මාරාන්තික උපවාසයට හැමෝම බෑ කියති.. සේවකයන් වැඩට යති.. තෙල් විරෝධයට කිසිවෙකු නෑ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,926
    23,510
    113
    27
    ලොවෙත් නැති තැනක

    තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.​

    ඉන්ධන සැපයීම බෙදාහැරීම ‍අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති නිසා මේ වන විට තෙල් සේවකයන් අති බහුතරය පුරුදු පරිදි රාජකාරියට වාර්තා කරමින් සිටිති.​

    වෘත්තිය සංගම් නායකයන් සඳහන් කරන්නේ ආර්ථික ප්‍රශ්න නිසා තෙල් සේවකයන් ද අසරණ වී ඇති බවත් තම සටන වෙනත් ස්වරූපයකින් ඉදිරියට ගෙන බවත්ය.​

    ඒ අනුව සේවකයන් සේවයට වාර්තා කළද කිසිදු රාජකාරියක් නොකර සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද ඔවුහු පැවසූහ.​

    තම ඉල්ලීම් සම්බන්ධයෙන් පාලකයන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මාරාන්තික උපවාසයක් බවට සත්‍යග්‍රහය පරිවර්තනය කරන බව මුලින් පැවසූවද මාරාන්තික උපවාසයක් ඇරඹීම සඳහා කිසිදු සේවකයෙකු හෝ වෘත්තිය සංගම් නායකයෙක් ඉදිරිපත් නොවීම මත එයද අතහැර දමා තිබේ.​

    තෙල් සංස්ථාව පුද්ගලීකරණය නොකරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබිණි.​

    ඔවුන් විසින් ඉන්ධන බෙදාහැරීමට බාධා කළේ යැයි චෝදනා එල්ල කරමින් මේ වන විට වර්ජනය යෙදුණු වෘත්තිය සමිති නායකයන් ඇතුළු සේවකයන් විසිදෙනකු අනිවාර්ය නිවාඩු යවා විනය පරීක්ෂණ කැඳවා තිබේ.​

    පරීක්‍ෂණ පැවැත්වෙන කාලය තුළ ඔවුනට කිසිදු වැටුපක් ගෙවනු නොලබන අතර චෝදනාවන් වලදී වැරදිකරුවන් වුවොත් සේවයෙන් නෙරපා හරින අතර කිසිදු දීමනාවකට හෝ වන්දි මුදකටද හිමිකම් නොලබයි.​



    @yapa100 උඹ කිව්වනේද ගෝටත් ඔහොම ගැසට් ගැහුවා කියලා.... දැන් කොහොමද ගැසට් එක වැඩකරන හැටි.... බෙල්ල ගහල ගියත් තිරණ ගන්න බයවෙන්න හොඳ නෑ....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,643
    16,125
    113
    Auckland
    Ranil Sir!

    Slow Motion GIF by Looney Tunes
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,909
    79,910
    113
    ආශ්චර්යමත් රටක
    පරීක්‍ෂණ පැවැත්වෙන කාලය තුළ ඔවුනට කිසිදු වැටුපක් ගෙවනු නොලබන අතර පරීක්ෂණයෙන් පසු හිඟ වැටුප් සමඟ නැවත සේවයේ පිහිටුවනු ලැබේ. ඒ කාලය තුල ඔවුන් ආතල් එකේ ගෙදරට වී සිටිනු ඇත.

    කියල ඕක වෙනස් කරපන්. 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,249
    1,988
    113
    පරීක්‍ෂණ පැවැත්වෙන කාලය තුළ ඔවුනට කිසිදු වැටුපක් ගෙවනු නොලබන අතර පරීක්ෂණයෙන් පසු හිඟ වැටුප් සමඟ නැවත සේවයේ පිහිටුවනු ලැබේ. ඒ කාලය තුල ඔවුන් ආතල් එකේ ගෙදරට වී සිටිනු ඇත.

    කියල ඕක වෙනස් කරපන්. 😂 😂 😂 😂
    hemadama anthimata wenne meka thamai. minissungeth support eka thiyena nisa me parawath wenas wunoth hodai, balamu mokada wenne kiyala.
     

    Similar threads