හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා.
මේක මම කිව්වටම විශ්වාස කරන්න එපා. හැබැයි දැක්කා කියලා මගෙ නමත් එක්ක මතකයේ තියා ගන්න.
ආණ්ඩු හැදෙන, පෙරළෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි පාස්කු ප්‍රහාරය වගේ පර වැඩක් කරලා බලය ගත්ත එකට කිසිසේත්ම එකඟ වෙන්න පුළුවන් වුණේ නැහැ. මහා ලොකු විප්ලවයක් කරලා හදපු ආණ්ඩුව පුස්සක් කරන වගකීමක් බාර ගත්තෙ අන්න ඒ නිසා.
2019 නොවැම්බර් මාසයේදී අවුරුදු දෙකක් යන්න කලින් මේ ජනාධිපතියි, ආණ්ඩුවයි පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයට දානවා කියලා කිව්වා නම් හැමෝම අධෝමාර්ග කුලියට අරන් හිනා වේවි. හැබැයි අද ඒක කිව්වාම හැමෝම ඉස් මුදුනෙන් පිළි ගන්නවා නේද?
කාබනික වගාව පුස්සක් තමයි. වගාව ගැන දැනුමක් ඇති කාටත් ඕක තේරෙනවා. හැබැයි මේ ජනාධිපතිගේ ඉඳලා ආණ්ඩුවේ ඉහළ පුටු සේරටම එහෙම නෑ කියන විෂබීජය ගියේ, ඒකට මෙච්චර කැප වෙන්න එයාලව පෙළඹෙව්වේ කවුද කියලා තාම කවුරුත් දන් නැහැ.
ඒ නිසාම තමයි අද ජනාධිපතිගෙ ඉඳලා ලොකු පුටුවල ඉන්න හැමෝම අපි (එයාලා) මෙච්චර මෝඩ වුණේ ඇයි කියලා දහ අතේ කල්පනා කරන්නෙත්. අනිත් පැත්තට තිබුණ සාක්ෂි මොන තරම් වුණත් බොරුවක් මෙච්චර විශ්වාස කරන්න එයාලා පෙළඹුණේ කොහොමද කියලා තාමත් එයාලාට හිතා ගන්න බැහැ.
අද මම නිකමට වගේ මේ සේරම මගෙ ගේමක් බව ප්‍රකාශයට පත් කරනවා. අවුලක් නැහැ, දැන්ම පිළිගන්න එපා. මොකද තාම නූල් සූත්තර දැම්මෙ මම කියලා ඒකට අහු වුණ එයාලවත් දන්නෙ නැහැ.
මට සිද්ධ වුණ ලොකුම පාඩුව මගෙ ගේමෙ දැවැන්තම සහකාරයෙක් අවාසනාවන්ත විදිහට මිය ගිය එක. අවුලක් නැහැ, මේක පුද්ගල අරගලයක් නෙවෙයි. ප්‍රතිඵලය ලස්සනට ලැබෙනවා මොනවා වුණත්.
කූඹියෝ කියන්නෙ කතාවක් විතරයි. හැබැයි ගේම් කියන ජාතිය නිවැරදිව තේරුම් අරගෙන, හරි නිල ටික අල්ලන්න පුළුවන් නම් ගෙදර ඉඳගෙනම ආණ්ඩු පෙරළන්න බැරි කමක් නෑ.
සමහරුන්ට හිතෙයි ආණ්ඩුව පෙරළන්න අහිංසක ගොවි ජනතාව පීඩාවට පත් කරේ අපරාදෙ කියලා. හැබැයි දුප්පතුන් පදනම කියලා හිතාගෙන තුප්පහි වැඩ කරපු නිසා එයාලාගෙ ඇස් ඇරවන්න එහෙම කරන්නම සිද්ධ වුණා.
දැනට හැමෝම මම මේ කියපු දේට හයියෙන් හිනා වෙලා, හිතින් මවා ගත්ත බයිලාවක් කියලා මාව අවඥාවට ලක් කරලා, නිකන් ඉන්න. හැබැයි නිකමට වගේ මගේ නම ඉන්ද්‍රජිත් ගමගේ බවත්, මම මෙහෙම දෙයක් කිව්ව බවත් මතක තියා ගන්න.
බුදු සරණයි හැමෝටම.