මහින්දානන්ද ජනපතිගේ කෝපයට ලක් වේ.. කරනවා නම් හරියට කරන්න නැත්නම් යන්නැයි කියයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,831
    23,283
    113
    27
    ලොවෙත් නැති තැනක
    ඇල්ලේ හිමියන් බැහැදැක පැමිණි විගස ජනාධිපති ගෝඨාභය කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දුරකථනයෙන් අමතා ඇත. ආරංචි මාර්ග පවසන පරිදි කාබනික පොහොර පිළිබඳ මේ වන විට සමාජයේ ඇති වී ඇති අප්‍රසාදය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයාට දොස් පවරා තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයාට තිබුණු තදියම පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී දැඩි සේ වි‍වේචනය කර ඇත.

    ජෙනරාල් සුමේධ පෙරේරා යනු යාපනේ කොටුව කොටි ග්‍රහණයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම හා සරසාලේ යුද මෙහෙයුම දියත් කළ රණ විරුවා වේ. ඒ හැමටම වඩා සුමේද පෙරේරා කෘෂිකර්මාන්ත පිළිබඳ හසල දැනුමක් ඇති මහා ගොවියකු ලෙසද ප්‍රචලිතය.
    දුම්බර මිටියාවතේ ඔහු විසින් වගා කර ඇති මහා කෙත් යාය ඊට කදිම උදාහරණ සපයයි. නමුත් මහින්දානන්ද දිගින් දිගටම පසු ගිය කාලේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ සුමේධ එක්ක මේ කාබනික පොහොර ව්‍යා පෟතිය කරන්න බෑ. එයට තමන්ගේ මිනිහෙක් දාගන්න ඕන කියාය.

    අවසානයෙදී ජනාධිපතිවරයා මහින්දානන්දගේ වදෙන් ගැලවෙන්න බැරි තැන සුමේධ ඉවත් කර මහින්දානන්දට අවශ්‍ය කෙනා දා ගැනීමට ඉඩ සැලසීය. (මේ මරු ඩයල්නේ බන් . ඇවිටිලි කරාලු දුන්නලු. විහිළු සාගරයක්නේ බඩු කෑල්ල)පත් වූ වහාම මහින්දානන්දගේ ලේකම් කාබනික පොහොර ගැන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ‘‘It’s a simple thing, sir’’ කියායි. රටට අවශ්‍ය කාබනික පොහොර සියයට සීයම රට තුළ නිෂ්පාදනය කළ හැකි බවට ඔවුහු පම්පෝරි ගැසීය. නමුත් දිගින් දිගටම දිග්ගැස්සෙන පෝර අර්බුදය හමුවේ ගොවි උද්ඝෝෂණ දිනෙන් දින වැඩි වන විට මහින්දානන්ද හා ඔහුගේ ලේකම් කියා සිටියේ රටේ පෝර අවශ්‍යතාවෙන් සියයට 25ක ප්‍රමාණයක් පමණක් ඔවුනට නිපදවිය හැකි බවයි.

    මේ සියලු දේ බලා සිටි ජනාධිපතිවරයා අවසානයේ මහින්දානන්දව ඇමතීය.

    ‘‘මහින්දානන්ද, ඔයා මට කිව්වනේ සුමේධ එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. එතුමා අයින් කරලා දෙන්න කියලා. කෝ දැන් එතුමා නැති වුණාම ඔයා වැඩේ හරියට කළාද? මම ඔයාට කිව්වනේ මේ වැඩේ ගැන දැනුම් තේරුම් තියෙන මිනිස්සු ටිකක් දාගෙන මේ වැඩේ පටන් ගන්න කියලා. නමුත් ඔයාට තාමත් මේ වැඩේ කරන්න බැරි වුණා. මේ වැඩේ කරන්න පුළුවන් මිනිහාවත් ඔයා අයින් කර ගත්තා. මේ ගැන මට ආයිත් වතාවක් කතා කරන්න තියන්න එපා. කරුණා කරලා මේ වැඩේ හරියට කරන්න. නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා’’ (ඔක්කොම කෙලවෙලා හම්බක් වෙලා ගියාට පස්සේ ලොරි ටොක් දෙනවා. මදැ මෙයා යුද්දේ කරා කියලා කට්ටිය විශ්වාස කරා.)යැයි කියමින් ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කර ඇත.

    https://lankacnews.com/මහින්දානන්ද-ජනපතිගේ-කෝපය/

    “ස’ good මහින්දානන්ද naughty” නරඹන්න, අද වේදිකාගතවන අලුත්ම කොමඩිය.ටිකට් අවශ්‍ය නැත.ඡන්දය පමණක් අවශ්‍යයි.

    ------ Post added on Oct 20, 2021 at 2:11 PM
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,403
    13,047
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ පව්. මට දුක අපේ ඇරෝසන් ගැන. මේකේ ඇඟිලි වල පට්ට යනකන් මහින්දානන්දගේ පොහොර සීන් එක ප්‍රසිද්ද කරා. අපරාදේ දැන් සෑර්ට හොඳටම තරහා ගිහිං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,891
    1
    13,802
    113
    සර් එක්ක බෑ කියලා කිව්වේ ඕක තමයි. දැන් නම් අමැතියට හරියට වැඩ කරන්න වෙයි නැත්නම් දොට්ට
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,193
    2,763
    113
    පුරුදු පරිදි තමාම රෙද්දේ රී ගත් පසු තවකෙකුට ඇඟිල්ල දික් කර, මූ තමයි මම මේ ඇඳන් ඉන්න කළිසමේ රීවේ කියා පුප පිස ගැනීම සඳහා කරන ලද ප්‍රකාශයකි.. 🤣🤣🤣🤣
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,673
    113
    Crooked Island
    පුරුදු පරිදි තමාම රෙද්දේ රී ගත් පසු තවකෙකුට ඇඟිල්ල දික් කර, මූ තමයි මම මේ ඇඳන් ඉන්න කළිසමේ රී වේ කියා පුප පිස ගැනීම සඳහා කරන ලද ප්‍රකාශයකි.. 🤣🤣🤣🤣
    උන්ගේ (මහින්දානන්ද) ජොබ් එකත් ඒකනේ, ඊට වඩා වැඩිදෙයක් කරන්න පුලුවන්ද?
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,114
    22,525
    113
    මිනිස්සු දවසගානේ එයාට කියන එක ඒ විදිහටම එයා මහින්දානන්දට කියලා නේද??? 😁😁
     
    • Haha
    Reactions: topkollek

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,057
    5,236
    113

    “ස’ good මහින්දානන්ද naughty” නරඹන්න, අද වේදිකාගතවන අලුත්ම කොමඩිය.ටිකට් අවශ්‍ය නැත.ඡන්දය පමණක් අවශ්‍යයි.​

     
    • Haha
    Reactions: DjAnomaly