මහ සෙනගක් අදත් කතරගමට - තොරතුරු හෙලි නොකරන්නැයි කපු මහතුන්ගෙන් බලපෑම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    11,200
    8,940
    113
    පවතින කොරෝනා අවධානම නොතකා ඊයේ දිනයේ මෙන්ම අද දිනයේද කතරගම පුජා නගරය සැදැහැවතුන්ගෙන් පීරි ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. මේ හේතුවෙන් කතරගම නගරය ආශ්‍රීතව දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙලෙස සැදැහැවතුන් පැමිණිම සහ ඇතිව තිබෙන අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටද මේ වන විට විවිධ බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.

    කතරගම දේවාලයන්හි කපු මහතුන් සහ මහා දේවාලය අසල පිහිටි විහාරස්ථානයක හිමිනමක් මෙලෙස කතරගම පුජා නගරයේ ඇති තොරතුරු හෙලි නොකරන ලෙස මාධ්‍යවේදීන්ට බලපෑම් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    පවතින තත්ත්වය ගෝලීය වසංගත තත්ත්වයක් බැවින් කතරගම ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩා වැටීමට ඒ හරහා ඉඩ නොදීමට කටයුතු කරන ලෙස එම කපුමහතුන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පවසා තිබෙනවා.
    පූජා භූමියට පැමිණෙන සැදැහැවතුන්ටද කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් සෑබැ තොරතුරු පවසා බිය වැද්දීම් නොකරන ලෙසයි එම කපු මහතුන් සහ හිමිනම ප්‍රාදේශීය වාර්තාකරුවන්ට බලපෑම් කර ඇත්තේ.

    නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ සෙල්ලකතරගම, වැඩිහිටිකන්ද, මාහා දේවාලය හා කිරිවෙහෙර ආශ්‍රීතව අද දිනයේද විශාල වශයෙන් රැස්ව සිටිනු දැක ගත හැකි වූ බවයි. රටේ පවතින අවධානම් තත්ත්වයද නොතකා කතරගම ගම් උදා භූමියේ ඊයේ රාත්‍රීයේ සංගීත සංදර්ශණයක් ද පවත්වා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තා වුණේ.

    මෙවන් දෑ සංවිධාන කරන පසුබිමක් තුල තිස්ස - කතරගම මාර්ගය ආශ්‍රීත ප්‍රදේශයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. ඒ, දිවුලපිටිය ප්‍රදේශයේ සිට කතරගමට පැමිණ වන්දනා නඩයක් නවාතැන් ගෙන සිටි ලැගුම් හලක් ආශ්‍රීතවයි. මෙම පිරිස නැවතී සිට ඇත්තේ කන්දේ විහාරය ආශ්‍රීත තාවකාලික නවාතැන් පොළකයි. පවතින තත්ත්වය සලකා ඒ ආශ්‍රීත නිවාසවල පිරිස් නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    උපදෙස් නොතකා ජනතාව මෙලෙස එක්රැස් වීම සම්බන්ධයෙන් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
     
    • Like
    Reactions: hodakolla