අප යම්කිසි පුද්ගලයෙක්ට ප්‍රියතාවයක්, ගෞරවයක් දක්වන්නේ ඔහු තුළ අප දකින ගුණයන්, හැකියාවන් , දැනුම ආදී දේ හේතුවෙනි. එසේ අප ප්‍රිය කරන, ගෞරව කරන පුද්ගලයකු සිහි කිරීම සිතට සතුටක්, උද්දාමයක් ගෙන එයි. නිතර නිතර ඇසුරු කිරීම, සිහි කිරීම හේතුවෙන් නොදැනුවත්වම අප තුළඳ ඒ පුද්ගලයා සතු ගුණයන් පිහිටයි. ඒ පුද්ගලයා මෙන් වන්නට අප සිත තුළඳ නිරායාසයෙන් සිත් පහළ වේ. එය මනෝ විද්‍යාත්මකය. ගැබිණි මවක් සුරතල් නීරෝගී දරුවකුගේ පින්තූර බිත්තියේ ගසා නිතර දෙවේලේ එදෙස බලමින් සතුටු වීමෙන් යම්කිසි බලපෑමක් මනසට සිදුවේ. එලෙසින්ම කුඩා දරුවන් ඇතැම් විද්‍යාඥයන්ගේ, ක්‍රීඩකයන්ගේ , උගතුන්ගේ පින්තූර තමාගේ කාමරයේ, පාඩම් කරන තැන තබා සිටීමෙන් මානසිකව ඔවුනට සුබවාදී බලපෑමක් සිදුවේ. එසේ වන්නේ අපේ සිතට නිතර නිතර දකින්නට අසන්නට කියවන්නට ලැබෙන සංඥා අනුව සිතේ ක්‍රියාවලිය ඒ ආකාරයට සිදුවීමට ඇති හැකියාව හේතුවෙනි. කාලයක් පුරා පුරුදු පුහුණු කිරීම තුළින් මනසට ඒ සංඥා නැවත නැවත පහසුවෙන් ඇතිකරවාලිය හැක. සත්වයකුගේ පැවැත්ම යනු මේ සිතේ නැවත නැවත සිදුවන ක්‍රියාවලියයි. අපට මේ ජීවීතයේ හිමිව තිබෙන බොහෝ චරිත ලක්ෂණ අප එසේ සංසාරිකව වඩන ලද පුහුණු කරන ලද ඒවායි. ඇතැම් අය නිරූත්සාහකවම ධර්මයට ප්‍රියය. නිර්මාංශය. ස්වාමින් වහන්සේලාට ප්‍රියය. හුදෙකලාවට ප්‍රියය. දීමට ප්‍රියය. විරාගීය. මේ ආදී වශයෙන් සසර පුරා අප බහුලව වඩන ලද පුරුදු අප කෙරෙන් විද්‍යාමාන ය. නිතර නිතර අප සිතට පුරුදු කරන සිතිවිලි, ක්‍රියාවන් චරිත ලක්ෂණයක් බවට පත්වෙයි.
අද බටහිර විද්‍යානූකූලව ඔබට පෙන්වා දෙන සුබවාදී සිතිවිලි සිතීම තුළින් ඔබට අවශ්‍ය දේ ළඟා කරගැනීම ආදී සංකල්ප බිහිව ඇත්තේ මේ සිතේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම තුළිනි. සිත ගැන දත යුතු සියල්ල අඩුවක් නැතිව දන්නා බුදු පියාණන් වහන්සේ විසින් මේ සියළු දෑ අඩුවක් නැතිව අපට කියා දී තිබේ.
මිනිසුන් පිළිපඳින්නේ නැති වීම ඒ ධර්මයේ අඩුවක් නොවේ. ඒවා ඒ ආකාරයෙන් පිළිපැද්ද මිනිසුන් මේ ජීවීතයේ යා යුතු ඉහළම තැනට ගොස් ඇත.
"භාවිතාය, බහුලීකතාය" ලෙසින් බුදුරජාණන් වහන්සේ දැක්වූයේ අපට නිවන් මඟට අවශ්‍ය කරුණු සම්පාදනයේදී පිළිපැඳිය යුතු ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේ නමක් පහළව සත්වයාට දේශනා කරන්නේ සසර ගමන නිමාකරවාලන ලෝකෝත්තර ධර්මයකි. නිවන් මඟට අවශ්‍ය භාවනාවන්, ගුණයන්, මෙනෙහි කිරීම් ආදීය නිතර නිතර භාවිතා කිරීමත්, බහුලීකරණය කිරීමත් තුළින් අප නිවන කරා යෑම ඉක්මන් වේ. මෙය ලෞකික ලෝකෝත්තර දෙකටම සාර්ථක ප්‍රථිපල ලබා දෙන ක්‍රමයකි. නමුත් එය මැතිරීමක් නොවේ. සවිඥාණිකවම, අවබෝධයෙන්ම බහුලීකරණ කිරීමකි.
~"