මම නම් කියන්නේ උඹේ නංගිට ඩිවෝස් වෙන්න කියලා. විසඳන්න පුළුවන් මානසික ප්රශ්නත් තියෙනවා, විසඳන්න බැරි ඒවත් තියෙනවා. මම නම් "අනේ, මූ මානසික රෝගියෙක් නේද? අපි මානුෂික දෘෂ්ටියෙන් මේ දිහා බලමු" කියා කියා හැමිනි හැමිනී කරදරකාරයොන්ට අනුකම්පා කරන්නේ නැහැ. උඹලම හිතපල්ලා මානසික රෝගයක් හින්ද උඹලගේ ගෑනි නානවා බලන්න එන පිස්සෙක්ගේ අඬු නොකඩා ඉන්න පුලුවන්ද කියලා. කෙනෙකුගේ මානසික ගැටලුවක් හින්දා අපේ ජීවිතවලින් හැමදේම කැප කරන්න ඕනෙද බං? විශේෂයෙන් ප්රචණ්ඩකාරී හැසිරීමක් නිසා? (වෙන රෝගයක් නම් කමකුත් නැහැ.)
නංගි ඒත් ඩිවෝස් වෙන්න බැහැ කියනවා නම් ඒකිට කරුමේ විඳවන්න දීපන්.
1. එක්කෝ ඒකිට එපා වෙලා රෙද්දේ රෙ*ච්ච දවසට මිනිහව අත අරින්න වෙයි. ඒ වෙද්දී ඒකිගේ ජීවිතේ ලොකු කොටසක් අපතේ ගිහිල්ල තියෙන්නත් පුළුවන්.
2. ඒත් නැත්නම් ඒකිට ජීවිතේ එපා වෙලා හරි කළකිරිලා හරි තීරණයක් ගන්නත් පුළුවන්. (හොඳ හෝ නරක. නරක තීරණ ගැන මම කියන්න ඕනේ නැහැනේ. හොඳ තීරණයක් වෙන්න පුළුවන් මහණ වෙන එක.)
3. එහෙම නැත්නම් ඒකි ඇත්තටම මිනිහව හදාගෙන තියෙන්නත් පුළුවන්.
මම මේවා කියන්නේ උඹව කේන්ති ගස්සල ගැටුමක් ඇති කරවන්න නෙවෙයි. මට පේන හැටියට හැම පොසිබිලිටි එකක් ගැනම කියලා ඒවට අපේ මනස සූදානම් කරගෙන තියාගන්න එක හොඳයිනේ.