හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. (ඇත්තටම වැදගත් දෙයක්.
)
මුලින්ම නිවේදනය නිකුත් කරන්න තිබුණ හැටියට උදාහරණයක්. මෙහෙම කිව්වා නම් වැඩි පිරිසකට නිකන්ම තේරෙනවා. ඉගෙන ගන්න තියෙන එකම වචනය ද්‍රවශීලතාව විතරයි. ද්‍රවශීලතාව කියන්නෙ මොකක් හරි වටිනා දෙයක් ඒකෙ වටිනාකමට හානියක් නොවී මුදල් බවට පත් කරන්න තියෙන හැකියාවට.
*******
"මහ බැංකුවේ නිල සංචිත කළමනාකරණයේදී සහ, ඒවායේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලදී විවිධ සංචිත වර්ග අතර අනුපාතයේ අඩු වැඩි වීම් සිදු වේ. සියලු සංචිත වර්ග බුද්ධිමත් ලෙස කළමනාකරණය කිරීම මහ බැංකුවේ අරමුණ බැවින්, කාලීන අවශ්‍යතා අනුව රන් මිලදී ගැනීම හෝ අලෙවිය හරහා, සමස්ථ සංචිත ප්‍රමාණය වඩාත් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීම සිදු වේ. සංචිතවල ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව නිසා 2021 වර්ෂය අවසානය වන විට, රන් සංචිත වැඩි ප්‍රමාණයක් වඩාත් ද්‍රවශීල වෙනත් සංචිත බවට පරිවර්තනය කර ඇත. ඉදිරියේදී මහ බැංකුව සිය රන් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි."
********
සරලවම කිව්වොත් කතාව මෙච්චරයි. පවතින තත්ත්වය යටතේ මහබැංකුවට තියෙන විවිධ සංචිත වර්ග (රත්තරන්, ඩොලර් ඇතුළු විදේශ මුදල්, විදේශ තැන්පතු, භාණ්ඩාගාර බිල්පත් වගේ) ටික සමස්තයක් විදිහට ගත්තාම ඒකෙ ද්‍රවශීලතාව අඩුයි. ඒ කියන්නෙ ඒවා වටිනාකමට හානි නොවී මුදල් බවට පත් කරගන්න තියෙන හැකියාව අඩුයි.

මේ පරිච්ඡේද දෙක ද්‍රවශීලතාව ගැන පැහැදිලි කිරීමක්. ද්‍රවශීලතාව කියන දේ දන්නවා නම් කෙළින්ම ඊළඟ පරිච්ඡේදයට යන්න.

වටිනාකමට හානියක් වීම කියන්නෙ මුදල් කිරීම සඳහා විකුණුවාම අගය පහළ බහින එක. උදාහරණයක් විදිහට හිතන්න ඩඩ්ලි මහත්තයාට හාල් ටොන් ලක්ෂයක් ගබඩාවෙ තියෙනවා කියලා. වෙළඳපොළේ හාල් කිලෝ එකක තොග මිල රුපියල් 100 යි නම් ඒකෙ වටිනාකම ලක්ෂ 100 ඒවා 1000 ක් හෙවත් රුපියල් කෝටි 1000 යි කියලා හිතන්න පුළුවන්, එහෙම නේද? හැබැයි ඔය ටොන් ලක්ෂයම එකපාර වෙළඳපොළට දැම්මොත් හාල්වල මිල බැහැලා තොග මිල රුපියල් 60-70 විතර පහළ වැටෙන්න පුළුවන්. එතකොට විකිණීම කියන සිද්ධිය නිසාම ඩඩ්ලි මහත්තයාගෙ හාල් සංචිතයෙ වටිනාකම කෝටි 1000 ඉඳලා 600-700 ට බහිනවා. (ලේසි ඉලක්කම් උදාහරණයට ගත්තෙ, මේ මිලට හාල් නෑ තමයි.
)
අනික් දේ තමයි අලෙවියේ පහසුව. ඩඩ්ලි මහත්තයා හාල් නැතිව පිදුරු ටොන් ලක්ෂයක් තියා ගත්තා කියලා හිතමු. එයා ඒක එකපාර මාකට් එකට දැම්මාට කීයටවත් සේරම විකුණගන්න බැහැ නේද? ද්‍රවශීලතාව ඉහළ සංචිතයක් කියන්නෙ අන්න එහෙම නැතිව, ඔක්කොම වුණත් වටිනාකමට හානි නොවී, පහසුවෙන් විකුණන්න පුළුවන් දේවල්වලට.

හරි, දැන් එහෙනම් ද්‍රවශීලතාව කියන එක තේරුම් යන්න ඇතිනෙ. මහබැංකුවෙ දැන් තියෙන සංචිත ජාති බොහෝමයක් එහෙම විකුණපු ගමන් වටිනාකම අඩු වෙන ඒවා සහ විකුණුවාට කවුරුත් ගන්න ලොකු උනන්දුවක් නැති ඒවා. ඉතින් ද්‍රවශීලතාව වැඩි සංචිත ප්‍රමාණය ටිකක් වැඩි කරගන්න, රන් සංචිත යම් ප්‍රමාණයක් අලෙවි කරලා, ඒ මුදල් වෙනත් සංචිත බවට (උදා විදේශ මුදල්) බවට පත් කරගන්නවා. එතකොට ඔක්කොම සංචිත එකතුව උවමනා වෙලාවට මුදල් බවට පත් කරන්න පහසුයි වගේම වටිනාකමට හානි නොවී තියා ගන්නත් පුළුවන්.
ඉතින් අවසාන වශයෙන් සරලව කිව්වොත් මහ බැංකුව රන් සංචිත බාගෙකටත් වඩා විකුණලා කියන කතාව 100% ක් ඇත්ත. මොන වැල් වටාරම් කතා කිව්වත් තේරුම ඒකයි. හැබැයි මේකෙන් කියන විදිහට ඒ විකුණලා ගත්ත සල්ලි ටික ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහෙ යම් සංචිතයක් බවට පත් කරලා තියෙනවා. විකුණලා ගත්ත සල්ලි නාස්ති කරනවාට වඩා ඒක චුට්ටක් විතර හොඳයි.
එහෙම නම් දැන් කතාව ඕනම කෙනෙක්ට තේරෙන්න ඇති. අනිත් අයටත් දකින්න share කරන්න. Copy paste කරනවා නම් නමත් එක්කම දාන්න. ස්තූතියි.
ඉන්ද්‍රජිත් ගමගේ
P. S. මේකත් කලින් දාපු කවලම් පෙට්‍රල් thread එක වගේම සමහර විට මකලා දාවි. එහෙම වුණොත් මගෙ page එකේ දාලා තියෙනවා.