මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තනතුරුවලට ලෝභී වුණොත් මෙවැනි දේවල් විඳීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
සුදුසු වේලාවේදී තනතුරුවලින් ඉවත් වීම වැදගත් බවද ඔහු කීවේය.
චමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය. මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් වසර 50 ක පමණ කාලයක් ලොකු සේවයක් කර ඇතැයිද හෙතෙම පැවසූවේය.
රාජපක්ෂවරුන් වසර අනූවක පමණ කාලයක් රට වෙනුවෙන් සේවය කර ඇති බව පැවසූ චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂවරුන් අදටත් ජනතාව ඉහළින් පිළි ගන්නේ අවංකව දේශපාලනය කළ නිසා බවද ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා පුදුම වාසනාවන්ත පුද්ගලයකු බවත් 2015 වර්ෂයේදී අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් තබාගෙන අගමැති ධූරයට පත්වූ ඔහු අද එක මන්ත්‍රීධූරයකින් අගමැති බවට පත්වී ඇතැයිද සඳහන් කළේය.
සියලුම ක්‍රියා ඇති වුණේ අරගලකරුවන්ට ඩ්පඩ්හඩ්රදීමෙන් පසුව බව පැවසූ මන්ත්‍රීවරයා එය වැරදි උපදෙස් නිසා සිදුවූවක් බවද ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේදී කිසියම් උසි ගැන්වීමක් සිදුවූ බවද හෙතෙම පැවසුවේය.
ඉවසීමක් නැතිකම නිසා මේ දේවල් සිදුවූ බවත් සියලු සිද්ධීන්වලට මෙතන සියලු දෙනා වගකිවයුතු බවත් රාජපක්ෂ මහතා කීවේය. අරගලකරුවන්ට පඩ්හෆ්ර දීමට ගිය පුද්ගලයන් නතර කිරීමට පොලීසිය කටයුතු නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව පැවසු මන්ත්‍රීවරයා එසේ නියෝග නොදුන්නේ ඇයි දැයි සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.
මේ අරගලය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය බවත් එය කිසිවකුටත් රහසක් නොවන බවත් ඔහු සඳහන් කළේය. ආර්ථිකය බිඳ වැටීමට නිලධාරීන්ද වගකිව යුතු බවත් ඍණ ආර්ථිකය සහ ණය ආර්ථිකය සකස්වූයේ වන පී බී ජයසුන්දර මහතා ආර්ථික උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේදී බවත් ඔහු කීවේය.