මහමගදී වාහනය හැප්පුනොත් මේ දේ කිරීමෙන් ඔබේ මුදලත් වටිනා කාලයත් බේරා ගන්න

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    අපි කොතරම් නිවැරදි ලෙස පාරේ ගියත් එක නොසැලකිලිමත් ලෙස රිය පදවන්නෙකුට පුළුවන් එක තත්පරෙන් අපට හානියක් කරන්න. ඉතින් ඔබට අනතුරක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් මනා ලෙස ක්‍රියා කිරීමට මේ පහත තොරතුරු ටික හරි හැටි මතක තබා ගත්තොත් ඔබට වාසියි.

    1. නවත්වන්න, සන්සුන් වන්න

    අනතුරක් වූ සැනින් වාහනය එතනම නවත්වන්න. වරද සිදු වුයේ කාගෙන් වුවත් ඔබ ඊට ප්‍රථමයෙන් සංසුන් වන්න. එය දෙපාර්ශවයටම වටිනනවා. ගත යුතු ක්‍රියාමාර්ග නිසි අයුරින් ඉටු කිරීමටද, අත්වැරැදීම් අඩු කරගැනීමටද මෙය හේතු වේවි. අනෙක් පාර්ශවය කළහ කාරී ලෙස හැසිරුනත් ඔබ සංසුන් වීම බොහෝ විට ඔබේ පැත්තට වාසි දායක වන්නට පුළුවන්.

    2. ඉක්මනින් පරීක්ෂාකාරී වන්න

    ඔබේ ශාරීරික තත්ත්වය, වටපිටාව, අනතුර හා සම්බන්ධ අන් අයගේ ශාරීරික තත්ත්වය, වාහනවල පිහිටීම, අනතුර සිදු වූ විට ඊට සම්බන්ධ අන් වාහනවල රියදුරන් ගැන ඉක්මනින් පරික්ෂාකාරී වී ක්‍රියාත්මක වන්න.

    රියදුරන් මාරු කිරීම නොයෙක් හේතුන් මත සිදුවන අතර, ඔබේ අයිතීන් රැකගැනීමට හා යුක්තිය ඉටුකරගැනීමට, මේ ගැන සැලකිලිමත් වන්න. අනතුරට සම්බන්ධ වාහනයක් හෝ යමෙකු එතැනින් ලහියේ පිටත්ව යනවානම් වාහන අංකය හෝ එම පුද්ගලයාගේ ගතිලක්ෂණ, ඇඳුම මතක තියා ගන්න. හැකි නම් ඉක්මනින් කෙටි සටහනක් කරගන්න.

    3. ප්‍රවේසම් වන්න

    අනතුර සිදුවුයේ රැයකදී නම් වහාම විදුලි පන්දම් මගින් අදාළ ස්ථානය ආලෝකමත් කිරීමට වග බලාගන්න.

    4. රෝගීන් සිටිනවා නම් ඊට පිළියම් යොදන්න

    මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන්න.

    වාහන වලට මොනවා උනත් ඒවා හදා ගන්න පුළුවන්. එහෙත් මනුස්ස ජීවිතයක් එහෙම නෙවෙයි. ඒ නිසා අනතුර වූ සැනින් තුවාල කරුවන් ඇතිදැයි සොයා බලන්න. එසේ සිටිනවා නම් ඔවුන්ව ඉක්මනින් රෝහල් ගත කිරීම වැදගත්. අනෙක් අතට ඔවුන්ගේ තත්වය අනුව ඔවුන්ව පිටත් කර හරින අන්දම හා වාහනය ගැන විමසිලිමත් වීම වැදගත්වෙනවා. නිදසුනක් ලෙසට කොඳු ඇට පෙලට හානි වූ යමෙකු නොසැලකිලිමත් ලෙසට උස්සා ත්‍රී රෝද රථයක් වැනි කුඩා වාහනයකට දෙකට තුනට නවා පිටත් කර හැරීම සුදුසු වන්නේ නැහැ. වහාම 110ට දුරකතයෙන් අමතා හෝ අසල පිහිටි රෝහලට අමතා ගිලන්රථයක පුහුණු වෛද්‍ය නිලධාරීන් එතැනට ගෙන වඩාත්ම යෝග්‍ය වේ. මේ සේවාවට සම්බන්ධ නිලධාරීන් මෙවැනි අනතුරුවලදී විශේෂඥ සේවාවක් සැපයීමට පුහුණු වී ඇත. ඔවුන් පැමිණීමට ගත වන කාලය අසා ඉදිරි තීරණ ගන්න. එම පුද්ගලයාව පුළුවන්තාක් නිශ්චලව තැබීම, අත්‍යාවශ්‍ය නම් කොඳු ඇට පෙල සහ ඔලුව හැකි තාක් එහාට මෙහාට නොවන අන්දමට මනා ලෙස ඉඩ ඇති වාහනයකට දමා, වාහනයේ නිසි අයුරින් ස්ථානගත කිරීම වැදගත් වේ.

    5. සලකුණු කරන්න

    ඉන්පසු වහා පැමිණ වරද වුයේ කාගෙන් වුවත් වාහන දෙකේම රෝද පිහිටුම සලකුණු කරන්න. ළඟ ඇති ෆෝන් එහෙකින් විවිධ කෝණවලින් පින්තූර, විඩියෝ ගන්න. හැබැයි, අදාළ වාහන දෙකේම අංක තහඩු සටහන් වන ලෙසින් පින්තුර ගන්න අමතක කරන්න නම් එපා. ඉන්පසුව වාහන දෙකම මාර්ගයෙන් ඉවතට ගන්න. අනතුර වූ තැනම වාහනය නතරකරගෙන සිටින්නේ අතීතයේදී. දැන් රෝද ලකුණු කල පසුව වාහන ඉවතට ගත යුත්තේ දෙපසින් එන වාහන වලට මේ නිසා බාධා විය හැකි බැවින්. අනතුර සිදුවූ අයුරු පෙන්විය හැකි CCTV කැමරා රජය විසින් හෝ අසල වෙළඳ සැලක පිහිටුවා තිබිය හැකි බවද සැලකිලිමත් වන්න.

    6. පොලීසියට හා රක්ෂණයට කතා කරන්න

    රෝද සලකුණු කිරීමෙන් පසුව පොලීසිය ළඟ පාතක නැති නම් වහාම 119ට ඇමතුමක් දී සිදුවීම පැහැදිලි කරන්න. අනතුරු පිළිබඳව පොලිස් වාර්තාවක් කිරීම නීතිමය අවශ්‍යතාවයක් වන බැවින්, මේ පිළිබඳව පොලිස් නිලධාරියාගෙන් විමසීමට අමතක කරන්න එපා. යමෙකුට තුවාල වී ඇත්නම් හෝ වාහන හා අවට දෙපළට විශාල හානියක් වී ඇත්නම්, පොලිස් වාර්තාවක් කිරීම ඉතා යෝගය වනු ඇත. අන් පාර්ශවය බීමත්ව සිටින බව ඔබට සිතෙන්නේ නම්, පොලීසියට ඒ බව වහා දැනුවත් කර අදාළ පරික්ෂාව පොලිස් ස්ථානයේ වැඩි කල් යාමට පෙර එදාම සිදු වන්නේ දැයි සැලකිලිමත් වන්න.

    රක්ෂණ නියෝජිතයාට ඇමතීමද වැදගත් වේවි. එවිට අදාළ පාර්ශව දෙපාර්ශවයට ලැබිය යුතු වන්දි ගැන වැඩි දුර විස්තර කතා කරගන්න පුළුවන්. රක්ෂණ නියෝජිතයාගෙන්ද පොලිස් වාර්තාවක් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විමසන්න.

    මෙයට අමතරව ඔබ වාහනයේ රක්ෂනය කිරීමේදී වාහනයේ මුළු වටිනාකමට ගැලපෙන පරිදි රක්ෂණය යොදන්නට සැලකිලිමත් වන්න. මෙයට හේතුව වන්නේ අනතුරකදී ඔබේ වහනය සම්පුර්ණයෙන් ම විනාශ වුවොත් ඔබට ලැබෙන්නේ ඔබ රක්ෂණය කල වටිනා කමට මිසක් වාහනයේ හා අමතර කොටස්වල වෙළඳපොල වටිනාකමට අදාළ වන්දි නොවන නිසයි.

    තවද ඔබ වහනය අනතුරින් පසුව ගරාජයක් වෙත රැගෙන යන්නේ නම් එසේ රැගෙන යන්නට පෙර එම ගරාජය ඔබේ රක්ෂණ සමාගම විසින් සිය ලැයිස්තු වලින් ඉවත් කල එකක්ද නැද්ද යන්න ගැන සැලකිලිමත් වන්න. මක් නිසාද යත් , එසේ වුවහොත් ඔබට රක්ෂණ වන්දි මුදල් ලබාගන්නට අපහසුව ගෙන දෙන නිසයි. අදාළ කාර්මිකයා විසින් වාහනයේ සියලුම හානි වූ අංග සම්බන්ධයෙන් ලැයිස්තුවක් ගෙන ඇතිදැයි පරික්ෂා කාරී වන්න. එසේ නොවුනහොත් පසු කාලීනව වහනය ලෙඩ දෙන්නට ගත්විට ඔබේ සාක්කුවෙන් මුදල් වියදම් වීම නවත්වන්නට සක්කරයටවත් බැරි වේවි.

    7. නිවැරදි වාර්තාවක් ඔබ සතුව තියා ගන්න

    අනතුර සිදුවුයේ කෙලෙසද යන්න ගැන පැහැදිලි වාර්තාවක් ඔබ සතුව තියාගන්න. සමහර විට එය වාහනයේ හැපුණු අවසථාවේ ගත්තු පින්තුර, විඩියෝ කිහිපයක් වන්නට පුළුවන්. එහෙම උනාම අදාළ පාර්ශව වලට සාක්ෂි වෙනස් කරන්නට ඇති හැකියාව බොහොම අඩුයි. රක්ෂණ නියෝජිතයා හෝ පොලීසිය පැමිණෙන්නට පරක්කු නම් මේ පින්තුර, විඩියෝ ඔබට බොහෝ වැදගත් වේවි.

    මෙයට අමතරව අසල CCTV කැමරා එසේත් නැතිනම් ඔබ වාහනය සතුව හෝ අනෙක් පාර්ශවය සතුව ඉදිරිපස කැමරාවක් (dashboard camera) සවි කර ඇති නම් එහි සටහන් වූ දෙය ලබාගන්න. එය ඔබට සාක්ෂියක් ලෙස භාවිතා කරන්නට පුළුවන් වේවි. මෙවන් කැමරා දැන් ලංකාවේ බොහෝ දෙනෙක් අතර භාවිතයට පත් වෙමින් පවතින අතර, ඒවායින් පටිගත කර දර්ශන කිහිපයක් Sri Lankan Traffic Violations Facebook පිටුවෙන් නැරඹිය හැක.

    දෙපාර්ශවය අතර සිද්ධිය බේරුම් කිරීමට එකඟ වන්නේ නම්, එම එකඟතාවය, වරද පිළිගැනීම, බැලූ බැල්මට සිදුවූ හානිය, ගරාජයේ තව හානි මතුවීමට ඇති යැයි තේරුම් ගන්නා බව, මුදල් ගෙවීම් සිදුවන අන්දම, නැවත හමු වන දිනය හා ස්ථානය, පාර්ශවයනේ ලිපින, දුරකථන නොම්බර, හැඳුනුම්පත් අංක, දිනය හා වෙලාව වැනි විස්තර ලියා සටහන් කර අත්සන් තබා ගන්න. ඔබ සතුව මුල් පිටපතක් තබා ගන්න.

    8. නිවැරදිව ගොණු ගත කරන්න

    අනතුර සම්බන්ධයෙන් දෙපාර්ශයවටම සාධාරණයක් වනතුරු සිදුවීමට අදාළ සියලු තොරතරු එක ගොනුවක් යටතට ගන්න. එවිට ඒ සම්බන්ධයෙන් මොන ක්‍රියාකාරකමකදී හෝ ඔබේ කාලය ඉතිරි කරගන්නට හැකිවේවි.

    9. ඔබේ අයිතීන් ආරක්ෂා කරගන්න

    වාහන හිමිකරුවෙකු ලෙස ඔබ ඉහත සියල්ලම නිසි අයුරින් ඉටුකර තියෙ නම් ඔබේ අයිතීන් ගැන බිය වීමට දෙයක් නැහැ. සන්සුන්ව, පිළිවෙලට සහ තැනට සුදුසු දේ කිරීම ඔබව නිතිය තුලදී ආරක්ෂා කරාවි.

    Aniwa.lk වෙතින් උපුටා ගැනීමකි :)
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,053
    6,184
    113
    1662274095820.png

    පූසෙක් හැප්පුනොත් මොකද කරන්නෙ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    ඔවා හිත,හිත ඉන්න වේලා නැති වෙයි බන් ඔකුන් වාහනේ ගිනි තියන්න කලින් මාරු වේයන්
    අඩුකුලේ එවුන් ටිකක් සෙට් වුණොත් නම් ඉතින් ඕක තමයි කරන්න තියෙන්නෙ 😂
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,852
    113
    Bump
    රෝද සළකුණු කරන්න නම් චෝක් කෑල්ලක්වත් වාහනේ දාගෙන ඉන්න වෙනවා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    Bump
    රෝද සළකුණු කරන්න නම් චෝක් කෑල්ලක්වත් වාහනේ දාගෙන ඉන්න වෙනවා.
    පාරේ ගඩොල් කෑල්ලක් වගේ තිබ්බොත් ගේමක් ගහගන්න පුළුවන් නේ?
     
    • Like
    Reactions: S_M_S

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,775
    2,589
    113
    Invalid
    අනිත් එකාට කොච්ච්ච්ර අමාරු උනත් උඹේ වාහනෙන් hospital යන්න ලෑස්තිවෙන්න එපා
    මාරු කට්ටක් සෙට්වෙන්නේ