මගේ ෆෑන් බේස් එකේ හැටියට ඉදිරියේදී මට රටේ ජනාධිපති වෙන්නත් පුළුවන් -අශේන්......ubalata kiuwe ponna kabbo form karanan epa kiyala, ko ahuwada

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,682
    52,360
    113
    මොකද වුණේ කියන එකට අද ගෙන්නුවේ ‍නාම යෝජනා දිනේ වැඩිපුරම කලබල වෙච්ච චරිතය අශේන් සේනාරත්න ආයුබෝවන්.
    ආයුබෝවන්
    ඉතිං මොකද වුනේ?
    මොකද වුණේ කියන එක මං වත් දන්නෙ නෑ. මටත් හිතාගන්න බෑ. නාමයෝජනා බාර දෙන්න ගියා.
    මගේම ස්වාධීන කණ්ඩායමේ මමයි කණ්ඩායම් නායකයා මාව වාඩි කෙරෙව්ව බලහත්කාරයෙන් අවසානයේ කිව්වේ මම නෙමෙයි බාරදුන්නේ කියල.
    ශ්රේෂ්ඨාධිකරණයෙනුත් අවසානයේ ඔබට විරුද්ධව තමා තීන්දු දුන්නෙ?
    මේ වගේ මහ මැතිවරණයක් වෙලාවක මගේ පෙත්සම විභාග කළා නම් බොහෝ දුරට ලංකාවේ ගොඩක් ප්රශ්න ඇතිවෙන්න තිබ්බා. සමහර විට කොළඹ ඡන්ද නතර වෙන්න තිබ්බා. මේ පෙත්සම ගත්ත ඉතින් අවසානයේ ප්රතික්ෂේප වුණා.
    දැන් මේ නාම යෝජනා ලැබුණේ නෑ නේද? දැන් දේශපාලනයෙන් අයින් වෙනවාද අදින් පස්සේ.


    නැවත කොළඹ දිස්ත්රික්කයෙන් මට මගේ ප්රතිපත්ති මගේ දේශපාලනය කරන ස්වාධීන කණ්ඩායම කොල්ලො කෙල්ලො ටිකක් හම්බුනා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම ස්වාධින කණ්ඩායම් හමු වුණා.

    කණ්ඩායම් අංක 15 යතුරු කැරැල්ලේ ඉතින් මම ඒගොල්ලොත් එක්ක එකතු වෙනවා. මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

    කොහොමද ඉදිරිපත් වෙන්නේ?

    ලිස්ට් එකේ මගේ නම නැහැ. ඒ ස්වාධීන කණ්ඩායම කොළඹ මහ මැතිවරණයෙන් ඡන්ද ගොඩක් ගත්තොත් ජාතික ලැයිස්තුවෙන් යන්න පුළුවන් කියලා මම හිතනවා ගොඩක්. සෝෂල් මීඩියාවල මිනිස්සුන්ගේ ආදරය විශ්වාසය තිබ්බ මනුස්සයෙක් මම ගොඩක් දෙනෙක්ගේ.

    කරපු චෝදනාවක් තමා පොඩි එකෙක් මුකුත් තේරෙන් නෑ අනේ පැංචෝ ඔයාට පුළුවන්ද මේ මහ මැතිවරණ ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තු යන්න කියල?

    මනුස්සයෙක් මුහුකුරා යන්නේ සයිස් එකෙන් නම් අවුරුදු විසිගාණක් වෙද්දි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නෑනේ. රනිල් වික්රමසිංහ දේශපාලනයේ නෑනෙ.

    ඒ ගොල්ලන්ව කකුලෙන් ඇද්දෙ නෑ. කවුරුත් මං හිතන්නේ ඒගොල්ලන්ගේ ඒ ගමනට බාධාවක් වුණේ නෑ. ඒක නිසයි අද ඒ වගේ දැවැන්ත දේශපාලන චරිත බිහි වෙලා තියෙන්නේ.
    මේ අශේන් ඇවිල්ල මේ පාර්ලිමේන්තුවට යන්න සුදුසු මට්ටමේ මුහු කරා ගිහිල්ලා නෑ නේද
    කියන්නේ ගොඩ දෙනෙක් මං හිතන්නෙ මාව නොදන්න අය.



    ඉන්නවට වඩා පරිණත පුද්ගලයෙක් පිටිපස්සෙ ඉන්නවා කියන එකද ඔබ කියන්නේ?

    වීඩියෝ වලින් පෙන්වන දේ ද වැදගත් ඒ මනුස්සයට කරන්න පුළුවන් දේද
    වැදගත්




    ඔබේ ඔය හැසිරීම දැන් උදාහරණ ගත්තොත් ඔබ නාමයෝජනා අවසන් වෙලා අල්ලන්න එපා මාව මං කෑගහනවා කිව්ව නේද?

    නාමයෝජනා ප්රතික්ෂේප වෙච්ච වෙලාවේ මම එහෙම හැසිරෙන්නේ මම නාමයෝජනා බාර දෙන්න ගිය වෙලාවේ ඉඳගෙනම ඒ මිනිස්සු මට රැව්වා. ඒ මිනිස්සු මාව අපහසුතාවට පත් කරා මට බැන්නා තාඩන පීඩන කළා.
    හැබැයි පොඩි එකෙක්වගේ මට වෙච්ච අසාධාරණය තමයි මම කිව්වේ. මම ඡන්දෙ ඉල්ලන්න හිටියා කියලා තියෙද්දී මට එකපාරට මෙහෙම අසාධාරණයක් වෙද්දී මං කොහොමද ‍එහෙම නොකර ඉන්නෙ.

    රනිල් වික්රමසිංහ මහත්මයාගේ සිලින්ඩරය පක්ෂයේ ඩිජිටල් කැම්පේන් එක ඔබ ආයෝජන ලැබුව නේද?

    සිලින්ඩර් එක ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ වටා මම ඇත්තටම එකතු උනා කියල හැමෝම දැක්කා. රනිල් වික්රමසිංහ කියන චරිත වටා පමණයි අශේන් සේනාරත්න එකතු වුණේ. හැමෝම රැල්ලක් එක්ක අපේ අනුර කුමාර ජනාධිපති එක්ක එකතු වෙද්දී මම තනියෙන් රනිල් වික්රමසිංහට සපෝට් එක දෙන්න තීරණය කරා.

    හැබැයි දැන් සිලින්ඩරෙන් ඉල්ලුවේ නැහැනෙ?

    සිලින්ඩරේ මගේ නම දාලා තිබ්බා. සිලින්ඩරේ කොළඹ දිස්ත්රික් නාමයෝජනා ලැයිස්තුව මගේ නම දාලා තිබ්බේ.
    හැබැයි මමයි කිව්වෙ මට බැහැ හොරුත් එක්ක ඉල්ලන්න කියලා.


    පරස්පර විරෝධීයි ඔබ කියන කතාව?

    රනිල් වික්රමසිංහ ජනාධිපති වුණොත් ආයෙමත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුට ගෙදර යන්න පුළුවන්. අනුර කුමාර ජනාධිපති තුමා කියනවා ජනාධිපතිවරයාට කතිරෙ ගහන්න.



    ඊට පස්සේ ගමට වැඩ කරන කෙනෙක් මහ මැතිවරණය පත්කර ගන්න කියලා එයා එයාගේ කටින්ම කියනවා. ඉතින් එතකොට මිනිස්සු සැදී පැහැදී හිටියේ මේ පාර මොන පාර්ලිමේන්තු ඡන්දයක් ආවත් හොරු ටික ගෙදර තියන්න.ඒකයි ඒ පක්ෂයට මං අකමැති වුනේ.

    කළු සල්ලි සුදු වීම ගැන කිව්වා ඔබ අත් දෙකෙන් කළු සල්ලි සුදු කරාද?

    පුංචි කඩයක් දැම්ම කියල මගේ අදහස. මගේම හැකියාව මගේම ටැලන්ට් එකෙන් මම ලස්සන නිර්මාණයක් කරා ඒක තනි කොල්ලෙක් කරපු එකම ලංකාවෙන් හැමෝටම ආදර්ශයක්. බික මගේ පලවෙනි කඩේ ඇරලා තියෙද්දි ලංකාව වටෙන්ම රැල්ලක් පටන් ගත්ත මට ආරාධනාවන් ආවා. ඇඹිලිපිටියෙන් මාතරින් බණ්ඩාරවෙලින් ආවා.

    අපේ ගමටත් දෙන්න කියලා. ඉතින් මම ඒ කට්ටියට හොඳ මුදලක කොමිෂන් බේස් එකට ෆ්‍රැන්චයිස් මොඩ්ල් එකට බික දුන්නා. ඔය මේ මගේ සල්ලිවලින්ම කරපු එකක් නෙමෙයි.



    මේ රටේ මිනිස්සු කිහිප දෙනෙක් මාත් එක්ක දිගටම එකතු වුන මොඩ්ල් එකක්.මං බ්රෑන්ඩ් එක හදනවා ඒ ගොල්ලොට බිස්නස් එනවා. ඉතිං මේ කලු සල්ලි නෙමෙයි නේ.
    මං දන්නෑ කළු සල්ලි කොහොමද උදව් කරන්න කියලා.



    ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි දැන් කෙලවෙලා තියෙන්නේ කියලා?

    අවුරුද්දක් ඕනෙම කෑම සම්බන්ධ ව්යාපාරයක පීක් එක තියෙනවා. අපි ටිකක් විතර යනවා.
    ඊට පස්සේ පීක් එක අඩු වෙනවා. ඊට පස්සේ අවුරුදු ගානක් පවත්වාගෙන යන්න නම් අපි වැඩ කරන්න ඕන. අපි අතාරින්නෙ නෑ. ඒ වගේ තාමත් බි කේ සෙට් එක තමයි ලංකාවේ ෆලෝවර්ස්ලා වැඩිම ප්රමාණයක් ඉන්න රෙස්ටුරන්ට් එක. කවුරුත් ඒ හැකියාව ගැන කතාකරන්නෙ නැහැ.

    කොළඹ දිස්ත්රික්කයෙන් ඔබේ බලාපොරොත්තු නැති වෙනවද. ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ කොහොමද? ඉස්සරහට මෙහෙම කරනවද?

    ගොඩදෙනෙක් මට කියනවා දේශපාලනය කරන්න මගේ ෆෑන් බේස් එකත් එක්ක දේශපාලනේ කරන්න පුළුවන් කියලා.

    අවසාන බලාපොරොත්තුවක් තියනවද?

    ජනාධිපති වෙන්නයි හිතන් ඉන්නෙ

    ජනාධිපති වෙන්න කොයි කාලේ වගේද බලාපොරොත්තුවෙන් ඉන්නෙ ජනාධිපති තියා දැන් තියෙන විරෝධයත් එක්ක ඔබ හිතනවද පාරේ බැහැලා හොඳට මිනිස්සුත් එක්ක යන්න පුළුවන් කියල?

    ඒක මඩ ව්‍යාපාරයක් නිසා ඔබ හිතන දෙයක්.
    කණ්ඩායම් විසින් කරන දෙයක් විතරක් චූටි දෙයක් ඒකට පුළුවන්ද මේ මහා ගල් වගේ ඉන්න රූස්ස ගස් වගේ ඉන්න මිනිස්සු වට්ටන්න බැහැනෙ.

    අශේන් සේනාරත්න රටේ ජනාධිපති වුනොත් මොනවද කරන්නේ රටට?

    දැන්ම කියන්න බෑ.

    බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි ඔබට.


    ubalata kiuwe ponna kabbo form karanan epa kiyala, ko ahuwada