මට අහන්නට ලැබුණා කෙනෙක් මරණාසන්න වෙනකොට අප කලයුත්තේ කුමක්ද කියලා.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,625
    11,036
    113
    Colombo
    මෙම ලිපිය මගෙ මිතුරෙක් මට එව්වෙ නම් ගම් සදහන් කරන්න එපා කී නිසා ලිපිය ඒ විදියටම පල කරමි💜

    රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්,

    අපේ නැන්දා කෙනෙක් නැති උනා මේ ලඟකදි. ඒ නැන්දාගේ වයස අවුරුදු 84 ක් වෙනවා ඒ වෙනකොට. ඒ නැන්දා ගොඩක් පිංකම් කරලා තියෙනවා. ඒ වගේම පිංකම් වලට සහභාගී වෙලාත් තියෙනවා. නැති වෙන්න දවස් දෙක තුනකට කලින් ලඟම රෝහලට ඇතුලත් කලා අසනීප වුන නිසා. ඒ නැන්දාගෙ දුවලා සහ නෑදෑයො මාරුවෙන් මාරුවට දවල්ට සහ රෑට තනියට හිටියා. ඒ අතරේ අන්තිම දවසේ රෑ අපේ අම්මටත් තනියට ඉන්න අවස්ථාවක් යෙදුනා. ඒ වෙනකොට ඒ නැන්දාගේ අවසානය පෙනි පෙනී තිබුණේ. මොකද ඒ වෙනකොට කාත් එක්කවත් කතා බහ කිරීමටවත් නොහැකි වෙලයි තිබුණේ.

    මම එතකොට රට. ධර්ම දේශනා වල ඕනෑ තරම් මට අහන්නට ලැබුණා කෙනෙක් මරණාසන්න වෙනකොට අප කලයුත්තේ කුමක්ද කියලා.
    මම කිව්වා අපේ අම්මට , අම්මා පුලුවන් තරම් ඒ නැන්දට ඇහෙන්න පිරිත් කියන්න කියලා. ඒ වගේම විටින් විට ඒ දවස් වල කරපු පිංකම් මතක් කරවන්න කියලා. මොකද අපේ අම්මා එක්කත් ඒ නැන්දා පිංකම් වලට සහභාගී වෙලා තිබුණ නිසා ඒ කරපු පිංකම් මතක් කරවන්න ලේසි උනා.

    ඒ කිව්වා වගේම අපේ අම්මා එදා රෑ පිරිත් පොතක් බලාගෙන පිරිත් කියන්න පටන් ගත්තා.

    පිරිත් කියන්න පටන් ගන්නකොටම ඒ නැන්දා අමාරුවෙන් වගේ මුමුණමින් " එහෙම කොහොමද" කියමින් ඒ පිරිත් අමතක වෙන්න එක එක දේවල් කියන්න ගත්තා. දරුවෝ ගැනයි , දේපල ගැනයි, රත්තරම් බඩු ගැනයි. ඒත් එහෙම හරි නැන්දට කතාකරන්න පුලුවන් වුණ එක ගැන සතුටු වුණත්,එහෙම කියනකොට අපේ අම්මා කිව්වා " අක්කෙ, ඔය දේවල් අපි අරගෙන යන්නෙ නෑනේ ඔව්වා අනිත්‍යයි, මේ පිරිත් අහන්න" කියලා. ඒත් නැන්දා ඒ දේවල් ආයෙ ආයෙත් කියන්න ගත්තා. ඒ පිරිත් කියන එක වලක්වන්න. ඒත් අම්මා නැවතත් පිරිත් කියන්න ගත්තා.
    ඒත් එක පාරම ඒ නැන්දා අමාරුවෙන් මුමුණමින් කිව්වා "දඟලනවා වැඩියි " කියලා. අපේ අම්මා ඇහුවා කවුද දඟලන්නෙ කියලා. මොකද අම්මා හිතුවා අම්මට කියනවා කියලා. එතකොටම ඇස්දෙක ලොකු කරගෙන ඔලුව ටිකක් උස්සලා නැන්දා කිව්වා "මාරයා" කියලා. එතකොට අම්මා කිව්වා මදක් සිනාසෙමින්.. "එහෙනම් මාරයටත් ඇහෙන්න අපි පිරිත් කියමු "කියලා. අම්මා දිගටම පිරිත් කියාගෙන ගියා. එතකොටම නැන්දා නිශ්ශබ්ද වුණා. අපේ අම්මා හිතුවා එහෙනම් නැන්දා නැති වුණා තමයි කියලා. එතකොට අම්මා පිරිත් කියන එක නැවැත්තුවා. නවත්වන කොටම ඒ නැන්දා එකපාරම කිව්වා " ඇයි පිරිත් නැවැත්තුවේ , දිගටම කියන්න " කියලා. එතකොටම අපේ අම්මා සතුටින් දිගටම පිරිත් කියන ගමන්ම තව දුරටත් ඒ දවස් වල කල පිංකම් පවා මතක් කලා.

    "අක්කේ මතකද අක්කා කටින පිංකමක් කලා, අක්කට මතකද දඹදිව ගියා, අක්කට මතකද සාංඝික දාන දුන්නා..කියලා .... ඒ හැමදේටම නැන්දා " ඔව් මට මතකයි " කියලා උත්තර දුන්නා. ඒ අවස්ථාවේදීම අපේ අම්මා කිව්වා" අක්කේ දිව්‍ය ලෝකෙ ලස්සනයි නේද" කියලා. එතකොට වටපිට බලන ගමන් සිවිලිම දිහා බලමින් නැන්දා කිව්වා" ඔව් ලස්සනයි " කියලා. ඒ වෙලාවේදී රෝහලේ අනික් අයත් මේ වෙන දේවල් පුදුමෙන් වගේ බලාගෙන හිටියා.

    ඊට පස්සෙ පහුවදා පාන්දරම නැන්දාගේ දරුවො ඇවිත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරවා අටපිරිකරක් නැන්දා අතින්ම පූජාකෙරෙව්වා. ඒ අවස්ථාවට රෝහලෙනුත් සහයෝගය ලැබුණා. ඒ වෙලාවෙ රෝහලේ හිටපු අය ඒ දරුවන්ට සහ නෑදෑයින්ට අපේ අම්මා කලින් දවසෙ රෑ කරපු දේ සතුටින් විස්තර කලා. ඒ දරුවොත් අපේ අම්මාට ස්තූති කලා. ඊට පස්සෙ අපේ අම්මා නැන්දාගේ දරුවන්ට නැන්දාව භාර දීලා ආයෙ ගෙදරට ආවා.
    පැය කීපයකට පස්සෙ නැන්දා නැති වුනා කියලා කෝල් එකක් ආවා. නැති වුණා කියලා දැනගත්තම හිතට දුකක් දැනුණා වගේම බොහෝ දෙනෙකුට හිතට සැනසීමකුත් ඇති වුණා. ඊට හේතුව නම් ඒ නැන්දා නැතිවෙන අවස්ථාවේ ඒ හිත සුගතියට යොමු වෙලා තිබුණ නිසා. රෝහලේ හිටපු අයත් අපේ නෑදෑයොත් බොහෝ දෙනෙක් අපේ අම්මා කරපු ඒ කාර්‍යය ගැන පැහැදිලා තිබුණා . මොකද ලෝභ සිතකින් තිබුණු ඒ හිත වෙනස් කිරීමට හැකිවීම පිලිබඳව. ඒ නැන්දා බොහෝ පිංකම් කරලා තිබුණ නිසා හිත සුගතියකට හරවන්න ලේසි වුණා. අපි හිතනවා අපේ නැන්දා සුගතියක ඉපදෙන්න ඇති කියලා.
    මේ සිදුවීම ගොඩක් දෙනෙකුට ආදර්ශයක් වෙයි කියලයි මේ විස්තරය මුහුණු පොතට එකතු කරන්න හිතුවේ.

    තෙරුවන් සරණයි!!
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    907
    554
    93

    old hits