මෙච්චර හෑල්ලක් ලියපු එකේ කියපන් අර්ජුන්ලට මොනවද දීපු දඬුවම්?View attachment 234817
ගොබෙල්ස් න්‍යාය කියල එකක් දේශපාලකයො නිතරම භාවිතා කරනවා ඔබ අහලා ඇති. මේ ගොබෙල්ස් කියන්නෙ පුද්ගලයෙක්. එයා තමයි ජර්මනියේ හි|ට්|ල|ර් ගෙ හිටපු මාධ්‍ය ප්‍රධානියා. එයාගෙ ප්‍රතිපත්තිය තමයි එකම බොරුව මාධ්‍ය තුලින් නැවත නැවත ජනතාවට අහන්න සැලැස්වීම මගින් පුද්ගල උප විඤ්ඤාණය තුල " මේ කියන්නෙ ඇත්ත වෙන්න ඇති" කියන සිතුවිල්ල ඇති කිරීම. එහෙම තමයි එයා නාසි හමුදාව කරපු අපරාධ වසන් කරේ. ඒ මාධ්‍ය භාවිතා ක්‍රමයට තමයි අද ගොබෙල්ස් න්‍යාය කියන්නෙ. ඒ කියන්නෙ එකම බොරුව කියලා කියලා ඒක ඇත්ත කියල පිලිගන්න මහජනතාව පෙළඹවීම.අනුර කුමාර පවා මේ ක්‍රමය තමයි අනුගමනය කරන්නෙ.
රනිල් මහ දවල් මහ බැංකුව කැඩුවා. සල්ලි ලොරි වල පටවාගෙන ගියා වගේ එකක් තවම ඔළුවෙ තියෙනවා නම් ඒකට හේතුව ඔබ මෙන්න මේ ගොබෙල්ස් න්‍යායට හසු වීම.
ඇත්තටම මහ බැංකුවේ හොර කමක් සිද්ධ වුනාද ? නැහැ
මහ බැංකුවේ හොරකම් කරන්න ,ලොරි වල පටවන් යන්න liquid money නෑ.
හැබැයි මහ බැංකුවේ වංචාවක් සිද්ධ වුනා. ඒ නිසා රජයට පාඩුවක් සිද්ධ වුනා.ඒක ඉතාම සරලවම පැහැදිලි කරොත් මෙහෙමයි.
රජයට මාසිකව රාජ්‍ය සේවක පඩි ගෙවන්න වගේ වියදම් සඳහා මුදල් අවශ්‍යයි. ඒ සඳහා මුදල් නැත්නම් කරන්න තියෙන්නේ සල්ලි අච්චු ගහන්න ඕනෙ (සල්ලි අච්චු ගහනවා කියන්නෙ නෝට්ටු ප්‍රින්ට් කරනවා කියන එක නෙවෙයි) නැත්නම් ණයට ගන්න ඕනෙ. සල්ලි අච්චු ගහන එක හිතුමතේ කරන්න බෑ උද්ධමන වේගය වැඩි වෙලා බඩු මිල ඉහළ යනවා. ඉතින් රජය වෙනුවෙන් මහ බැංකුව මුදල් ණයට ගන්නවා.
සරලව කිවුවොත් බැඳුම්කර කියන්නෙ රජය එහෙම පොලියට සල්ලි ගන්න ක්‍රමයක්(බැඳුම්කර ආයෝජනය ගැන මීට වඩා විස්තර කරලා කියන්න පුළුවන් නමුත් ඒක මේ ලිපියට වැදගත් නෑ) . එහෙම රජයට සල්ලි පොලියට දෙන්න රාජ්‍ය බැංකු සහ තවත් ලියාපදිංචි සමාගම් කිහිපයක් තියෙනවා. එයාල තමයි පොලී මුදලාලිලා සෙට් එක.රජයට මුදල් අවශ්‍ය වුනාම මහ බැංකුව නිවේදනයක් නිකුත් කරනවා අපිට මෙන්න මෙච්චර මුදලක් අවශ්‍ය වෙනවා.ඒ සඳහා බැඳුම්කර වෙන්දේසියක් තියෙනවා, ඔයාලට ඒ ගාන අපිට දෙන්න පුළුවන් පොලී අනුපාතය සහ කොච්චර මුදලක් දෙන්න පුළුවන් ද කියල විවෘත නොකරපු ලිපියක සඳහන් කරලා බැඳුම්කර වෙන්දේසිය දවසට ලංසු ඉදිරිපත් කරන්න කියල. මහ බැංකුවේ ඒ අදාල මණ්ඩලය විසින් වෙන්දේසිය දවසට ඒ ලිපි විවෘත කරලා අඩුම පොලී අනුපාතය සඳහන් කරලා තියෙන සමාගමෙන් පොලියට සල්ලි ගන්නවා. ඒ කියන්නෙ එයාලට බැඳුම්කර විකුණනව.
ඔය පොලියට සල්ලි දෙන එක සමාගමක අයිතිකාරයෙක් තමයි අර්ජුන් ඇලෝෂියස්, හැබැයි ඒ වෙනකොට මහ බැංකු අධිපති හිටියෙ අර්ජුන් ඇලෝෂියස්ගෙ මාමා අර්ජුන් මහේන්ද්‍රන්. එයා රනිල්ගෙ යාළුවෙක් උනාට ඇත්තටම එයාට ඒ තනතුර දරන්න ඕනාවටත් වඩා academic qualifications තියෙනවා.
අර පොලියට සල්ලි දෙන සමාගම් ලංසු ඉදිරිපත් කරන්න පෙර, මහ බැංකුවේ ඒ අදාල මණ්ඩලය රැස්වෙලා තීරණය කරනවා එයාල මුදල් ණයට ගන්න බලාපොරොත්තු වෙන උපරිම සහ අවම පොලියක්. උදාහරණයක් ලෙස 5% ත් 10% අතර ලංසු ඉදිරිපත් වෙලා තිබුනොත් අපි ඒ අයගෙන් පොලියට ගමු වගේ.
ඔය තීරණය කරන අවම පොලිය ලංසු කැඳවන කොට අර සමාගම් වලට කියනවා,අපි ඔයාලගෙන් සල්ලි ගත්තොත් මෙන්න මේ පොලී ප්‍රතිශතය තමයි අපිට ඔයාලට ගෙවන්න පුළුවන් අවම පොලී ප්‍රතිශතය කියල
හැබැයි උපරිම පොලී ප්‍රතිශතය සමාගම් විසින් ඉදිරිපත් කරන ලංසු විවෘත කරන තුරු රහසක් හැටියට තියාගන්නේ. මොකද පොලී කාරයො සෙට් එක දැන ගත්තොත් රජය ණය ගන්න බලාපොරොත්තු වෙන උපරිම පොලී අනුපාතය,උන් අනිවාර්යයෙන් ඒ උපරිම පොලියට තමයි ලංසු ඉදිරිපත් කරන්නේ. ඔය අවම සහ උපරිම පොලිය තීරණය කරන මණ්ඩලය රැස් වෙන තැනට මහ බැංකු අධිපතිටත් යන්න තහනම්.
වංචාව වෙන්නේ එදා මහ බැංකුව විසින් තීරණය කරපු මෙන්න මේ එයාල ණය ගන්න බලාපොරොත්තු වෙන උපරිම පොලී අනුපාතය අර්ජුන් ඇලෝෂියස්ගෙ සමාගමට ලීක් වුනා කියන සැකය. ඒක එහෙම වුනා නම් ඒක විය හැකි ඉහළම සම්භාවිතාව තමයි එයාගෙ මාමා ,මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතින්.
ඕක වෙච්ච දවසේ මහ බැංකු කමිටුව තීරණය කරනවා එයාලට මෙච්චර මුදලක් අවශ්‍යයි , ගෙවන්න බලාපොරොත්තු වෙන අවම පොලී අනුපාතය 9.5% උපරිම අනුපාතය 12.5% කියල. උපරිම පොලී අනුපාතය රහසක් විදිහට තියා ගන්නවා. සමාගම් කිහිපයක්ම ලංසු ඉදිරිපත් කරල තිබුනා 9.5% ත් 10.5% අතර. හැබැයි රජයට අවශ්‍ය මුළු මුදලම එතන තිබුනේ නෑ. හැබැයි අර්ජුන් ඇලෝෂියස්ගෙ සමාගම පොලී අනුපාතය 12.5% ගානෙ රජයට අවශ්‍ය මුදලටත් වඩා වැඩියෙන් ලංසු ඉදිරිපත් කරලා තිබුනා.ඒ කියන්නෙ සැකයක් එනවා අර්ජුන් ඇලෝෂියස් අර රහසක් හැටියට මහ බැංකුව තියා ගත්ත උපරිම පොලී අනුපාතය දැනගෙන හිටියා කියල.
මහ බැංකුව තීරණය කරනවා අර අඩු පොලී අනුපාත ඉදිරිපත් කරපු සමාගම් වල මුදල් ටිකයි, 12.5% ගානෙ ලංසු තියපු අර්ජුන් ඇලෝෂියස්ගෙ සමාගමේ මුදල් ටිකයි සේරම ගන්න.ඒකටත් එයාගෙ මාමා අර්ජුන් මහේන්ද්‍රන් ගෙ බලපෑම් තිබුනා කියල සැක කරනවා. ඕක තමයි සිදු වුන වංචාව.
ඉතාම සරලවම කිවුවොත් රජයට 10% වගේ පොලියට ගන්න තිබ්ච්ච ණය මුදල 12.5% පොලී අනුපාතයට ගන්නවා. ඒකෙන් අර්ජුන් ඇලෝෂියස් අයුතු ලාබයක් ලබනවා.
මේක හොර කමක් නෙවෙයි රජයට කරපු වංචාවක්.රජයට රුපියල් කෝටි 1500ක විතර පාඩුවක් සිද්ධ වුනා වැඩියෙන් පොලී ගෙවන්න වෙන නිසා. පසුව වැඩේ පත්තු වුනාට පස්සෙ අර්ජුන් ඇලෝෂියස්ගෙ සමාගමට අයත් රුපියල් කෝටි 2200 ක බැංකු තැම්පත් රාජ සංතක කරනවා. ඒ නිසා මේ සිදුවීම හා ලංකාවේ ආර්ථික අර්බුදය අතර කිසිම සම්බන්ධයක් නෑ.
මේකෙන් වැඩිම හානිය වුනේ රනිල්ට, ඊට හේතුව අර්ජුන් මහේන්ද්‍රන් එයාගේ යාළුවෙක් වීම. රනිල්ට මිනිස්සු බටලන්ද චෝදනා කරාට කවදාවත් හොරෙක් කිවුවෙ නෑ. රනිල්ට කිවුවෙ Mr.Clean කියලා.අනුර කුමාර පවා වේදිකාවේ මොනවා කිවුවත් ඒක දන්නවා. නමුත් සිරිසේන කියන පහත් ගති ඇති මිනිහා, මේක රනිල්ගෙ ඇඟේ ගහනවා. මේ ගැන හොයපු කෝප් කමිටුවේ ප්‍රධානියා සුනිල් හඳුන්නෙත්ති. කෝප් කමිටුවේ වාර්තාවෙ රනිල්ට කිසිම චෝදනාවක් නෑ. නමුත් එවකට විපක්ෂය මේක කරේ තියාගෙන යනවා.මාධ්‍ය මගින් කියල කියල අන්තිමට ගොබෙල්ස් න්‍යාය මගින් මිනිස්සුගෙ උප විඤ්ඤාණයේ තැම්පත් කරනවා රනිල් බැංකු හොරෙක් කියලා.
රනිල්ගෙ පවුල් පසුබිමත් එක්ක රනිල්ට එහෙම හොරකම් කරන්න අවශ්‍යතාවයක් නෑ.ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාර පවුලක්. ඉන්න ගෙදර පවා ,තමන්ගෙ මරණින් පසු රාජකීය විද්‍යාලයට අයිති වෙන්න ලියපු, රකින්න කියල පරපුරක් නැති මිනිහෙක්ට හොරකම් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියල මම හිතන්නෙ නෑ.
රනිල්ට කඩේ යන පෝස්ට් එකක් බැවින් ජෙප්පන් නොසන්සුන් විය හැක
විනීතව හැසිරෙන්න![]()
ඒක නෙවෙයි අර ෆොටෝ එකේ රනිල් නෑනෙ