක්.. මිනිහ සෝවාන් වෙලා ඉන්නෙ කියල ගම වටේම කියෝ කියෝ යනවා. ඒ උනාට හෙනම කුණු ලෝබයා.. පැය 24ම tv එකේ බණ දාල පොර ගේ පැත්ත පලාතෙවත් නෑ.. 😂😂😂
    එක්තරා මානසික ලෙඩක් තමයි බන් ඕක
     
    • Haha
    • Like
    Reactions: Gaash and HmNRazor

    HmNRazor

    Well-known member
  • මාර්ග පල නම් තාම නෑ, හැබැයි මලා වගේ නින්ද යනවා ඒ වගේම උදේට ගැම්මට නැගිටින්න පුලුවන් රෑට භාවනා කරලා නිදා ගත්තාම.

    දන්න උන් නම් ඉන්නවා ඔය විශ්ව ශක්තිය එහෙම ගත්ත / ගන්න උන්, මටත් දෙතුන් දෙනෙක් කියලා තියනවා "මල්ලී මම විශ්ව ශක්තිය සතියේ ඉන්නේ" අරක ද මේක ද. එහෙම උන්ට මුකුත් කියන්න යන්නේ නෑ "විශ්ව ශක්තිය නේ? ඕ යේ...... 🥴" කියලා මම අැහුනේ නෑ වගේ ඉන්නවා.

    නික බන් අපි දන්නේ නෑ නේ ඒ මිනිස්සු මාර්ගපල ලබල ඉන්නවද කියලත්? :unsure::unsure::unsure: 3
     
    • Like
    Reactions: Gaash

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,642
    1,060
    113
    අහවල් තැන
    1623432080682.png
     
    • Haha
    Reactions: BenMacTavish

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,358
    3,790
    113
    🇬🇧
    මට තේරෙන්නෙ නැත්තෙ එල්ලෙන්න වැල් නැති හිඟාකන රටවල් වල එවුන්ටමයි ඔය වගේ ධ්‍යාන, මාර්ගඵල, ස්වර්ගස්ථ බල අරවා මේවා ඔක්කොම. ඇයි දන්නෙ නෑ එහෙම! පොඩ්ඩක් සර්ච් කරලා බලපුවම අප්‍රිකාවෙ එහෙම ඉන්නෙ මාර බලයක් තියන එවුන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,391
    215
    63
    මට තේරෙන්නෙ නැත්තෙ එල්ලෙන්න වැල් නැති හිඟාකන රටවල් වල එවුන්ටමයි ඔය වගේ ධ්‍යාන, මාර්ගඵල, ස්වර්ගස්ථ බල අරවා මේවා ඔක්කොම. ඇයි දන්නෙ නෑ එහෙම! පොඩ්ඩක් සර්ච් කරලා බලපුවම අප්‍රිකාවෙ එහෙම ඉන්නෙ මාර බලයක් තියන එවුන්.

    මේකත් එකඟ වෙන්න බැරි මතයක්. ඒ ඒ සංස්කෘතිවල ඒ ඒ ආගම් වල ඒ ඒ ආර්ථික මට්ටම්වල ඕනෙ තරම් අන්තගාමී, මමත්වයෙන් පිරිච්ච මින්ස්සු ඉන්නවා. එහෙමත් නැතිනං අධ්‍යාත්මික පූර්ණත්වයට පත්වූ බව ප්‍රකාශ කරන අය ඉන්නවා.
    ඒවාට සල්ලිකාරද නැද්ද, ජුදායිසම්ද, ක්‍රිස්ටියන්ද, ඉස්ලාම් ද, ඒතියස්ට්ද, බුඩිස්ට්ද කියන එක ප්‍රධාන ඩිෆයිනිං ෆැක්ටර් එකක් විදිහට දකින්න බෑ...

    https://en.m.wikipedia.org/wiki/List_of_messiah_claimants

    මේ ලින්ක් එකේ ඉන්නවා එවැනි අය ඕනෙ තරම්.

    ඔයා ඉම්ප්ලයි කරන "හිඟා නොකන" රටවලත් බුදුදහම මුල්කරගෙනත් ඕනෙ තරම් "මම රහත්" මට "ධ්‍යාන තියනවා" කියාගෙන එන අය ඕනෙ තරම් ඉන්නවා.
    ලඟදි එහෙම ගොඩක් ප්‍රස්ද්ධියට පත්වුනේ ඩැනියල් ඉන්ග්‍රම්. තමං රහත් කියලා ප්‍රකාශ කලා.

    මීට අමතරව මම ෆ්‍රීක්වන්ට් කරන ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ ෆෝරම් වලත් මාස දෙකකට සැරයක්වත් කිපදෙනෙක් ඇවිත් ත්‍රෙඩ් දානවා "මම රහත්" "මට ධ්‍යාන තියනවා" වාගේ එව්වා කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Gunther

    සමස්ථයක් විදිහට බන් කිවුවෙ. වෙන රටවල්වල රජයන් වංචා දූෂණ කරන්නෙ නෑ කියනවා වගේ තමා. නොකෙරෙනවා නෙමේ වෙනවා ඒ උනාට ලංකාවෙ ස්කේල් එකට කිට්ටු කරන්නවත් බෑ.
    කම්මැලියි බන් දිගට පැහැදිලි කරන්න. පිට රටක ජීවත් වෙන එකෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලපන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    949
    1,656
    93
    කිසිම නිර්වචනයක් නැති කේස් එකක් ඔය රහත් උනාය, මාර්ගඵල ලැබුවය කියන එක. පාලි කැනොන් අනුව බැලුවත් අවිනිශ්චිතයි. ඕක අපි හැමෝම එකඟ වෙලා කරන පොයියක් නෙමේද.