මගේ පියාණන් , ඔබේ පියාණන් ජීවත්ව සිටී නම් මෙය කියවන්න.

Brandy2020

Well-known member
  • May 15, 2018
    13,769
    16,721
    113
    මේ උබේ කතාවද? තේරෙන්න කියපන්කො උත්තෝ ඇයි උබ තත්තා දුන්න සල්ලි නොගත්තෙ
    මට දුක හිතුණා ඒවා වියදම් කරන්න. අනෙක මට සල්ලි තිබ්බා. ඒත් තාත්තා ඒ ගැන කණගාටු වුණාලු. දෙන දෙයක් ගන්න, එයාලට සතුටුයි ඒකට.
    98 වයඹ ඡන්දෙ ප්‍රචන්ඩක්‍රියා කරේ පොදු පෙරමුණු පාක්ෂිකයො බං. වාරියපොල ගෑණු කෙනෙක්ව රෙදි නැතිව ඇවිද්දවෙව්වත් එක්ක.
    UNP එකෙන් දුන්න පීඩනේට ඕවා නොකරයි කියලා හිතන්න අමාරුයි.
    මගේ සීයට , UNP කාරයෙක් ඔලුවට ගිරෙන් ගහලා පළලා තිබ්බා.
    නිදහස් පක්ශේට ඡන්දේ දුන්නා කියලා.
    රස්සාවල් වුණත් දුන්නේ පක්ශේ අයට විතරයි. ගොඩක් මන්ත්‍රීලා ගෑණු ඇඳට අරන් ජොබ් දුන්නලු. අනෙක UNP අයට තුවක්කු දීලා තිබ්බා.

    පස්සේ ආපු චන්ද්‍රිකා , මහින්ද වුණත් එච්චර අන්තෙකට ගියේ නැහැ.
     
    • Wow
    • Like
    Reactions: NRTG and ndod1

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    911
    606
    93
    මගේ පියාණන් ඉතා දුශ්කර පළාතකින් නිදහස් ඉගැනුමේ පිහිටෙන් කැළනි සරසවි වරම් ලැබූවෙකි .
    "දවසක් පැළ නැති හේනේ" සිංදුව අනුව ජීවිතය ලැබූවෙකි.

    රජයේ බැංකුව හොඳ රැකියාවක් ලබා මට කිසිදාක රුපියල් වලින් අඟ හිඟ කම් නොපා ජීවත් වූයෙකි.
    JVP එකෙන් පැහැර ගෙන ගොස් , මරණය පරදා ජීව්තය ලැබූවෙකි.

    මගේ *"ඉංජිනේරු දැනුම" සහ ඔහුගේ "කළාකාමී" දැණුම කිසිදා නොගැලපුනි.
    හැමදාම මත ගැටුම්.
    අවංකව බැලුවොත් ගොඩක් අවදානම් ගෙන සමාජයේ වෙනසට ගොඩක් දායක වුන කෙනෙක්. ප්‍රේමදාසගේ මැර ප්‍රචණ්ඩ ක්‍රමයට විරුද්ධව චන්ද්‍රිකා සමග සෑහෙන්න පීඩනයකට ලක්ව, පොඩි අපි සමග කෑලෑ වදින්නටත් සිදු වුණා.

    මොනවා කිව්වත UNP මැරයන් ගේ spinal code කැඩුවේ චන්ද්‍රිකා. අද වෙනකන් වත්, උන්ට නැගිටින්න බැරි ලෙසම කැඩුවා.

    ඉතින් රැකියා ලැබ මා ගෙන ගිය "බේබදු ජීවන කාළය "නිසා පියාණන් සමග කුළුපග ලෙස ජීවත් වීම මග හැරුණා. විවාහයේ දී මා ඔහු ප්‍රදානය කළ විශාල මුදල ප්‍රතික්ශේප කළා.
    මගේ පුතා උපන් දින ඇත්තටම මගේ පියා ගේ වටිනාකම දැනුණා. ඊට කළින් ඔහු මගෙන් වෙන් වුණා.

    ඉතින් අවුරුදු 7 කුත් ගෙවී ගිය මේ කාළේ බත් පාර්සල් 50 ක් අරගෙන මහ රෑ එළියට බැස්සේ ඔහුට යම් දෙයක් කරන අභිප්‍රායෙන්.මම දන්නේ නෑ ඔහුට පින අනුමෝදන් වෙයි ද කියලා?

    මොන හේතුවක් හින්දා වත් , මොන සාධාරණ අසාධාරනේ කළ පියා මගහැර ගන්න එපා. ඒක පට්ටට තුවාලයක් හදවතේ ගැඹුරින්ම ලියවුණ.

    එයා දාලා තිබ්බා FD , මළ ගෙදරට වියදම් වුණ ගාණටත් වැඩියෙන් මගේ නමින්. ඩයරියේ නොම්බර් ලියලා තිබ්බා මැරුණාට පස්සේ කතා කරන්න ඕනෙ අය. ඒක වෙනම ස්වභාවයක් මට නොතේරෙන. එයාලට මම කථා කළා 7 දවසේ දානෙන් පස්සේ. යහලුවෝ ආවා පහු වෙවී.

    මට ලැබුණ අත්තා, මගේ පුතාට ලැබෙන්නේ නැහැ.

    අන්තිමට උඹ , මම ලෝකේ පට්ට පොරක් වෙන්න පුලුවන්. හැබැයි , ලැබිලා මග හැරගත්තු තාත්තා කවදාවත් ලැබෙන්නේ නෑ.

    තාත්තේ හොඳ පුතෙක් වෙන්න මට සසරේ තව අවස්ථාවක් දෙන්න.
    Mata nam machan oya seen eka hodata teruna. E nisa Inna kale uparima slaakuwa. Leda wela Inna kale hamadema mage at walin Kala. E nis Dan Mata pasutaweemak na
     

    andare_malli

    Active member
  • Dec 2, 2023
    102
    34
    28
    කතාව ඇත්ත බං දෙමාපියො මොන වැරද්ද කලත් ආපි එයාලව අත හරින්න හොදනැ, පස්සෙ අපිටම තමයි පසු තැවෙන්න වෙන්නෙ 😊
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,249
    40,059
    113
    මාලඹේ
    මයින්ද මාත්තයා කන්න නැතත් ඉන්න රටක් හදලා දුන්න හැටි


    👇👇👇👇

    ගෝඨා බලයට ගෙන්න JVP ඊබ්‍රහිම් නානා බෝම්බ ගහලා 🤣
    FB-IMG-1694281985103.jpg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,400
    8,314
    113
    ලග පාත
    👇👇👇👇

    ගෝඨා බලයට ගෙන්න JVP ඊබ්‍රහිම් නානා බෝම්බ ගහලා 🤣
    FB-IMG-1694281985103.jpg
    මේ ආණ්ඩුව කාගේද ? බැරි වෙයිද ලපයව අල්ලලා ඇට දෙකෙන් එල්ලන්න මේ කරපු අපරාදෙට :P
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    853
    1,500
    93
    Earth
    මම තදින්ම විස්වාස කරන දෙයක් තමයි ජිවිතකාලේ අපිට මුණ ගැහෙන අපේ හිතට ළඟ මිනිස්සුන්ගේ හොද ඒ මිනිස්සු මැරෙන්න කලින් කියලා තියන්න ඕන කියන එක. ඒ තමන්ගේ අම්මා තාත්තා විතරක්ම වෙන්න ඕන නෑ. මොකද ඉන්නකම් අපි මිනිස්සුන්ගේ කොච්චර අඩුපාඩු වැරදි දුර්වලකම් දැක්කත් ඒ මනුස්සයා මැරුණ ගමන් අපිට මතක්වෙන්නෙම ඒ මනුස්සයගේ හොද. එතකොට පරක්කු වැඩියි.අනිත් එක අපි කොච්චර ඉහළට ගියත් ඒක ඒගොල්ලන්ට අදාලම නැ කියලා හිතන කොටසක් තමයි දෙමව්පියෝ කියන්නේ.
    adow <3
     
    • Love
    • Like
    Reactions: mesua90 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,249
    40,059
    113
    මාලඹේ
    මේ ආණ්ඩුව කාගේද ? බැරි වෙයිද ලපයව අල්ලලා ඇට දෙකෙන් එල්ලන්න මේ කරපු අපරාදෙට :P
    ඇයි ලපයා බෝම්බ ගහලා ද
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,400
    8,314
    113
    ලග පාත
    ඇයි ලපයා බෝම්බ ගහලා ද
    ආ බෝම්බ ගහපු එකට සම්බන්ද නැද්ද එතකොට ?:ROFLMAO: උබ දාල තියෙන කැලැ පත්තරේ තියෙන්නේ සම්පුර්ණ වගකිවයුතුයි කියලා :ROFLMAO: අඩුම ගානේ නඩුවක් වත් දැම්මේ නැ උබේ පාන්ඩුව
     
    • Like
    Reactions: mesua90

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,249
    40,059
    113
    මාලඹේ
    ආ බෝම්බ ගහපු එකට සම්බන්ද නැද්ද එතකොට ?:ROFLMAO: උබ දාල තියෙන කැලැ පත්තරේ තියෙන්නේ සම්පුර්ණ වගකිවයුතුයි කියලා :ROFLMAO: අඩුම ගානේ නඩුවක් වත් දැම්මේ නැ උබේ පාන්ඩුව
    ඉබ්‍රාහිම් නානා එක්ක JVP එකට තියෙන සම්බන්ධය මොකක් ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,769
    16,721
    113
    තාත්තා ගැන දාපු ත්රෙඩ් එක දේශපාලන ගු හැලියක් වෙන්නයි යන්නෙ 😁
    බුද්ධි අංශ වලිනුත් මේක කියවලා, මගේ ip නො වලින් පොර කව්ද කියලා හොයාගෙනත් ඇති.

    හොඳට ගහ ගන්න ත්‍රෙඩ් එකක් දාන් නම් "මාගේ පියාගේ දේශපාලනය" කියලා
     
    • Haha
    Reactions: gamerlk

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    32,772
    175,060
    113
    Colombo, Sri Lanka
    මේක රටක් වශයෙන් දැන් ගොඩ ගන්න බැරිවෙන්නේ දේශපාලනයෙනුත්, සමාජීය වශයෙනුත් ජරාජීර්ණ වෙලා ඉවරයි
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,400
    8,314
    113
    ලග පාත
    ඉබ්‍රාහිම් නානා එක්ක JVP එකට තියෙන සම්බන්ධය මොකක් ද?
    ඇයි උබ කලින් කිව්වේ සම්බන්දෙ මොකද්ද කියල :ROFLMAO: ඔය කැ ලැ පත්තරේ පොලිසියට දීපන් උන් එතකොට පාස්කු ප්‍රහරෙට සම්බන්ද ජෙප්පෝ ඔක්කොම අල්ලලා හිරේ දායි 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,249
    40,059
    113
    මාලඹේ
    ඇයි උබ කලින් කිව්වේ සම්බන්දෙ මොකද්ද කියල :ROFLMAO: ඔය කැ ලැ පත්තරේ පොලිසියට දීපන් උන් එතකොට පාස්කු ප්‍රහරෙට සම්බන්ද ජෙප්පෝ ඔක්කොම අල්ලලා හිරේ දායි 🤭
    ඇයි බං ඉබ්‍රාහිම් නානා ගැන කියන්න බය ද🤣🤣
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    838
    1,165
    93
    මම තදින්ම විස්වාස කරන දෙයක් තමයි ජිවිතකාලේ අපිට මුණ ගැහෙන අපේ හිතට ළඟ මිනිස්සුන්ගේ හොද ඒ මිනිස්සු මැරෙන්න කලින් කියලා තියන්න ඕන කියන එක. ඒ තමන්ගේ අම්මා තාත්තා විතරක්ම වෙන්න ඕන නෑ. මොකද ඉන්නකම් අපි මිනිස්සුන්ගේ කොච්චර අඩුපාඩු වැරදි දුර්වලකම් දැක්කත් ඒ මනුස්සයා මැරුණ ගමන් අපිට මතක්වෙන්නෙම ඒ මනුස්සයගේ හොද. එතකොට පරක්කු වැඩියි.අනිත් එක අපි කොච්චර ඉහළට ගියත් ඒක ඒගොල්ලන්ට අදාලම නැ කියලා හිතන කොටසක් තමයි දෙමව්පියෝ කියන්නේ.
    කොහොමද කියන්නේ දෙමව්පියන්ට?
     
    • Like
    Reactions: NRTG