මට ගායනය බැහැ මං තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් - ශේන් අධිකාරි.........pohottu sanwardana news

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    57,251
    54,301
    113
    samitha-son-shane-speaks

    ශේන් අධිකාරි මේ නමට වඩා රූපය බොහෝ දෙනෙකුට හුරුපුරුදුයි. ඊට හේතුව ලංකාවේ අති දක්ෂ හා ජනප්‍රිය ගායක යුවළකගේ පුත් ඔහු නිසා. සමිතා මුදුන්කොටුව හා අතුල අධිකාරි ගේ පුත් ශේන් කලාවට සම්බන්ධ නොවුණත් බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.
    ගායිකාවක් පෙම්වතිය කරගත්තා කියන රාවයත් එක්ක වගේම ඔහු ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. මේ ශේන් අධිකාරි කියන කතාවයි.

    ශේන් අපි මුලින්ම කතා කරමු ඇයි පවුලේ හැමෝම කලාවට සම්බන්ධ වෙද්දී ශේන් විතරක් ඉන් පිට පැන්නේ කියලා ..?

    අම්මියි, තාත්ති වගේම අක්කි සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. අලුත් දේවල් කරනවා. මම එයාලා ගැන සතුටු වෙනවා. මම කලාවට කැමැතියි. ඒත් එහි නියැළෙන්න ආස නැහැ . ඒ නිසා තමයි මම කලාවට සම්බන්ධ නොවී ඉන්නේ.

    ඒ කියන්නේ කවදාවත් ගායකයෙක් වෙන්නෙ නැහැ කියන එකද?

    ඔව්. මම ඒ පැත්තට යොමු වෙන්නේ නැහැ.


    පවුලේ හැමෝටම රසට ගයන්න පුළුවන් වෙද්දී ඔබට ගැයීමේ හැකියාවක් නැහැ කිවුවොත් ඒක බොරුවක් නේ..?

    මට සින්දු කියන්න පුළුවන්. ඒත් මගේ අරමුණ ගායකයෙක් වෙන එක නෙමෙයි. මට ගායකයෙක් වෙන්න කියලා කවදාවත් මවුපියන් බල කරලත් නැහැ. මම ආස දේ කරන්න කියලා තමයි නිතරම කිවුවේ.

    ඒ නිසාද ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ..?

    ඔව්. මගේ ආසාව ක්‍රිකට් ක්‍රීඩා කරන එක. මම ඉගෙන ගත්තේ ගේට්වේ කොලේජ් එකෙන්. පාසලේදි මම ආසාවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ වගේම මම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහත්මයාගේ ඇකඩමි එකේ ක්‍රිකට් ක්‍රීඩා කළා. දැන් මම කෝච් වජිර සම්පත් යටතේ පුහුණු වෙනවා. පන්දු යවන්නෙක් විදිහට ක්‍රීඩා කළ මාව තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කරේ වජිර සර්. මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක්ටම කැමැතියි. ඔවුන් ක්‍රිඩා කරන මැච් මම බලනවා. විශේෂයෙන්ම මම ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Michael Lyon ව ෆලෝ කරනවා. ඒ වගේම කියන්න ඕන මම ටිකක් කම්මැළි කෙනෙක්. චිරන්ත අයියා තමයි මාව උනන්දු කරන්නේ මගේ වැඩවලට. එයා මගේ පස්සෙන් ඉඳලා ගොඩක් උදව් කරනවා. එයා ගොඩක් වෙලාවට මාව පුහුණුවීම් සඳහා එක්කගෙන යනවා.

    ඒ කියන්නේ ශේන්ව ඉදිරියේ දි ක්‍රිකට්වලින් දකින්න ලැබෙයි..?

    ළඟදීම මම ක්‍රිකට් ක්ලබ් එකකට සෙල්ලම් කරන්න ඉන්නේ. වැඩිපුර කැපවීම් කරලා ක්‍රිකට් ක්‍රීඩාව හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. හදිස්සියක් නැහැ මේ ගමන හිමින් යනවා.


    ඔබ පුංචි කාලේ මවුපියන් කාර්‍යබහුලයි, මවුපියන් මඟ හැරෙද්දි මොකද හිතුණේ..?

    කවදාවත් අම්මිගේ තාත්තිගේ ආදරේ වෙනසක් වෙලා නැහැ. කාර්‍යබහුල වුණත් මාවයි අක්කිවයි මඟ හැරියේ නැහැ. එයාලා ගිය ගොඩක් ප්‍රසංගවලට අපි දෙන්නව අරන් ගියා. තාත්ති අපිත් එක්ක නොහිටියත් එයා මට හරි ආදරෙයි. අක්කි විවාහ වෙලා කොහේවත් ගියේ නැහැ. ඉන්නේ අපේ ගෙදර. ධනිදු අයියත් අපි හැමෝමත් හරිම සතුටින් ජීවත් වෙනවා. ධනිදු අයියා ගිටාර් ක්ලාස් කරනවා. එයා මටත් පුරුදු කරනවා. මම ඉස්කෝලේ යද්දී කීබෝඩ් ප්ලේ කරා. එදා වගේම මටවත් අක්කිටවත් ජීවිතේ මඟ හැරිලා නැහැ.

    ශේන් මේ දවස්වල හැමෝම අතරේ කතාබහට ලක් වෙන චරිතයක් වෙලා..?

    ඒ මොනවා නිසාද කියලා මමත් දන්නවා. ඒ ඡායාරූප ගැන බොහෝ දෙනෙක් කතා කළා. ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රතිචාර මටත් ආවා.

    ඇත්තටම ඇය ඔබේ කවුද? මේ දවස්වල විදුෂා රාජගුරුත් ඩ්‍රීම් ස්ටාර් දෙවැනි තැන හිමි කරගත් නිසා කතාබහට ලක් වූ රියැලිටි තරුවක්..?

    විදුෂා මගේ විශේෂ කෙනෙක් නෙමෙයි. මම විශේෂයෙන් කියලා එයාගේ සින්දු අහන්නෙත් නැහැ. එහෙම විශේෂත්වයකුත් නැහැ .

    ඒ කියන්නේ ඇය ඔබේ පෙම්වතිය නෙමෙයි ..?

    එයා පෙම්වතිය නෙමෙයි. එයා මගේ යාළුවෙක්. අම්මියි තාත්තියි අක්කියි එකතු වෙලා කොළඹ කරපු ෂෝ එකට මගේ යාළුවෝ ගොඩක් ආවා. මට ටිකක් වැඩිපුර ගැහැනු යාළුවෝ ඉන්නවා. එයත් එහෙම කෙනෙක්. එයා ෂෝ එකට ආපු වෙලාවේ අපි දෙන්නා ෆොටෝස් ගත්තා. ඒවා කිහිපයක් සෝෂල් මීඩියා ශෙයාර් වුණා. එයා මගේ පෙම්වතිය කියලා. පවුලේ හැමෝම සංගීතයට සම්බන්ධ නිසා මමත් ගායිකාවක් එක්ක ආදර සම්බන්ධයක් පටන් අරගෙන කියලා රාවයක් ගියා. ඒත් ඒක බොරුවක්. එයා මගේ යාළුවෙක් විතරයි.
    ( හර්ෂණී වීරරත්න -රසඳුන)
    11116614.jpg


    11116613.jpg
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,251
    54,301
    113

    Comments (20)​


    +28
    Ratavasiya· 9 hours ago
    අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මෙන්න මේවට තමයි.
    Report
    Reply

    +25
    Sinhaya- lion· 9 hours ago
    මූට කවුද යකො අධිකාරී කියන්නේ
    Report
    Reply
    5 replies · active 40 minutes ago
    +30
    Ted· 7 hours ago
    අනේ පව්, එහෙම කියන්න එපා, මේ ළමයගෙ වැරැද්දක් නෙමෙයිනෙ, ඒ දරුවට සතුටින් ජීවත් වෙන්න උදව් කරමු, කුණු අවුස්සන්නෙ නැතුව.
    Report
    Reply

    +19
    Ktt· 6 hours ago
    මාත් ඒකමයි හිතුවෙ. ඕනෙම නන් මුදුන්කොටුව කියල දාගන්න තිබුන. අදිකාරි කියන එක විහිලුවක්.
    Report
    Reply

    +16
    GONA· 8 hours ago
    උප්පැන්න සහතිකේ ප්‍රනාන්දු කියල නැතුව ඇති.
    Report
    Reply

    +15
    Deya· 6 hours ago
    Paw e daruwa.. kochchara katha ahanawada minissungen..
    Report
    Reply

    +8
    peter· 8 hours ago
    yako muta kata hadaana epa ban, hari weradi un balagani
    Report
    Reply

    +21
    Rafael· 6 hours ago
    Weldone කොල්ලො මිනිස්සු උඔට ගල් ගහන්නේ උඔ කිසිකෙනෙකුට වැරදි නොකලත් වෙන අයගේ වැරදි නිසා.ඒ නිසා තමන්ගෙ උත්හයෙන් දියුණු වෙයන් ඔය මඩ ගහන උන් උ⁣⁣⁣ඔගේ පස්සෙන් එන තරමට..හදවතින්ම උඔට සුභපතනවා
    Report
    Reply

    +19
    Maliga· 6 hours ago
    තාත්තා වගේමයි . ගායනය බැහැ . ගෑනු යාලුවො වැඩියි . සමහරවිට දේශපාලනය පුලුවන් වෙයි . සුබ පැතුම්
    Report
    Reply

    +10
    PATTA hora· 6 hours ago
    ලංකාවේ ඉන්න අංක එකේ විලි ලැජ්ජාව නැති තුට්ටු දෙකේ පවුල. මුන්ට අප්පා හොයන්න DNA පරීක්ෂණ ඕන නෑ. උඹෙ අප්පට සින්දු කියන්න බෑ, පුලුවන් නීතිගත කසිප්පු පෙරීම, ඒක ප්‍රගුන කරපන්.
    Report
    Reply

    +10
    Gayan· 7 hours ago
    ඔයාට අනිවාර්යයෙන් සිංදු කියන්න බැරි වෙන්න ඕනෑ මොකද ඔයාගෙ ජාන වල කලාව නැහැ , දේශපාලනය කරන්න බලන්න ඔයාට එක matching , කිව්වා ට තරහ වෙන්න එපා , දෙමව්පියන් ඇඹුල් kaawama දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ , ඔයා ඔයාගෙ තාත්ත ගෙ original cooy එකක් ඕනෑම කෙනෙකුට එක දැක්ක ගමන් පේනවා නේ. එක ඔයාගෙ වරදක් නෙමෙයි ඔයාගෙ අම්මා කොටු panapuwage prathipala,
    අම්මාගේ සිංදු හරිම ලස්සනයි eth හැසිරීම අන්තිම kathaie
    Report
    Reply

    +9
    Eka Thama· 6 hours ago
    පොඩ්ඩක් දේශපාලනේ try කරල බලන්න...ඒක නම් පුලුවන් වෙයි😏
    Report
    Reply

    +8
    Vishwa· 6 hours ago
    තාත්ත වගේ දේශපාලනය කරන්න
    Report
    Reply

    +7
    abhimanyaroshan· 6 hours ago
    කසිප්පු ජොනියගෙ කපාපු අච්චුවමයි.ආයි කතා දෙකක් නෑමයි
    Report
    Reply

    +4
    Colombo Citizen· 5 hours ago
    He can start a Kasippu distillery.
    Report
    Reply

    +4
    කැකිරි හේනේ බඩු ලාල්154p· 7 hours ago
    උඹ කොල්ලෝ උඹේ තාත්තා වගේ ස්කාගාරයක් කරපන්. අධිකාරි තෙවරක් පෙරපුවා කියලා ලේබලේ ගහපං...
    Report
    Reply

    +4
    The Funeral Director· 7 hours ago
    හැඩරැව බැලුවාම අප්පට වැඩිය උසයි
    උඩහම ලස්සනයි අමිමට වැඩිය කලුයි
    සිනහව නමි පුතෝ දෙන්නාගේම නොවෙයි
    කිරිකැටි වලට එහෙනං අධිකාරි නුඹයි
    Report
    Reply

    +3
    Ruwan· 9 hours ago
    කට වහගනින්..ප්‍රනාන්දු කෑලි පේනවා..මම මිනිස්සුන්ට එහෙම කියන්න කැමති නෑ..ඒත් උඹලට ලැජ්ජාවක් කියල පොඩි හරි හැඟීමක් තියෙන්න ඕනෙ.දැන්වත් මනුස්සයො වගේ ජීවත් වෙයල්ල.
    Report
    Reply

    +3
    Appusiri· 9 hours ago
    අර කුරැණෑගල පත්තේ ඉන්න ජොනී ප්‍රනාන්දු කියන එකාටත් හොඳට ක්‍රිකට් පුලුවන්ලු නේද....?
    Report
    Reply

    +2
    lal· 8 hours ago
    More like Jonston Adhikari
    Report
    Reply
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,719
    1,719
    113
    colombo
    පොඩි කොල්ලෝ පව් වුන්ගන වැඩක් නැහැ

    එත් ජොන්ස්ටන් පකා නම දීලා නැද්ද බල්ලෙක් නේ ඕකා
     
    • Like
    Reactions: gamerlk

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,652
    113
    Kaduwela
    මූ ජොන්ස්ටන් ගෙද, අතුලගෙද නැත්නම් අමායාගේ දෙවෙනි මිනිහා ගෙද?
     
    • Haha
    Reactions: saja and SLK_sri

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,093
    113
    මේ ළමයා නම් පව් ජොන්ස්ටන්ට නම් හෙන ගහන්න ඕන. ළමයි හදලා තමන්ගේ ළමයට නමවත් දිගන්න බැරි නම්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,652
    113
    Kaduwela
    කසිප්පු ජොනියගෙ කපාපු අච්චුවමයි.ආයි කතා දෙකක් නෑමයි

    උඹ කොල්ලෝ උඹේ තාත්තා වගේ ස්කාගාරයක් කරපන්. අධිකාරි තෙවරක් පෙරපුවා කියලා ලේබලේ ගහපං...

    හැඩරැව බැලුවාම අප්පට වැඩිය උසයි
    උඩහම ලස්සනයි අමිමට වැඩිය කලුයි
    සිනහව නමි පුතෝ දෙන්නාගේම නොවෙයි
    කිරිකැටි වලට එහෙනං අධිකාරි නුඹයි
    🤣🤣🤣