මහජන බැංකුව - ලක්ෂ 160 වාහනේ ලක්ෂ 13 කට ගෙදර ගෙනියන්න දීලා පැන්ෂන් යනකොට

analytics

Well-known member
  • Jun 6, 2015
    1,161
    1,944
    113
    https://www.lankadeepa.lk/news/මහජන-බැංකුවට-කෝටි-5400ක-ණය-පොල්ලක්/101-612564

    මහජන බැංකුව පෞද්ගලික අංශයේ විවිධ සමාගම් රැසකට දුන් රුපියල් කෝටි 5400 කට ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.

    මෙම ණය ලබාගෙන ඇති ආයතන, ණය ලබාදීම සඳහා ඇගයීම් කළ ආකාරය සහ අනුමැතිය ලබාදීම සදහා සම්බන්ධ වූ පුද්ගලයන් ඇතුළු කරුණු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට ඊයේ (04) නිර්දේශ කළේය.

    එසේම මෙම තොරතුරු ඉදිරි කෝප් වාර්තාවේ ප්‍රකාශයට පත්කරන බවද කෝප් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    කෝප් සභාපතිවරයා මෙම නිර්දේශ ලබා දුන්නේ මහජන බැංකුවට අදාළව නිකුත් කර ඇති 2018, 2019 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා එම බැංකුවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ඊයේ (04) කැඳවූ අවස්ථාවේදීය.

    මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට ඇතැම් අවස්ථාවලදී බැංකු ණයක් ලබා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන පසුබිමක, ගෙවීමට ශක්‍යතාවක් නොමැති සමාගම්වලට ප්‍රමාණවත් පරිදි දේපළ ඇපයට තබා ගැනීමකින් තොරව රුපියල් බිලියන 2, 3, 4 බැගින් විශාල ණය ලබාදී ඇති බව නිරීක්ෂණය වන බැවින් මේවාට අනුමැතිය කුමන ආකාරයකින් ලැබුණිද යන වග හෙළි කළ යුතු බව කමිටුවේ මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ.

    එසේම ඉදිරියේදී ණය ලබා දෙන විට වඩාත් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එය සිදුවිය යුතු බවත් ජාතික ධනය සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

    මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයකු භාවිත කළ වාහනය 2019 වසරේදී විශ්‍රාම ගන්නාවිට ඉතා අඩු වටිනාකමකට පවරාදීම පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.

    රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට මිලදී ගෙන ඇති මෙම මර්සීඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2019 වසරේදී රුපියල් 113,698 ක මුදලකට හිටපු සාමාන්‍යාධිකාරීවරයාට පවරා ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.


    බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා වසරකට වඩා කාලයක් භාවිත කළ වාහනය මෙලෙස පවරා දීම සාමාන්‍යයෙන් සිදුවන බවත් භාවිතා කළ කාලය අනුව ක්ෂය වීම සළකා වෙළෙඳ පොළ වටිනාකම අනුව මෙම මිල තීරණය කර ඇති බවත් බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේය.

    මෙහිදී කමිටුව විමසා සිටියේ රු. මිලියන 16 කට ආසන්න මුදලකට මිලදී ගත් වාහනය රු. එක් ලක්ෂ දහතුන් දහසකට ආසන්න මුදලකට පවරාදීම සිදුවූයේ කෙසේද යන්නයි.

    බැංකුවේ වාහන පවරා දීමේ මෙම ප්‍රතිපත්තිය වෙනස් කර ඇති බවත් සාමාන්‍යාධිකාරි හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධුරයේ වසර 25 කට වැඩි සේවා කාලයක් ඇති අය සදහා පමණක් මෙම අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී පැවසුවේය.

    මෙලෙස ජාතික ධනය වැය කිරීම පිළිබද නැවත සිතා බැලිය යුතු බවත් අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් දැනට සිදුකරන මෙම ක්‍රියාවලිය විශේෂ අවසරයක් යටතේ පමණක් සිදුකළ යුතු බවත් පෙන්වා දුන් කෝප් කමිටු සභාපතිවරයා මෙම තත්වය සදහා වහා මැදිහත්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය.

    ඒඅනුව ලේකම්වරයා යටතේ ඇති බැංකු පද්ධතිය සදහා අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධව මාර්ගෝපදේශයන් සකස්කරන ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා ලෙසත් නිර්දේශ කළේය.

    මේ අතර දත්ත ගබඩා කිරීම සදහා 2015 වසරේ හදුන්වා දුන් ව්‍යාපෘතියකට (Data Ware House) රු. මිලියන 402 කට ආසන්න මුදලක් වැයකළද එය අපේක්ෂා කළ පරිදි භාවිතා කළ නොහැකිව ඇති බවත් මෙහිදී අනාවරණය විය.

    මෙම ව්‍යාපෘතිය හදුන්වා දුන් එවකට මහජන බැංකුවේ සභාපතිවරයා විසින් පත් කෙරුණු තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ව්‍යාපෘතිය සිදු කළ සමාගමේ ඊට පෙර සේවය කළ අයකු බවද මෙහිදී සාකච්ඡා විය.

    මේ සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක්ද සිදු කර නැති බව අනාවරණය වූ අතර කිසිදු ප්‍රතිළුලයක් නොමැති ව්‍යාපෘතියක් සදහා රුපියල් කෝටි 40 ක ට වැඩි මුදලක් වැය කිරීම බරපතල තත්වයක් බැවින් අමාත්‍යාංශ මට්ටමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    මේ සම්බන්ධයෙන් විශේෂ විගණනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විගණාකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතාට නිර්දේශ කළේය.

    අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් සමාගමක් සහ එහි පරිපාලිත සමාගම් සදහා ණය ලබාදී එම ණය අක්‍රීය ණය කාණ්ඩයට මාරු කිරීමක් පිළිබදවද මෙහිදී අනාවරණය විය.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,663
    3,062
    113
    Oke Inna Naki Motherfucker Direct Board Ekata Wedi Thiyala Danda Ona
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    557
    113
    මේ අතර දත්ත ගබඩා කිරීම සදහා 2015 වසරේ හදුන්වා දුන් ව්‍යාපෘතියකට (Data Ware House) රු. මිලියන 402 කට ආසන්න මුදලක් වැයකළද එය අපේක්ෂා කළ පරිදි භාවිතා කළ නොහැකිව ඇති බවත් මෙහිදී අනාවරණය විය.

    Data tika hariyata enter karannewath nathi sinhalunta mona data warehouse da 🤣🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,763
    1
    73,163
    113
    31
    Kalutara
    මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයකු භාවිත කළ වාහනය 2019 වසරේදී විශ්‍රාම ගන්නාවිට ඉතා අඩු වටිනාකමකට පවරාදීම පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.

    රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට මිලදී ගෙන ඇති මෙම මර්සීඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2019 වසරේදී රුපියල්
    113,698 ක මුදලකට හිටපු සාමාන්‍යාධිකාරීවරයාට පවරා ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.
    මේ ලක්ෂ 13ක් ද යකෝ. මේ එක්ලක්ෂ දහතුන්දාස් හයසිය අනුඅටක් නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    17,710
    10,804
    113
    Auckland
    images.jpg