තුන්පනේ කතාව උඹලා බැලුවේ නැත්නම් බලපන් .. පට්ට ඇත්ත කතා කරන කාතාවක්..පුදුමයි මේක විකාශන අයිතිය රූපවාහිනිය ගත්ත ඒක
මම කතාවක් කියන්නම් .. හෘද සාක්ෂියට අවංකව මම මේ දේ කියන්නේ.. ඉස්සර මම කලේ ආණ්ඩුවේ ජොබ් ඒකක්.
මට අවස්ථාවක් ආවා..මේ දේශපාලුවන්ට වැඩ කරන ඒවුන් ඒක්ක වැඩ කරන්න.මම අකමැත්තෙන් වැඩ කලේ. ඒ්ක කාලට පස්සේ මම වැඩකරන තැනින් මම අස්වෙනවා කියලා හිතාගත්තා. (මම අස්වුනා අන්තිමට) මගේ ආයතනයේ සභාපතියා මට උන්ට වැඩ කරන්න කියලා බල කලා.ඉතින් රස්සාව නැති වෙයි කියලා හිතුන නිසා ඒදා මම ඒ් දේ කලා .
ඉතින් අපි ඡන්ද කැම්පේන් ටිකක් ප්ලෑන් කලා..බොහේම ඉස්සර ..ඒකට ලොකු ලොක්කෝ ොගඩක් අපේ නායකතුමාට වැඩකලා..ඒතන හිටපු හැමදෙනෙක්ම අද ලොකු ලොකු ආයතනවල ලොකු ලොකු තැන්වල..මම වගකීමෙන් මචං කියන්නේ
ඔය පක්ෂ වලට වැඩ කරන කිසිම කෙනෙක් රටට ආදරේ නැහැ. තම තමන්ගේ පුද්ගලික් උවමනා ඒපාකම් වලට
තමයි නායකයාව දිනවන්නේ.
මම මෙතන ඒක පක්ෂයක් සදහන් කර්න්නේ නෑ.. (මේ කතාවේ හරය විතරක් අරගන්න)
අපි කැම්පේන් ඒකේදී මට හම්බුනා..රටේ නම් දරාපු විද්වත්තු . උනුත් වැඩ කලේ පුද්ගලික උවමනාවන්වලට ..මම ඒහෙම කියන්නේ ..අද ඒ් අය..ඉන්නේ වෙනම පුටුවල, විශ්්රම යා යුතු අය වුනත් . ලොකු ආයතනවල වැඩ කරනවා උන්.
ඉතින් රටේ මර්මස්ථාන බංාකොලාත් වෙන ඒක අහන්න දෙයක්ද? බන්, සුදුසුකම් තියන වැදගත් මිනිස්සු රට අත ඇරලා දාලා යනවා...මෙලෝ හසරක් දන්නැති කඩෙි ගිය උන් , උන්ගේ නෑදැයෝ සනුහරේම අර පුටුවල කාර්යාලවල රජ කරනවා..
මම ඉස්සර වැඩ කරපු ආයතනයේ සභාපතියා ඡන්දෙන් පරා ද වුන කෙනෙක්...ඉතින් සන්තෝසමක් විදියට සභාපතිකමක් ලැබුනා. උඹල හොයලා බලපන් ප්‍රාදේශීය,පලාත් සභා ඡන්ද වලදී පැරදුන උන්ට මොකද වෙන්නේ කියලා. (උන් සමහරක් රජයේ සභාපතිකම් වලට යනවා)
සබ්ජෙක්ට් ඒකේ දැනුම නැහැ. අනිත් අය කියන කියන දේ ඒක ඒකාට පවරලා ..සතියට දවස් 02 ක් ඔෆිස් ඒන්නේ..පොඩ්ඩක් හොයලා බලපන් මම කියන්නේ බොරෙු ද කියලා...සභාපති කම් ලැබුනාම ගෙදර විදුලි බිල, ජල බිල , මොබයිල් ඒකේ බිල (සියයට ගානක්) ආණ්ඩුවෙන් ගෙවනවා..විදෙස් සංචාර හම්බවෙනවා ..ඒ්වයේ යනවා...(නගර සැලසුම් බලන්න අරව මේවා.. ඔවා තනිකරම බොරු ..උන් කරන්නේ දවස් ගනන් සති ගනන් ට්‍රිප් දාගෙන බීලා ඒනවා..) ගියපු අය ගැන ඒ්වගේ කතා මම අනන්තවත් අහලා තියනවා..
හැබැයි සමහරු ඒ්වා ප්රතාක්ෂේප කරලා යන්නැතුවත් ඉදලා තියනවලු..(හරියටම දන්නේ නැහැ)
හැබැයි මගේ සබාපතියගේ පවුල්වල අය යහතින් හිටියේ නැහැ..ප්‍රශ්න වලින් මිරිකිලා හිටියේ .(සොබදාහමේ නීතිය )
මගේ යාලුවෙක් වැඩ කලා තව දේශපාලුවෙක්ට.බලය ලැබුනම ආණ්ඩුවේ හදපු ගෙවල් වලින් ඒක ගෙයක් මිනිහට ලැබුනා..මේ මුන් හොදට සල්ලි බාගේ තියන ඒවුන්.
ඉතින් මේ කතාව බලපුවම මට මගේ අතීතය මතක් වුනා...මේ කතාවෙත් වෙන්නේ සිස්ටම් චේන්ජ්් කරන්න හිතන් ඒන අයගේ තිත්ත ඇත්ත