මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන් තොටුපලට… කිසිවකුට රටින් යන්න බෑ… පරම්පරා ගාණකට රජයේ රස්සා නෑ.. පොලිස් වාර්තා නෑ..

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,186
    1,396
    113
    ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යැවූ පසු ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බව හිටපු මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

    යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවත් පැවසීය.

    හිටපු ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ විදෙස් ගමන් බලපත්‍ර සැකසීමේදී ලබා ගැනෙන ඇඟිලි සලකුණු රටින් පිටව යෑමේදී සසඳා බැලෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි. හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුවේදි ඊයේ (27) එක් වෙමින් වීරසේකර මහතා මේ කරුණු පැහැදිලි කළේය.

    ව්‍යවස්ථානුකූලව පත්වූ ආණ්ඩුවක් බලහත්කාරයෙන් පෙරළීම ඉතා බරපතළ වරදක් බවත් ඇතැම් දේශපාලන පක්ෂ හා මැර කණ්ඩායම් එක්ව පසුගිය දා කළේ එවැනි ක්‍රියාවක් බවත් වීරසේකර මහතා කියා සිටියේය. අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනය වෙනුවෙන් මේ වන විට සැකපිට 38 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඒ මහතා කීවේය. ජනාධිපතිවරයා එළවීම, මැරීම රාජ්‍ය විරෝධි ක්‍රියාවක් බව පැවසූ මන්ත්‍රීවරයා එවැනි අයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 198 යටතේ මරණ දණ්ඩනය පවා දිය හැකි බව පැවසීය.

    අරගලයේ මුවාවෙන් කෙරෙන ප්‍රචණ්ඩත්ව වැළැක්වීමට හදිසි නීතිය ගෙන එන බව පැවසූ වීරසේකර මහතා හදිසි නීතියට බිය විය යුත්තේ මැර දේශපාලන කණ්ඩායම් පමණක් බවත් අවධාරණය කළේය. අරගලය ප්‍රචණ්ඩත්වය කරා යෑමට නීතිඥ සංගමයත් ආරම්භයේදී උත්තේජනයක් දුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට, උසාවියට බලපෑම් කරමින් විනිසුරුවරුන්ටත් තර්ජනය කරන තත්ත්වයක් අද උදා වී ඇති බවත් හෙතෙම කීවේය. තමන් උසි ගන්වන කිසිවකුත් නඩු වැටෙන විට බේරාගැනීමට නොපැමිණෙන බව නොමඟ යන, ප්‍රචණ්ඩත්වයට යොමු වන තරුණයන් සිහි තබා ගත යුතු බවත් වීරසේකර මහතා පැවසීය.

    හිටපු ඇමැති සරත් වීරසේකර මහතා,

    “1983 සිට වසර 28ක් තිස්සේ මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. ත්‍රස්තවාදය නිසා එවැනි දෙයක් තිබුණා. රටට කිසියම් තර්ජනයක් තිබේ නම් ඒ තත්ත්වය පොලිසියට පාලනය කළ නොහැකි නම් එම තත්ත්වය පාලනය කිරීමට හමුදාව අවශ්‍ය බවට සිතෙන්නේ නම් එවැනි අවස්ථාවකදී හදිසි නීතිය ගෙන එනවා. මහජන ආරක්ෂක පනත යටතේ එම නීතිය ගේනවා. දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට නොව ජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ නීතිය ගේනවා. ජනතාවගේ දේපොළ, නිවාස, වෙළෙඳසල්, ඒ වගේම රාජ්‍ය දේපොළ ආරක්ෂා කිරීමට හදිසි නීතියක් ගේනවා. සාමාන්‍ය නීතිය අභිභවා හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඕනෑම වේලාවක මේ නීතිය යටතේ හමුදාව කැඳවිය හැකියි. අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට පුළුවන්. ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට පුළුවන්. ඒ පනවා දින 14ක් තුළදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. වර්තමානයේ හදිසි නීතිය පනවන්නේ අරගලය නිසා. සාධාරණ හේතුවක් නිසා අරගලය ආරම්භ වුණා. එය වැරැද්දක් නැහැ. යහපත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට උද්ඝෝෂණ පැවැත්වූවා. ඉන්ධන රට තුළ නැති වුණා. විදුලිය, ගෑස්, භූමිතෙල් නැති වුණා. පාසල් වසා තැබුවා. රැකියා නැති වුණා. ඒ නිසා ජනතාවගේ කෝපය සාධාරණයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනවා. ඒ තුළ උද්ඝෝෂණ පවත්වන්න පුළුවන්. ජනතාවගේ පැවති ඒ සාධාරණ පීඩාවට දේශපාලන මැරයන් සම්බන්ධව ප්‍රචණ්ඩත්වය කරා ගෙන ගියා. රජය පෙරළන්න එමඟින් උත්සාහ කළා. එය ඉතා වැරැදි වැඩක්. ජනාධිපති නීතිඥ වලලියද්ද මහතා ඉතා හොඳ සම්මුඛ සාකච්ඡාවක් කළා. ඕනෑම උද්ඝෝෂණයක් පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තිබෙනවා. රජයට, දේශපාලනඥයන්ට බණින්න පුළුවන්. හොරා, තක්කඩියා, ස්ත්‍රී දූෂකයා කියලා කියන්න පුළුවන්. නමුත් රජයක් පෙරළීමට ඔවුන්ට උද්ඝෝෂණ පැවැත්විය නොහැකියි. ඒ වගේම ජනාධිපතිවරයා එළවීමට, මැරීමට උද්ඝෝෂණය කරන්න බැහැ. එසේ කළොත් එය රාජ්‍ය විරෝධි කැරැල්ලක් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 198 යටතේ මරණීය දණ්ඩනය වුවත් ඊට දිය හැකියි. ඒ බව එම ජනාධිපති නීතිඥවරයා කියනවා. ව්‍යවස්ථානුකූලව පත් වූ රජයක් කැරැල්ලකින් පෙරළන එක ඉතා බරපතළ වරදක්. එවැනි දෙයක් කිරීමට තමයි පසුගිය කාලයේ දේශපාලන කණ්ඩායම් මැර කණ්ඩායම් එක්ව උත්සාහ කළේ. ජනතා පීඩනය අසහනය උපයෝගි කරගෙන මැර කණ්ඩායම්වලට පොදු දේපොළ හානි කරවීමට, ගිනි තැබීමට, සොරකම් කිරීමට, මිනී මැරීමට පුළුවන් ද. අහිසංක අතුකෝරාල මන්ත්‍රීවරයා මරා දැමූ විදිය අපි දුටුවා. එය රටටම අපහාසයක්. මේ සිද්ධියට මේ වන විට 38ක් අත්අඩංගුවේ සිටිනවා. අරගලයේ මුවාවෙන් මන්ත්‍රීවරුන්ට ගහනවා නම්, පොදු දේපොළ හානි කරනවා නම් ඒ මිලේච්ඡත්වය නැති කිරීම සඳහා හදිසි නීතිය ගෙන එනවා. එවැනි තත්ත්වයක් උදාවිය හැකි බව බුද්ධි අංශ දැනුම් දෙනවා. මේ අරගලය ප්‍රචණ්ඩත්වය කරා ගෙන යෑමට නීතිඥ සංගමයත් ආරම්භයේදී යම් කිසි උත්තේජනයක් දුන්නා. ඒ ගැන අපි කනගාටු වෙනවා.

    – ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර, සන්ධ්‍යා කරුණාරත්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    11,054
    1
    24,370
    113
    - උඩරට -
    No Way What GIF by Major League Soccer
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,543
    6,536
    113
    මූ ඇත්තටම මෙහෙම කියලද නැත්තන් ආතල් පෝස්ට් එකක්ද? :lol:
    මොන නීතියෙන්ද දන්නෑ රටින් පිට වෙන්න දෙන්නැත්තෙ. රජයේ රස්සා පොලිස් වාර්තා දෙද්දි ඇගිලි සලකුණු බලලනෙ දෙන්නෙ අනේ හුත්ත :lol:
    අනික අලුත් ආණ්ඩුවක් පත් උනාම ඔය මොන ඇටයක්වත් නෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,238
    9,328
    113
    ඉතින් ගරු ඇමතිතුමෝ ඔච්චර ලොකු වැරද්දක් වෙලා නම් හිටපු ජනපතිතුම පව්..

    එතුමට ලොකු වැරද්දක් වෙලානෙ. ඉක්මනට එතුමා එක්ක ඇවිල්ල ජනාදිපති තනතුරේ පිහිටවමු. කතා කර ඉදල වැඩක් නෑ පව්. කොහෙදහිටපු කුඩු අයිස් කාරයොන්ගෙන් ගෝට සෑර්ට උන වැරද්ද හදමු ආයෙ තනතුර දීල ඉක්මන් කරන්න

    ඉක්මනට සුප්‍රිම් උසාවියට දුවල රටින් ගියෙනෑ අයුතු බලපෑම නිසා කෙටි නිවාඩුවකට ගියෙ ආයෙ තිබ්බ ජනාදිපති තනතුර දෙන්න කියල FR එකක් දාන්න

    Ask hon. Subry to file immediate FR
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,145
    7,200
    113
    Kandy
    අවුරුදු දෙකක්වත් ඔය සෙල්ලම් දාන්න පුලුවන් වෙයිද දන්නැ..
    ජංගි සරාගෙ ප්‍රතම සහ අවසාන පාර්ලිමේන්තු යෑම තමා මේක කොහොමත්.
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,186
    1,396
    113
    මූ ඇත්තටම මෙහෙම කියලද නැත්තන් ආතල් පෝස්ට් එකක්ද? :lol:
    මොන නීතියෙන්ද දන්නෑ රටින් පිට වෙන්න දෙන්නැත්තෙ. රජයේ රස්සා පොලිස් වාර්තා දෙද්දි ඇගිලි සලකුණු බලලනෙ දෙන්නෙ අනේ හුත්ත :lol:
    අනික අලුත් ආණ්ඩුවක් පත් උනාම ඔය මොන ඇටයක්වත් නෑ
    හමුදාවට පොලිසියට සහ රජයේ රැකියාවට ගන්න පෙර පොලිසියෙන් වාර්තාවක් ගන්නවා .මේවගේ ත්‍රස්තවාදී ක්‍රියා වලට අහුවු උන් ගේ පවුල් වලට පාවා සෙකියුරිටි clearance ගන්න බැරි වෙනවා බොහෝ වෙලාවට . ඒ කියන්නේ අයියා ත්‍රස්තවාදියා නම් මල්ලිට හෝ ඒ අයියාගේ පුතාට රැකියාවක් ගනිත්දිත් එක බලපානවා. ලොකු ලොකු උන් නම් ශේප් වෙයි පොඩි උන්ව අහු කරලා. ඒකයි දුක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,849
    17,450
    113
    මාලඹේ

    කොයි ආණ්ඩුව ආවත් clearance certificate එක ගන්න වෙන්නේ පොලිසියෙන් බං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    23,902
    1
    25,594
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොයි ආණ්ඩුව ආවත් clearance certificate එක ගන්න වෙන්නේ පොලිසියෙන් බං
    ඔව් ඔව්. මේ කතාව ඇත්ත. පිස්සාගේ ඔරකල් ඩේටබේස් එකේ ඇඟිලි සලකුණු ගබඩා කරලා තියෙන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,543
    6,536
    113
    හමුදාවට පොලිසියට සහ රජයේ රැකියාවට ගන්න පෙර පොලිසියෙන් වාර්තාවක් ගන්නවා .මේවගේ ත්‍රස්තවාදී ක්‍රියා වලට අහුවු උන් ගේ පවුල් වලට පාවා සෙකියුරිටි clearance ගන්න බැරි වෙනවා බොහෝ වෙලාවට . ඒ කියන්නේ අයියා ත්‍රස්තවාදියා නම් මල්ලිට හෝ ඒ අයියාගේ පුතාට රැකියාවක් ගනිත්දිත් එක බලපානවා. ලොකු ලොකු උන් නම් ශේප් වෙයි පොඩි උන්ව අහු කරලා. ඒකයි දුක.

    කොයි ආණ්ඩුව ආවත් clearance certificate එක ගන්න වෙන්නේ පොලිසියෙන් බං
    රජයේ රස්සා වලටම යන්න තරන් මෝඩ හැතිකරේ අරගල කරන්න යයි කියල හිතනවද :lol: අනික පොලිස් වාර්තාවෙ මොකක්ද දාන්නෙ? ජනාධිපති මන්දිරේ ඇතුලෙ මුගෙ ඇගිලි සලකුණ තිබිල හම්බුනා කියලද :lol: අධිකරණයකින් ඔප්පු වෙන් නැතුව කවුරුත් වරදකාරයෙක් වෙන් නෑ. උබ කියන විදිහට එහෙනන් පොඩි වලියකට ගිහින් එහෙම අහු වෙන උන්ගෙත් මුලු ජීවිතේම විනාස වෙන්න ඕනෙ. අනික පොලිස් වාර්තාවක් ගනිද්දි ඇගිලි සලකූනු පරීක්ෂා කරනවද? මමනන් දන්න තරමින් එහෙම එකක් කරන් නෑ.

    රටින් පිට වෙන්න නොදෙන්න නන් අධිකරණයකින් විදේශ ගමන් තහනම් කරන්න ඕනෙ. සරත් වීරසේකරට ඕනෙ උනාට යන්න නොදී ඉන්නෑ.
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,186
    1,396
    113
    රජයේ රස්සා වලටම යන්න තරන් මෝඩ හැතිකරේ අරගල කරන්න යයි කියල හිතනවද :lol: අනික පොලිස් වාර්තාවෙ මොකක්ද දාන්නෙ? ජනාධිපති මන්දිරේ ඇතුලෙ මුගෙ ඇගිලි සලකුණ තිබිල හම්බුනා කියලද :lol: අධිකරණයකින් ඔප්පු වෙන් නැතුව කවුරුත් වරදකාරයෙක් වෙන් නෑ. උබ කියන විදිහට එහෙනන් පොඩි වලියකට ගිහින් එහෙම අහු වෙන උන්ගෙත් මුලු ජීවිතේම විනාස වෙන්න ඕනෙ. අනික පොලිස් වාර්තාවක් ගනිද්දි ඇගිලි සලකූනු පරීක්ෂා කරනවද? මමනන් දන්න තරමින් එහෙම එකක් කරන් නෑ.

    රටින් පිට වෙන්න නොදෙන්න නන් අධිකරණයකින් විදේශ ගමන් තහනම් කරන්න ඕනෙ. සරත් වීරසේකරට ඕනෙ උනාට යන්න නොදී ඉන්නෑ.
    අරගල නායකයින් නම් රටින් පනි කුට්ටිය අරං. ඒත් ගම් වලින් කී දෙනෙක් ආවද? ඕක දැම්මොත් දාන්නේ ත්‍රස්තවාදී ක්‍රියා වක් විදිහට. රටෙන් යන එක ගැන නම් මම දන්නේ නැහැ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,238
    9,328
    113
    මේ අරගලකරුවො බය කරන්න නෙවෙ කියන්නෙ මේව අහන දකින අනික් ගෙවල් වල ඉන්න සාමාන්ය ජනතාව මොන වැරැද්ද අඩුපාඩුව උනත් කටවහන් ගෙවල්වල ඉදපල්ල කියල ඉගිකරන්න වයන්ග තර්ජනයක් කරන්නෙ පොදුවේ ඔක්කොටම. එතකොට පෙට්‍රොල් නැති උනත් පාරට එන්නෑ
     
    මම කිව්වේ නඩු වැටෙන එවුන් ට වෙන දේ බං.

    නඩුව ඉවර වෙලා අවුරුදු 2ක් ගිහිල්ලත් Police clearance certificate එක දෙන්නේ නැහැ .
    මේක ඕනේ වෙන්නේ රට යන්න මෙහෙ ජොබ් කරන්න නෙවෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,543
    6,536
    113
    අරගල නායකයින් නම් රටින් පනි කුට්ටිය අරං. ඒත් ගම් වලින් කී දෙනෙක් ආවද? ඕක දැම්මොත් දාන්නේ ත්‍රස්තවාදී ක්‍රියා වක් විදිහට. රටෙන් යන එක ගැන නම් මම දන්නේ නැහැ.
    අනේ බන් ඔය පස්සෙ මන්දිරේ බලන්න ගිය උන්ට මුකුත් වෙන්නෑ. අධිකරණයෙ වරදකාරයෙක් වෙන්න තනි තනි මනුස්සයව සාධාරණ සැකයෙන් එහාට සාක්ෂි මගින් වරදක් කරා කියල ඔප්පු කරන්න ඕනෙ. ගෙයක් ඇරල දාලා තිබ්බ කියපන්කො. ඕක ඇතුලට ගිහින් ආවා කියල මොකක්ද දෙන දඩුවම. අන්න ඒක තමා හම්බෙන උපරිම දඩුවම. ගේට්ටු කඩපු උනට එහෙමනන් සමහරවිට ප්‍රශ්න ඇති වෙයි. උන් ඉතින් බැටන් පොලු පාරවල් කදුලු ගෑස් වෙඩි උණ්ඩ කාගෙන ගිය එකේ ඔය රජයේ රස්සා මොන රෙද්දක්ද.

    මේ අරගලකරුවො බය කරන්න නෙවෙ කියන්නෙ මේව අහන දකින අනික් ගෙවල් වල ඉන්න සාමාන්ය ජනතාව මොන වැරැද්ද අඩුපාඩුව උනත් කටවහන් ගෙවල්වල ඉදපල්ල කියල ඉගිකරන්න වයන්ග තර්ජනයක් කරන්නෙ පොදුවේ ඔක්කොටම. එතකොට පෙට්‍රොල් නැති උනත් පාරට එන්නෑ
    ඔව් බන් අර තෙල් ස්ටොක් හොයල දෙන අයට පොලීසියෙන් තෑගි දෙනව කිවුව වගේ තමා. තෙල් ස්ටොක් කරන්න තහනමක් නෑ. මේ ලගදිත් එහෙම නඩු දාපු එකක් අධිකරණයෙන් නිෂ්ප්‍රභා කරා.
    ------ Post added on Jul 28, 2022 at 5:14 PM
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    858
    783
    93
    මේ අරගලකරුවො බය කරන්න නෙවෙ කියන්නෙ මේව අහන දකින අනික් ගෙවල් වල ඉන්න සාමාන්ය ජනතාව මොන වැරැද්ද අඩුපාඩුව උනත් කටවහන් ගෙවල්වල ඉදපල්ල කියල ඉගිකරන්න වයන්ග තර්ජනයක් කරන්නෙ පොදුවේ ඔක්කොටම. එතකොට පෙට්‍රොල් නැති උනත් පාරට එන්නෑ
    Correct
     
    • Like
    Reactions: Srilankan1

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,543
    6,536
    113
    මම කිව්වේ නඩු වැටෙන එවුන් ට වෙන දේ බං.

    නඩුව ඉවර වෙලා අවුරුදු 2ක් ගිහිල්ලත් Police clearance certificate එක දෙන්නේ නැහැ .
    මේක ඕනේ වෙන්නේ රට යන්න මෙහෙ ජොබ් කරන්න නෙවෙයි
    පොලිස් වාර්තාව දෙනව ඕන කෙනෙක්ට. ඒකෙ තියෙන දේවල් බලල වීසා accept කරනවද කියන එක තීරණය කරන්නෙ Embassy එක.

    අනික දැන් නිවුස් එකේ තියෙන්නෙ ඔහොම එකක් නෙමේනෙ. ඒකෙ තියෙන්නෙ ඇගිලි සලකුණු බලල ඒ ඔක්කොටම රටින් පිටවෙන්න දෙන්නෑ කියල. මොන ගොබ්බ කතාද.