එදා වැහි දවසක්. නංගිව පන්ති දාන්න කියල ෆුට් සයිකලේ හන්දියට ගිහින් එනගමනුයි හිටියේ. එයාව මට එදා තමා මුලින්ම හම්බඋනේ බස් හෝල්ට් එකේදී. මම වගේම තෙමිලා. සීතලෙන් වෙවුල වෙවුල හිටියා. වැස්ස වැඩි නිසා මම බස් හෝල්ට් එකේ ටික වෙලාවක් හිටියා. එයාගෙ අහිංසක ඇස් දෙක දැක්කම මට හුගක් ආදරේ හිතුනා. එයාගෙ රූපෙ ලස්සන නැති උණත් එයා මම ගාවට ඇවිත් ඉඳගෙන හිටපු මගේ ඔඩොක්කුවට නැග්ගා. එයාගෙ පපුව වේගෙන් ගැහුණා. ඇගේ තැන් තැන්වල තුවාල. වැස්ස ටිකකින් අඩු උණා. මම යන්න හැරුණා. ඒ යන්න හදද්දි එයා එපා කියන්නා වගේ මම දිහා බැලුවා. මම ටික වෙලාවක් එයා දිහා බලං හිටියා. ගෙදරින් නං කිසි කේස් එකක් නෑ මම සත්තු හදනවට. (අපේ පවුලෙ අය සත්තුන්ට ආදරෙයි) මම තීරණය කලා එයාව අරං යන්න.
මීට අවුරුදු පහකට කලින් එයාගෙයි මගෙයි ආදර කතාව පටන් ගත්තෙ මෙහෙම. එයා තමා එලීන්. බැල්ලියක්. මම ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු අයගෙන් කෙනෙක් වෙන්න එයාට පුළුවන් උණා. එයා තනිකර මනුස්සයෙක් වගේ. අපි දෙන්නා ගෙ බැඳීම කොච්චර කියනවනං මම බෝඩිමට ගියාටත් පස්සෙ නිතරම එයාට වීඩියෝ කෝල් ගත්තා නංගිගේ තාත්ගෙ ෆෝන් එකට. මම එයාට වීඩියෝ කෝල් ගද්දි මගෙ මූණ ලෙවකන්න බැරි නිසා ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලෙවකන්නෙ. අපි කාලයක් ආදරෙන් හිටියා ඒත් ලගදි එයාට අසනීප වෙන්න ගත්තා. එයා පැටව් දාන්නයි හිටියෙ. හිතාගන්න බෑ කොහොම උණාද කියලා. එයාට පැටව් ලැබෙන්න ගිහින් ඊයෙ රෑ නැතිඋණා. බඩේ හිටපු පැටව් තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් ම මැරිලා. අනික් ඉතුරුඋණ කුක්කා හුගක් අසනීපෙන්. මම ඒ කුක්කව අතට ගත්තා. එලීන් ඇස් පියාගෙන ඉන්න විදිහට එයත් ඇස් පියන් හිටියෙ. පශුවෛද්‍ය කිව්වෙත් හොඳට බලාගත්තොත් බේරගන්න පුළුවන් කියලා. ඌ ඇස් අරිනකං දැන් ඉවසිල්ලක් නෑ. මම අපේ ගෙදර දාපු කිසිම සත්ත්ව පැටියෙක් පාරට දැම්මෙ නෑ. ඉල්ලං ආවොත් නිකං දුන්නා හදාගන්න. තව බලු පරම්පරාවක් හිටියත් මම ආස කලේ රූපෙන් අඩු එලීන්ට. මොකද එලීන්ගෙ හදවත ලස්සනයි. එලීන් තමා හීලෑම බල්ලා මට හිටපු. එලීන් ගෙ පෙනුම මේ කුක්කකටත් තිබුනත් මේ කුක්කා ලා දුඹුරු පාටයි (එලීන් කළු පාටයි). එලීන්ව මතක් වෙන්න කියලා මම මූට දැම්මෙ ඇලන් කියලා.. එලීන් ගෙ පුරුද්දක් තිබුනා මං ලව්වා ඔළුව පිටිපස්ස අතගාවගන්න. අන්තිම කාලෙත් එයා මං ලව්වා ඒක කරගත්තා. ඒත් අදින් පස්සෙ ඒක නෑ කියද්දි මහා දුකක් හිතට එනවා.
ගොඩක් වෙලාවට මනුස්සයෙක් දාල යනවට වඩා සතෙක් අපිව දාල යද්දි දැනෙන වේදනාව වැඩියි කියල මම හිතන්නෙ. මම මනුස්සයෙක්ටත් ආදරේ කලා. අවකංකවම. ඒත් යම් තැනකදි නොගැලපීම් නිසා එයායි මායි වෙන් උණා. අපි කොච්චර නම්‍යශීලී උණත් අනෙක් අය එහෙම නැතිනං එතන පැවැත්මක් නෑ. හැබැයි ඒ අතින් තිරිසනෙක් උණ එලීන් ගාව හොඳ ගතිගුණ තිබුණා. එයා මට අවනත උණා වගේම මමත් එයාට අවනත උණා. අපේ ආදරේ එච්චරම ශක්තිමත් උණේ ඒ නිසා. එයා අකමැති දේවල් මම නොකලා වගේම මම අකමැති දේවල් එයා නොකර හිටියා. (එයා අකමැතියි සැරෙන් කතා කරනවට
. මම අකමැතියි එයා නොනා ඉන්න එකට
)
ආදරේ කියන්නෙ අවංකවම කලොත් වේදනාවක් ඉතිරිවෙන දෙයක්. හැබැයි ඒ වේදනාව ඇතුලෙ තියෙන මතකයන් අපේ ජීවිත ලස්සන කරනවා. එලීන් මතකයක් උණත් ඒ මතකය වේදනාවක් උණත් හරිම ලස්සනයි. එලීන් කියන්නෙ ලස්සන ආදරණීය මතකයක්. ඔයත් සුරතලෙක් හදනවනං ඒ සතාට අවසානය දක්වාම ආදරය කරන්න. මනුස්සයෙක්ට වඩා සතෙක්ට අපිට ආදරය කරන්න පුළුවන් අවංකවම.