මම ගොඩක් පිරිමි එක්ක යාළුවුණු කෙනෙක් නෙවෙයි දැන් ඉන්නෙ පස්වෙනියා - පියුමි ශ්‍රීනායක,,,,,thawama polu 5k witharai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    56,881
    54,112
    113
    piyumi-sri-nayake-speaks

    පසුගිය සතිඅන්ත පුවත්පතකට ටෙලි නිළි පියුමි ශ්‍රීනායක පළකර තිබූ අදහස් පහත පරිදිය.

    "මම මුලින්ම ආදරයක් පටන් ගත්තෙ දහය වසරේ පන්තියෙදි. ඒ නොවැම්බර් මාසයෙ. ඒ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. එයත් මම ඉගෙන ගත්ත විදුහලේමයි ඉගෙන ගත්තෙ. ඒක මාස දෙකක ප්‍රේමයක්.
    ආදරය කරන්න පටන් අරගෙන මාස දෙකකින් මගේ අම්මාට අහුවුණා. අම්මා මාව ඉස්කෝලෙන් අස් කරගෙන ගමේ ගෙනිච්චා. ඒ ආදරයත් එතැනින්ම නතර වුණා. ඒක හරි අපූරු ආදරයක්. අපිට අපේ ආර්ථිකයත් එක්ක ඒ කාලේ දුරකථන තිබුණේ නැහැ. ඒ නිසා ලියුම්වලින් ගනුදෙනු කළා. එහෙම එවපු ලියුමක් අපේ අම්මාට අහුවුණා. ඉතින් ඒ ආදරය මාස දෙකකට සීමා වුණා.
    එහෙම අහිමිවුණු ආදරයක් ඇත්තටම ආයෙත් ඕනෑ නැහැ. ඒ හැමදේම ගැන ආපස්සට හැරිලා බලද්දි “අනේ හොඳ වෙලාවට නැති වුණේ”‍ කියලා හිතෙනවා.
    හැබැයි දැන් තියෙන ආදරය මට හරියට වටිනවා. ඒ ආදරයට මම හරියට ආදරය කරනවා.

    කෙනෙකුට ජීවිතේ ලැබෙන ඒ ආදරය පරිස්සම් කරගන්න ඕනෑ. එයාගේ ආදරය හරි පණ්ඩිතයි. එයා හරියට අපේ තාත්තා වගේ. එයාලා අපිට කොච්චර ආදරය වුණත් ඒ ආදරය අපිට පෙන්නන්නෙ නැහැ. ඒ වගේ තමයි, මම තමයි එයාට ඒ ආදරය පෙන්නන්නෙ. මම ආදරය කරන නිසා මම ඒක පරිස්සම් කරනවා. මම එයාට ගොඩක් ආදරෙයි. එයත් මට ආදරය කරද්දි ඒ ආදරයට ඊටත් වඩා වැඩියෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ ආදරයට මම හරි ලෝබයි.

    මම ගොඩක් පිරිමි එක්ක යාළුවුණු කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ මම හතරදෙනෙක් එක්ක යාළු වුණා. මේ මගේ පස්වැනි සහ අවසාන ආදරයයි. සමහර වෙලාවට එයයි මමයි මොකක් හරි දේකට රණ්ඩුවෙලා තරහා වෙලා ඉඳිද්දි මම එයාට ඒකපාර්ශ්විකව ආදරය කරලා තියෙනවා. “අපි මේක නවත්වනවා”‍ කියලා කතා වෙලා එයා කතා නොකරපු දවස්වලට මම එයාට ඒකපාර්ශ්විකව ආදරය කරලා තියෙනවා. දැන් නම් අපි දෙන්නා හරිම ආදරයෙන් ඉන්නවා.


    ‘සෙක්ස්’ හා ‘ලව්’ කියන්නෙ සම්මිශ්‍රණයක්. ආදරේදී ‘සෙක්ස්’ විතරක් තිබුණොත් වැඩක් නැහැ. ‘ලව්’ විතරක් තිබිලත් වැඩක් නැහැ. ඒ දෙකම සම සමව තියෙන්න ඕනෑ. මේ දෙකෙන් එකක් තිබිලත් වැඩක් නැහැ. ඒ නිසා ඒ දෙකම සම්මිශ්‍රණයකින් ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි.

    මම ආදරයට හරි ලෝබ කෙනෙක්. මට උපරිමයෙන්ම ආදරය ඕනෑ. මට අසනීප වුණාම, මොකක් හරි ජයග්‍රහණයක් ලැබුවාම ඒ ආදරය වැඩියෙන් ඕනෑ. ඒ වෙලාවට මම ආදරය උපරිමයෙන්ම හොයනවා.

    ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවා .අනිවාර්‌යෙන්ම විශ්වාස කරනවා. මම හතරදෙනෙක් එක්ක යාළුවෙලා හිටියට ඒ හතරදෙනාට වඩා දැන් මම ආදරය කරන කෙනාව මට දැනෙනවා. අපි දෙන්නගේ සමානකම් වැඩියි. සමහර විට මේ සංසාරගත බැඳීමක් වෙන්න ඇති."
    4.jpg
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    752
    629
    93
    ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවා .අනිවාර්‌යෙන්ම විශ්වාස කරනවා. මම හතරදෙනෙක් එක්ක යාළුවෙලා හිටියට ඒ හතරදෙනාට වඩා දැන් මම ආදරය කරන කෙනාව මට දැනෙනවා. අපි දෙන්නගේ සමානකම් වැඩියි. සමහර විට එයාට සල්ලී තියෙන නිසා වෙන්න ඇති."
     
    • Haha
    Reactions: SLK_sri

    honesty

    Well-known member
  • May 2, 2015
    2,065
    3,913
    113
    Mekige Photographer kollek hitiya neda, mata mathakai kalekata kalin elakiri eketh mekiwa promote kala.
     
    • Haha
    Reactions: SLK_sri

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,534
    6,537
    113
    එෆෙයාර් නැතුව බිස්නස් එකට ගහපුවා කියල නෑනෙ
     
    • Haha
    Reactions: Dr.Amdan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,270
    9,499
    113
    පොන්ටියෝ 5ක් වෙන්න ඇති. කිසිම වැඩක් කරපු පාටක් නම් නෑ :ROFLMAO: