මට ආදරේදැයි ආයෙමත් නාසන්න....
මට ආදරේදැයි ආයෙමත් නාසන්න
ඕනෙමද හේතුවක් ප්‍රේමයක් උපදින්න
අහඹු ඇස් බැල්මකට, ඕනෙ නෑ උප්පැන්න
අයිතියක් කුමකටද හෙවනැල්ලෙ හැප්පෙන්න...
උල්පතක් හිර කරන් දුක් විඳින කන්දකට
අකුණු සැර එව එවා සමච්චල් නොකරන්න
දරා ගන්නට බැරිව නාය ගියොතින් ඔන්න
මේ තරම් ආදරේ තිබුනිදැයි නාසන්න...
පුර හඳක් සැරසෙද්දි පෝරුවට ගොඩ වෙන්න
මියැදිච්ච තරුවකට නාඩන්න නොකියන්න
කළු කුහර තියෙන්නෙම හිතුනාම තනිවෙන්න
සඳ එළිය නොවැටෙන්න, ආයිමත් නොබලන්න....
.................................................................................
මට ආදරේදැයි ඉතින්, ආයෙමත් නාසන්න...........
................................................................................
W.W