මහණෙනි,ලෝකයේ දෙන්නෙකුට කළගුණ සළකලා නිම කරන්න බැහැ.
කාටද ?
මවටත් පියාටත්,
අවුරුදු 100 ක් ජිවත්වෙන යම්කිසි පුත්‍රයෙක් තමන්ගෙ දෙමව්පියන්ට කළගුණ සැලකීම කියන ඒ උපස්ථානය කරන්න බලාපොරොත්තුවෙන් මාපිය දෙදෙනා - ඒ ඉතාමත්ම ජරාජීර්ණ වූ මාපිය දෙදෙනා- දෙවුරේ හිඳුවාගෙන ඒ අයගේ මළ මුත්‍ර ශුද්ධ කරමින් අවුරුදු සියයක් සියලුම වතාවත් කරමින් නෑම් ඇඟ ඉලීම් ආදි ඒ උපස්ථාන කරමින් අවුරුදු සියයක් අරගෙන ගියත් ඒත් බෑ මවුපියන්ට කළ දේට ප්‍රත්‍යුපකාර කරලා නිම කරන්න" ඒ විදියට බුදුපියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා.
ඊළඟට ප්‍රකාශ කරනවා "මහණෙනි යම්කිසි පුත්‍රයෙක් තමාගේ මවත් පියාත් මේ සත් රුවනින් පිරුණු මහපොළවේ අධිපතිකමට චක්‍රවර්ති රාජ්‍යයට පත් කළත් එහෙම නැත්නම් මේ මුළු මහත් පොළොවට අධිපති රජකමට පත් කළත් ඒත් බෑ සෑහෙන පමණ මව්පියන්ට ඒ ණය ගෙවන්නට.
මොකද ඒකට හේතුව ?
මවුපියො කියන්නේ දූ දරුවන් ඇති දැඩි කළ ලෝකය දක්වාලන ඒ විදියෙ උතුම් සේවයක් කරපු, උදව්වක් කරපු, කොටසක්. ඊලඟට බුදුපියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.
"නමුත් මහණෙනි, යම් කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැතිව තමන්ගේ මව්පියන් ශ්‍රද්ධා සම්පත්තිය පිහිටුවනවා නම්, ශීල සම්පත්තිය නැති මවුපියන් ශීල සම්පත්තියෙහි පිහිටුවනවා නම්, ත්‍යාග සම්පත්ති නැති මව්පියන් එහෙමත් නැත්නම් මසුරු මවුපියන් ත්‍යාග සම්පත්තියේ පිහිටුවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවනවා නම් අන්න ඒ පුත්‍රයා ඒ මවුපියනට කළගුණ සැලකුව පමණක් නොවේ, සෑහෙන පමණ කළගුණ සැළකුවා පමණක් නොවේ, පමණටත් වඩා කළගුණ සැළකුවා වෙනවා" කියලා ඒ විදිහට බුදුපියාණන් වහන්සේ වදාළා.
ඔබේ පවුලේ බර ඔවුන් මත පටවන්න එපා.
ඔවුන් ගෙදර දොරේ වැඩකරුවන් සේ සලකන්න එපා.
ඔවුන් ඔබව කුඩා කලේ ඇතිදැඩි කලා.
ඔබට කෑම බීම දුන්න.
ඔබ අඬනකොට නැලෙව්වා.
ඔවුන්ට වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනේ නෑ.
සිතේ සැහැල්ලුවක් තිබුනේ නෑ.
දැන් ඔවුන් වයසට ගියාමත් ඔවුන්ගේ සිතේ සැහැල්ලුව ඔබ උදුරගන්න එපා.
ඔබේ දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ වැඩ, ඉවුම් පිහුම් වැඩ, ආදී මෙකි නොකී වැඩ ඔවුන් පිට පටවන්න එපා. එහෙම කලොත් ණය ගෙවනවා වෙනුවට ඔබ කරන්නේ තව තවත් ණයකාරයෙක් වෙන එකයි.
සසරේ ණයකාරයෙක් නොවී, ණය ගෙවාදමන්නෙකු වන්න.
මව්පිය ණය පියවා දමන්න
පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු සියයක් තමන්ගේ අම්මවයි තාත්තවයි උරහිස් දෙකේ වාඩිකරවාගෙන උපස්ථාන කළත් දෙමව්පියන්ට ඇති ණය ගෙවන්න බෑ කියල. මෙහෙම කිව්වම සමහරවිට ඔබ හිතනවා ඇති මම නම් මගේ අම්මට සලකනවා, මම නම් මගේ පියාට සලකනවා. ඒ නිසා මට මේක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියල. දැනටමත් ඔබ ඔබගේ මව්පියන්ට පුලුවන් විදියට සලකනවා ඇති. කෑම බීම ගිහින් දෙනවා ඇති, ඇදුම් පැළදුම් ගිහින් දෙනවා ඇති. උපන්දිනයට පාටි දානවා ඇති. විවාහ සංවත්සරය සමරනවා ඇති. නමුත් මේවා කරලා අම්මලා තාත්තලා සතුටු කරලා ණය ගෙවන්න බැහැ.
ඒ වගේ තමයි අරක්කු බොන තාත්තට සලකන්න ඕන කියලා පුතා හැමදාම අරක්කු ටිකකුයි බයිට් ටිකකුයි ගෙනත් දෙනවා. එතකොට තාත්තටත් සතුටුයි පුතාටත් සතුටුයි. නමුත් ඇත්තටම වෙන්නේ මොකද්ද, තාත්තා දුස්සීලයෙක් වෙන අගතියට පත්වෙන මාර්ගයකට යොමුකළා. එතකොට තාත්තා දුගතියේ උපදින එකයි වෙන්නේ. පුතත් ඉතා විශාල පවක් කරගන්නවා.
අද කාලෙ ගොඩක් අය දෙමව්පියන්ට සළකන්නෙ මෙන්න මේ ආකාරයට. මේ විදිහට දෙමව්පියන්ට සළකන්න ගොඩක් අය උත්සාහ කරනවා. නමුත් ගැටලුව තමයි මේ අයට සළකන්නෙ කොහොමද? ඒකට නිවැරදිම ක්‍රමය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා බොහෝවිට අන්තිම කාලෙ දෙමව්පියන්ව සතුටින් තියන්න ඕන කියලා තමන්ටත් වැඩක් නැති, ඒ අයටත් යහපතක් උදා නොවෙන දේවල් වලට මුදල් වියදම් කරනවා. දරුවො උනාම දෙමව්පියන්ට හොඳම දේ, නිවැරදිම දේ, යහපත්ම දේ දෙන්න ඕන කියන දේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සදහන් වෙලා තියන දෙයක්. සිඟාලෝවාද සූත්‍රයේ පවා යුතුකම් වශයෙන් මේවා සදහන් වෙනවා.
පින්වතුනි, දෙමව්පියන් තුළ කරුණු පහක් ඇති කළොත් ඔවුන් අපිට කළ දේවල් වලට ප්‍රතිඋපකාර වෙනවා, දෙමව්පියන්ට ඇති ණයෙන් නිදහස් වෙනවා.
පළමුවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව නැති දෙමව්පියන් තුළ ශ්‍රද්ධාව ඇති කරවීම. තෙරුවන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදීම ඇතිකරවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා නැතිනම් බුදුගුණ වලට සිත පහදවන්න. ධර්මය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි සිත පහදවන්න. තෙරුවන් සරණ යන්න හිත යොමු කරවන්න. ඒකට නැඹුරු වෙන්නෙ නැත්තම් ඒකට විවිධ උපක්‍රම යොදන්න ඕනේ. කෙලින්ම කියන්න ගියොත් බැනුම් අහන්ම වෙන්න පුලුවන්. ඒකට හේතුව සමහර අය ජීවිත කාලෙම මුදල් හොයන්න, පව් වැඩවලට යොමු කරලා තිබ්බා මිස ධර්මයට හිත යොමු කරන්න පුරුදු කරලා නැහැ. එහෙම දෙමව්පියන්ට ධර්මය අහන්න සලස්වන්න. ධර්මය කියන තැන් වලට එක්කගෙන යන්න. ඒ ගැන පොත පත ගෙනල්ලා දෙන්න. මෙහෙම කරන එක අමාරු උනත් මේ දේ කරලා දෙමව්පියන් තුළ ශ්‍රද්ධාව ඇති කළොත් දෙමව්පියන්ට සුගතියේ උපදින්න ඒක හේතුවෙනවා. ඒ නිසා ඔබේ ණය ගෙවෙනවා.
දෙවනි කාරණය තමයි සීලය. සතුන් මරණ, මත්ද්‍රව්‍ය භාවිතා කරන වගේ පවට හුරු වෙලා ඉන්න තාත්තලව ක්‍රමානුකූලව ඒවයින් මුදවාගන්න. ඔබ ඔබගේ පව්ලේ අය එක්කම දෙමව්පියන් සමග භාවනා වැඩසටහන්, සීල සමාදාන වැඩසටහන් වලට සහභාගී වෙන්න. එතකොට ඒ අයට වෙනසක් දැනෙන්නේ නෑ. ටික ටික සීලයට පුරුදු උනාම දෙමව්පියන්ගේ දුෂ්ශීල ගති දුරුවෙනවා. එවිට දෙමව්පියන් දුෂ්ශීලකම අතහැරීම ඔබගේ ණය ගෙවීමට හේතුවෙනවා.
තුන්වෙනි කාරණය තමයි සුතය. මේ තමයි ධර්මය ගැන තිබෙන වැටහීම. සමහර දෙමව්පියන් විවිධ මාධ්‍ය වැඩසටහන්, ආදර කතා, අසභ්‍ය දේවල් බලලා ඔලුව නරක් කරගන්නවා. විවිධ අපචාරවලට යොමුවෙනවා. මේ දේවල් වලට යොමු නොවෙන්න ධර්මය ගැන දැනගන්න සලස්වන්න. ධර්මය ඇහෙන වැඩසටහන්, පටිගත කල තැටි, පොත පත ගෙනල්ලා දෙන්න. අවසාන කාලයේ කාමයට ආසාව ඇතිඋනොත් ප්‍රේත ලෝකවල උපදිනවා. ඒ නිසා එයින් වළකලා දෙමව්පියන්ව ධර්මයට යොමු කළාම ඔබේ ණය ගෙවා දමන්න එය හේතුවෙනවා.
මීළග කාරණය තමයි ත්‍යාගය. මසුරුකමින් දෙමව්පියන් මුදවගන්න. දන්දීම, අතහැරීම පුරුදු කරන්න. මේවා පුරුදු කරේ නැත්තම් මරණ මොහොතේදීවත් ඒ දේවල් අතහැරගන්න බැරිවෙලා අවසානයේ මැරුණු ගමන් දරුවෝ, මුණුපුරන්, දේපල වලට ආසාවෙන් අමනුෂ්‍යයෝ වෙලා උපත ලබනවා. දන් දීමෙන් තමයි ආයුෂ, වර්ණ, සැප, බල වර්ධනය වෙන්නේ.
මේ නිසා දෙමව්පියන්ට දන් දෙන්න පුරුදු කරන්න. දාන වලට සහභාගී කරවන්න. ඔවුන් ජීවතුන් අතර සිටියදී ඔවුන්ගේ අතින්ම මහා දානමය පින්කම් කරවන්න. මැරුණු දෙමව්පියන්ට දාන දෙනවටත් වඩා ජීවත්ව සිටියදී ඔවුන් අතින්ම දානම පින්කම් කරවීම සිය දහස් ගුණයකින් ප්‍රයෝජනයි. එතකොට ඒ අය අතින්ම ඒ පින්කම් සිද්ධ වෙනවා. මැරිලා පින් ගන්න බැරි තැනක ඉපදුනොත් අපි දෙන පින් වලින් ඒ අයට වැඩක් නැහැ. අඩුතරමින් මැරෙන්න කලින් ඒ අයගේම අතින් සාංඝික දානයක් දෙන්න. දෙමව්පියන්ව සූරා නොකා මේ විදිහට දානයට පුරුදු කරාම ඔබේ ණය ගෙවිලා යනවා.
අවසාන කාරණය තමයි ප්‍රඥාව. දෙමව්පියන්ව ධර්මය උගන්වන, සමත, විදර්ශනා භාවනා වැඩසටහන්වලට සහභාගී කරවන්න. ප්‍රඥාව නැතිනම් වෙන මොනා තිබුනත් වැඩක් නැහැ. ඔබ ඔවුන්ගෙන් ධර්මය විමසන්න. එතකොට ඔවුන් තව උනන්දු වෙනවා. ත්‍රිලක්ෂණය ගැන දහම් පොත පත ඔවුන්ට ගෙනත් දෙන්න. ප්‍රඥාව කියන සේම බලය දෙමව්පියන් තුළ ඇතිකරවන්න.
මේ සේම බල පහ දෙමව්පියන් තුළ ඇතිකරවන්න උපකාර කරන දරුවන්ගේ සියලුම ණය ගෙවිලා යනවා. මේ දේවල් වලට හුරුවෙන දෙමව්පියන් සුගතිගාමී වෙනවා. නිවන් මගට, මාර්ගඵල අවබෝධයට පත්වෙනවා. අන්න ඒ නිසයි මේ දේවල්වලින් දෙමව්පියන්ට ඔබ ඇති ණය ගෙවිලා යන්නේ
------ Post added on Sep 21, 2023 at 3:17 AM